E   |     |  

2026-06-10

පුවත් කාණ්ඩ : සභාවේ කටයුතු 

2026 ජුනි මස 10 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : පාර්ලිමේන්තු ප්‍රකාශන අධිවේගී තැපෑලෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත ලබා ගැනීම සම්බන්ධයෙන්


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    1988 අංක 83 දරන පනතින් සංශෝධිත (235 අධිකාරය වූ) රේගු ආඥා පනතේ 10අ වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2026 මැයි 15 දිනැති  අංක 2488/56 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය. 
(ii)    1988 අංක 83 දරන පනතින් සංශෝධිත (235 අධිකාරය වූ) රේගු ආඥා පනතේ 10අ වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2026 මැයි 17 දිනැති  අංක 2488/69 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.


කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපතිවරයා වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු රවි කරුණානායක මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) ජනක සේනාරත්න මහතා විසින් පිළිගන්වන ලදී.


පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හේමාලි වීරසේකර මහත්මිය 
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රත්න ගම‍ගේ මහතා  -  පෙත්සම් දෙකයි 
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා                    
(iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ගුණසේන මහතා                   
(v)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා              

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න 

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා



පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා
2026 හජ් වන්දනාවේදී වන්දනාකරුවන් මුහුණ දුන් දුෂ්කරතා  

(ii)    ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා
වඩමාරච්චි, පේදුරුතුඩුව ප්‍රදේශයේ ධීවරයින් දෙදෙනෙකු අතුරුදහන් වීම පිළිබඳ විස්තර 


වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය
අනුරාධපුර ළමා අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසද රැස්වීමේදී පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් වූ මාධ්‍ය වාර්තා



ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවට සභාව එකඟ විය - 

පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නිරීක්ෂණය කරනු ලැබූ කරුණු, 2026 ජනවාරි මස 06 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මඟින් නියම කර ඇති පරිදි පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා තවදුරටත් කාලය අවශ්‍ය වන බැවින්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102 ප්‍රකාරව එකී කාරක සභාවට ලබා දී ඇති කාලසීමාව,  2026 සැප්තැම්බර් 17 දින දක්වා දීර්ඝ කළ යුතු ය.



අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් විෂයයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(i)    ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති
(ii)    අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය



සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අමිල ප්‍රසාද් මහතා විසින් යෝජනා කරන ලදී. 


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1758 ට 2026 ජුනි මස 11 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.





සම්බන්ධිත පුවත්

2026-06-12

2026 ජුනි මස 12 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය2 : දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම3 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සහ තේරීම් කාරක සභාවේ රැස්වීම්කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීමශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41උ (1) ව්‍යවස්ථාව යටතේ ඉදිරිපත් කරනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ හත්වැනි වාර්තාව.ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    2024 වර්ෂය සඳහා දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව.(ii)    (188 අධිකාරය වූ) පුරාවස්තු ආඥාපනතේ 46 වගන්තිය සමඟ කියවිය යුතු 47 වගන්තිය යටතේ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2026 අප්‍රේල් 11 දින ඉදිරිපත් කරන ලද නියෝග.කාරක සභා වාර්තා පිළිගැන්වීම(i)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපතිවරයා වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු රවි කරුණානායක මහතා විසින් පිළිගන්වන ලදී.(ii)    දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරය සඳහා මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ තෙවැනි වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. එම්. ගාමිණී රත්නායක මහතා විසින් පිළිගන්වන ලදී.(iii)    පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා විසින් පිළිගන්වන ලදී.පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා - පෙත්සම් තුනයි (ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා - පෙත්සම් දෙකයි (iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා - පෙත්සම් දෙකයි (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i)    ගරු කේ. කාදර් මස්තාන් මහතාවවුනියාව නගර සභාවේ පරිපාලන හා මූල්‍යමය අක්‍රමිකතාගරු රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. (ii)    ගරු ජී. ජී. පොන්නම්බලම් මහතාඋතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් යුක්තිය පසිඳලීමට සිදුකරන අනවශ්‍ය මැදිහත්වීම්වරප්‍රසාදපාර්ලිමේන්තු මන්ත්‍රිනී ගරු නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2026 ජුනි 10 දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු පාර්ලිමේන්තුවේ සභානායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී. අද දින සභාවේ ප්‍රධාන කටයුතුපහත සඳහන් විෂයයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 75 සහ 76 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-(i)    ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති(ii)    පරිපූරක මුදල — ශීර්ෂය 240 —  වැඩසටහන 02කල් තැබීමේ යෝජනාව“2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාව” පිළිබඳ කල් තැබූ විවාදය තවදුරටත් පවත්වා අවසන් කරන ලදී.අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1730 ට 2026 ජුනි මස 23 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


2026-06-11

2026 ජුනි මස 11 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    2023 වර්ෂය සඳහා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ වාර්ෂික වාර්තාව.(ii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (iii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මහා භාරකාර දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා - පෙත්සම් තුනයි (ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා                    (iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා                    (iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එස්. අබ්දුල් වාහිද් මහතා (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතාවිනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ තීරණයගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. (ii)    ගරු රවී කරුණානායක මහතාදුම්කොළ ආශ්‍රිත රෝග, මරණ අවම කිරීම, නීති විරෝධී වෙළඳාමට එරෙහිව සටන් කිරීම සහ රජයට නීත්‍යානුකූලව ලැබිය යුතු ආදායම වැඩි කිරීම සඳහා ආණ්ඩුවේ උපාය මාර්ගයඅමාත්‍යාංශ නිවේදනවඩමාරච්චි, පේදුරුතුඩුව ප්‍රදේශයේ ධීවරයින් දෙදෙනෙකු අතුරුදහන් වීම පිළිබඳ විස්තර සම්බන්ධයෙන් 2026.06.10 දින ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය, ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පිළිතුරු ලබා දුන්නේ ය.ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවට සභාව එකඟ විය - දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවදිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නිරීක්ෂණය කරනු ලැබූ කරුණු, 2026 ජනවාරි 21 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මඟින් නියම කර ඇති පරිදි පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය වන බැවින්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102 ප්‍රකාරව එකී කාරක සභාවට ලබා දී ඇති කාලසීමාව, 2026 සැප්තැම්බර් 19 දින දක්වා දීර්ඝ කළ යුතු ය.අද දින සභාවේ ප්‍රධාන කටයුතුපහත සඳහන් විෂයයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-(i)    සමථකරණ (සිවිල් සහ වාණිජ ආරාවුල්) පනත් කෙටුම්පත(ii)    සාපරාධී කාරණාවල දී අන්‍යොන්‍ය සහයෝගිතාව දැක්වීමේ පනත යටතේ නියමයකල් තැබීමේ යෝජනාව“රටේ වත්මන් තත්ත්වය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා විසින් යෝජනා කරන ලදී. අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1755 ට 2026 ජුනි මස 12 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


2026-06-09

2026 ජුනි මස 9 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ1 : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ප්‍රකාශනය2 : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාවකථානායකවරයා විසින් කරනු ලබන නිවේදන3 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම4 : “මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය5 : ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සඳහා වැඩමුළුවක්6 : පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වැඩසටහනක්7 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමකථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීමශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─•    2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XLIX (49) කොටස; •    2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LVII (57) කොටස; සහ•    2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LIV (54) හා LV (55) කොටස් සහ නවවැනි කාණ්ඩයේ XXXIX (39) හා XL (40) කොටස් ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    2026 අංක 02 දරන පරිපූරක ඇස්තමේන්තුව.(ii)    2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 සහ 5 වගන්ති යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2026 මාර්තු 31 දිනැති අංක 2482/09 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය. (iii)    2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2026 මැයි 04 දිනැති අංක 2487/02 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය. (iv)    1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2026 මැයි 07 දිනැති අංක‍ 2487/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි.(v)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (vi)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවල රාජ්‍ය සේවා කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා. (vii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ අමාත්‍ය මණ්ඩල කාර්යාලය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (viii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මුදල් කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (ix)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) කාර්යාලය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (x)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ජාතික පොලිස් කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (xi)    1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව, 2026 මැයි 28 දිනැති අංක 2490/07 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයෙහි පළ කරමින් කරන ලද ප්‍රකාශනය.     (xii)    1988 අංක 83 දරන පනතින් සංශෝධිත (235 අධිකාරය වූ) රේගු ආඥා පනතේ 10අ වගන්තිය යටතේ ආනයනික භාණ්ඩ සඳහා අදාළ රේගු ආනයන තීරු බද්ද මත සාමාන්‍ය හෝ වරණීය පදනමින් පනවන ලද 50% ක් වූ අධිභාරයේ වලංගු කාලය තවදුරටත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2026 ජනවාරි 31 දිනැති අංක 2473/31 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය. (xiii)    1988 අංක 83 දරන පනතින් සංශෝධිත (235 අධිකාරය වූ) රේගු ආඥා පනතේ 10අ වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2026 මාර්තු 12 දිනැති අංක 2479/55 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය. (xiv)    2025 අංක 23 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය ප්‍රකාරව 2026.04.02 සිට 2026.04.29 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුව වැය ශීර්ෂ අංක 240 යටතේ සංවර්ධන කටයුතු වැඩසටහනෙන් වෙන්කර ඇති ප්‍රතිපාදන මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන.(xv)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (xvi)        ජාතික ඛනිජ ප්‍රතිපත්තිය - 2026. (xvii)    2025 වර්ෂය සඳහා ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.(xviii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (xix)    2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 1(2) වගන්තිය යටතේ එවකට බලශක්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2026 මාර්තු 05 දිනැති අංක 2478/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය. (xx)    2022 වර්ෂය සඳහා වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාව සහ ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ වාර්ෂික වාර්තාව.කාරක සභා වාර්තා පිළිගැන්වීමරජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පියතිස්ස මහතා                    (ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පත්මකුමාර මහතා  -  පෙත්සම් හතරයි (iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා  -  පෙත්සම් දෙකයි(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතාජාතික ආර්ථික, මූල්‍ය සහ මුදල් ප්‍රතිපත්ති පිළිබඳ විස්තරගරු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේය. (ii)    ගරු රවී කරුණානායක මහතාසමාජීය, ආර්ථික සහ මූල්‍ය ප්‍රතිලාභ සම්බන්ධයෙන් IMF ගිවිසුම පිළිබඳව රජයේ ඇගයුමඅමාත්‍යාංශ නිවේදන(i)    “දිට්වා” සුළි කුණාටුවෙන් සිදු වූ හානි සඳහා වන්දි ගෙවීම සම්බන්ධයෙන් 2026.01.07 දින ගරු හෙක්ටර් අප්පුහාමි මහතා විසින් අග්‍රාමාත්‍යතුමියගෙන් අසන ලද ප්‍රශ්නයට අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, ගරු ආචාර්ය හරිනි අමරසූරිය පිළිතුරු ලබා දුන්නා ය.(ii)    සංචාරක පැමිණීම සහ ඒක පුද්ගල සංචාරක ඉපැයීම් අතර විසන්ධිය සම්බන්ධයෙන් 2026.01.20 දින ගරු රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය, ගරු විජිත හේරත් මහතා පිළිතුරු ලබා දුන්නේ ය.අද දින සභාවේ ප්‍රධාන කටයුතුපහත සඳහන් විෂයයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 6 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-(i)    මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝගය (ii)    වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු පනත යටතේ නියමය (iii)    නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය (iv)    එකතු කළ අගය මත බදු පනත යටතේ නියමය(v)    පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ තීරණය(vi)    මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනා සම්මතය - ඡන්ද විමසීමක් පවත්වන ලදී (පක්ෂව 135; විරුද්ධව 07)අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1756 ට 2026 ජුනි මස 10 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


2026-05-22

2026 මැයි මස 22 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 106 සහ 78(ආ) වගන්ති සමඟ කියවිය යුතු 105 වගන්තිය යටතේ පාලක මණ්ඩලයේ සභාපති සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති විසින් සාදන ලදුව, 2026 මාර්තු 12 දිනැති අංක‍ 2479/54 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රීති. (ii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (iii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, ම‍ාතර, හම්බන්තොට, පුත්තලම, කුරුණෑගල, පොළොන්නරුව, මාතලේ, මහනුවර, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, බදුල්ල, මොනරාගල, යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාල සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා. (iv)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ බලශක්ති  අමාත්‍යාංශය (විදුලිබල අංශය) සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (v)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ආරක්ෂක අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා     (ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා      (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා‘සෙස්’ බද්ද සහ දේශීය කර්මාන්ත පිළිබඳ ගැටළු(ii)    ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතාශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම පිළිබඳ ගැටළුගරු මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. අමාත්‍යාංශ නිවේදනඅනාගත සයිබර් යුද්ධ සහ සංවිධානාත්මක සයිබර් අපරාධවලින් ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් 2026.05.19 දින ගරු රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා වෙනුවෙන් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය, ගරු එරංග වීරරත්න මහතා පිළිතුරු ලබා දුන්නේ ය. ශෝක ප්‍රකාශ යෝජනාපහත සඳහන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:- (i)    අභාවප්‍රාප්ත ගරු (මහාචාර්ය) තිස්ස විතාරණ මහතා(ii)    අභාවප්‍රාප්ත ගරු එස්. සී. මුතුකුමාරණ මහතා(iii)    අභාවප්‍රාප්ත ගරු චන්ද්‍රදාස ගලප්පත්ති මහතා(iv)    අභාවප්‍රාප්ත ගරු නන්දන ගුණතිලක මහතා(v)    අභාවප්‍රාප්ත ගරු ජනක් මහේන්ද්‍ර අධිකාරී මහතා(vi)    අභාවප්‍රාප්ත ගරු ටී. කනගසබෙයි මහතාසභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන වැලිපිටිය මහතා(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතාඅනතුරුව, පාර්ලිමේන්තුව පැය  1629 ට 2026 ජුනි මස 9 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks