පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2026-03-24
පුවත් කාණ්ඩ : පුවත්
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් මහතා 2026.03.20 වන දින ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද සහභාගී වූවාය.
මහ කොමසාරිස්වරයා සාදරයෙන් පිළිගත් ගරු කථානායකතුමා, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඕස්ට්‍රේලියාව දීර්ඝකාලීනව ලබා දී ඇති සහයෝගය පිළිබඳව ශ්‍රී ලංකාවේ අවංක කෘතඥතාව පළ කළේය. විශේෂයෙන්ම, මෑතකදී ඇති වූ 'දිට්වා' සුළි කුණාටුවෙන් සිදු වූ විපතින් අනතුරුව ඕස්ට්‍රේලියාව විසින් ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 3.5ක් වටිනා මානුෂීය ආධාර ලබා දීම සම්බන්ධයෙන් ගරු කථානායකතුමා විශේෂ කෘතඥතාව පළ කළේය.
ශ්‍රී ලංකාවේ කාර්යක්ෂම ආපදා ප්‍රතිචාර යාන්ත්‍රණය සහ මෙරටට සංචාරකයින්ගේ ආරක්ෂාව පිළිබඳ අඛණ්ඩ සහතිකය තහවුරු කරමින්, සුළි කුණාටුව අතරතුර කිසිදු සංචාරකයෙකුට හානියක් සිදු නොවූ බව ගරු කථානායකතුමා අවධාරණය කළේය.
රජයේ දැනට ක්‍රියාත්මක වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා තරුණයින් සඳහා වෘත්තීය පුහුණු අවස්ථා ශක්තිමත් කිරීම සඳහා ගන්නා පියවර පිළිබඳව ද ගරු කථානායකතුමා මෙහිදී අවධානය යොමු කළේය. ප්‍රමුඛ පෙළේ ගෝලීය අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් ලෙස ඕස්ට්‍රේලියාවේ වැදගත්කම සඳහන් කරමින්, අදාළ පාර්ශ්වකරුවන් සමඟ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.
ඕස්ට්‍රේලියානු ආයෝජකයින්ටද ගරු කථානායකවරයා ආරාධනයක් කළ අතර, ආයෝජනය සඳහා ශ්‍රී ලංකාව සාමකාමී සහ හිතකර ගමනාන්තයක් බව අවධාරණය කළේය. ව්‍යාපාර කිරීමේ පහසුව වැඩිදියුණු කිරීම සඳහා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද ඔහු පැහැදිලි කළේය. විධිමත් තනි කවුළු පහසුකම් යාන්ත්‍රණයක් (single-window) හඳුන්වා දීම මෙන්ම අල්ලස හා දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා ගෙන ඇති පියවර ඔහු පෙන්වා දුන්නේය. තවද, ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය මඟින් පාර්ලිමේන්තු සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කමද ඔහු සඳහන් කළ අතර, ජාත්‍යන්තර අවස්ථාවලදී ඕස්ට්‍රේලියාව විසින් ලබා දෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳවද කෘතඥතාව පළ කළේය.
මෙහිදී ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා පුළුල් පරාසයක ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව තවදුරටත් තහවුරු කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ කැපවීම නැවත තහවුරු කළේය. මෑතකදී ඇති වූ 'දිට්වා' සුළි කුණාටුව ඵලදායී ලෙස කළමනාකරණය කිරීම, විශේෂයෙන් සංචාරකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම පිළිබඳව, ශ්‍රී ලංකා රජය හා ජනතාවට ඔහු ප්‍රශංසා කළේය.
තවද, දැනට ශ්‍රී ලාංකික සිසුන් 20,000ක් පමණ ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටින බව සඳහන් කළ ඒ මහතා, අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ අපේක්ෂාව ද ප්‍රකාශ කළේය.
සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, මෙම වසර තුළ තවත් ඕස්ට්‍රේලියානු සංචාරකයින් වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය. ශ්‍රී ලංකා වෙළඳපොළේ පරිප්පු ඇතුළු ඕස්ට්‍රේලියානු කෘෂිකාර්මික නිෂ්පාදන පවතින බව ඔහු තවදුරටත් පෙන්වාදුන් අතර, විශේෂයෙන්ම කෘෂිකාර්මික අංශයේ ද්විපාර්ශ්වික වෙළඳාම පුළුල් කිරීමේ හැකියාව පිළිබඳවද අවධානය යොමු කළේය.
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින කල් පවත්නා සහ මිත්‍රශීලී සබඳතා පිළිබිඹු කරමින්, විවිධ ක්ෂේත්‍ර හරහා සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වූ අන්‍යෝන්‍ය කැපවීම දෙපාර්ශ්වය විසින් මෙහිදී නැවත තහවුරු කරන ලදී.
2026-06-08
පාර්ලිමේන්තු කථා පරිවර්තකයන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම මෑතකදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කමිටු අංක 02 කාමරයේ දී පැවැත්විණි. එහිදී 2026 වසර සඳහා නව නිලධාරී මණ්ඩලය ලෙස පහත සඳහන් මහත්ම මහත්මීන් තේරී පත් වූහ. ඒ අනුව සංගමයේ නව සභාපතිවරයා ලෙස බී.එම්. රසීල් මහතා සහ උප සභාපතිවරයා ලෙස එම්.අයි.එම්. ෆාසි මහතා තේරී පත්විය. නව ලේකම්වරයා ලෙස සී. මනිමාරන් මහතා සහ භාණ්ඩාගාරික ලෙස එම්.ටී. සෙයිනුර් රිෆා මහතා තෝරා පත් කර ගැනීමද එහිදී සිදුවිය. පාර්ලිමේන්තු කථා පරිවර්තකයන්ගේ සංගමයේ නව සහකාර ලේකම් ලෙස ඩී. තුලාංකනි මෙනවිය සහ විධායක කමිටු සාමාජිකයින් ලෙස එම්. මයුරේෂන් සහ ඒ.ඒ.එස්. සෆායා යන මහත්ම මහත්මීන් තේරී පත්විය.අභිනවයෙන් තේරී පත් වූ නිලධාරී මණ්ඩලය, ප්‍රධාන පාර්ලිමේන්තු කථා පරිවර්තක නීතිඥ සී.ජේ. කරුණාරත්න මහතා සහ නියෝජ්‍ය ප්‍රධාන පාර්ලිමේන්තු කථා පරිවර්තකයන් වන ඒ.ජී.එම්. ෆික්රි මහතා, ඒ. සරවනභවානන්දන් මහතා සහ එන්.බී.සී.ජේ. නිස්සංග මිය සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ.
2026-06-04
දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (ජුනි 03) සිය සහතිකය සටහන් කළේය.දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය 2026 මැයි 19 වන දින පැවැත්වුණු අතර එහිදී එම පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත විය.2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධන සහිතව සම්මත කිරීම මගින් බදු පරිපාලන ක්‍රියාවලීන් නවීකරණය කිරීම, පවතින ප්‍රතිපාදන වඩාත් පැහැදිලි කිරීම, බදු අනුකූලතාවය සහ බදු නීති බලාත්මක කිරීම සහ ශක්තිමත් කිරීම සිදු කෙරේ. එමෙන්ම, බදු ගණනය කිරීම් සහ බදු අඩු කිරීම් වඩාත් නිවැරදි කිරීම, උපායමාර්ගික ආර්ථික අවශ්‍යතාවලට සහයෝගය දැක්වීම මෙන්ම විනිවිදභාවය සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ ශ්‍රම ශක්තිය ඉහළ නැංවීම ද මෙම පනතේ අරමුණු වේ.සුවිශේෂී මූල්‍ය ගනුදෙනුවලදී බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංක (TIN) සහතිකය භාවිත කිරීම අනිවාර්ය කිරීම, ආදායම් ගණනය කරන ආකාරය පිළිබඳව සංශෝධන කිහිපයක් සිදු කිරීම, විශේෂිත ව්‍යාපෘති සහ ව්‍යාපාර සඳහා ලබාදෙන බදු නිදහස් කිරීම් වඩාත් පැහැදිලි කිරීම, අදාළ බලධාරීන් වෙත තොරතුරු හෙළිදරව් කිරීමේ පරාසය පුළුල් කිරීම යන ප්‍රධානතම වෙනස්කම් කිහිපයක් මෙම නව පනත මඟින් හඳුන්වා දී ඇත.ඒ අනුව දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත, 2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.
2026-06-03
පාර්ලිමේන්තුව ජුනි 09 සිට 12 දක්වා රැස්වීමට නියමිත ය.ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජුනි 01) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ඉහත දිනවලට අදාළ පාර්ලිමේන්තු කටයුතු පහත සඳහන් ලෙස තීරණය කොට තිබේ.ඒ අනුව පාර්ලිමේන්තුව රැස් වන සෑම දිනකම පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇත. පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. 10 වැනි බදාදා දින පමණක් පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 දක්වා කාලය අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. ජුනි 09 අඟහරුවාදා පෙ. ව. 11.30 සිට ප.ව. 2.30 දක්වා මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත යටතේ වන නියෝග, වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන පනත යටතේ වන නියමය, නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ වන නියමය, එකතු කළ අගය මත බදු පනත යටතේ වන නියමය සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 යටතේ වූ තීරණයක් විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිත ය. පසුව ප.ව. 2.30 සිට ප.ව. 5.30 දක්වා මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනා සම්මතය විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිතව තිබේ.ජුනි 10 බදාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා විදුලි සංදේශ බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමටත්, අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ වන යෝජනා සම්මතය විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමටත් නියමිත ය. ඉන් පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.ජුනි 11 බ්‍රහස්පතින්දා පෙ.ව. 11.30 සිට ප.ව. 1.30 දක්වා සමථකරණ (සිවිල් සහ වාණිජ ආරවුල්) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට සහ සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත යටතේ වන නියමය විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිතව ඇත. පසුව ප.ව. 1.30 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.ජුනි 12 සිකුරාදා පෙ.ව. 11.30 සිට ප.ව. 2.30 දක්වා කාලය ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති සහ රුපියල් බිලියන 20ක පරිපූරක ඇස්තමේන්තුව විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට යෝජනා වී ඇත. එදින ප.ව. 2.30 සිට ප.ව. 5.30 දක්වා 2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ආර්ථික විවරණය පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් 2026.05.20 ආරම්භ කරන ලද සභාව කල් තැබීමේ විවාදය තවදුරටත් පවත්වාගෙන යාමට නියමිත ය. මීට අමතරව, ගරු කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) අනිල් ජයන්ත මහතාගේ ඉල්ලීම පරිදි, වර්තමාන මූල්‍ය ප්‍රතිපත්තිය හා ඒ හා සම්බන්ධ කරුණු පිළිබඳ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මේ මස 10 වැනි දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමටද මෙහිදී අනුමතිය හිමි විය.
2026-06-03
සිය සේවා කාලය අවසන් කර ධුරයෙන් නික්ම යන ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් (වෛද්‍ය) සත්‍යාංජල් පාණ්ඩේ මහතා, ගරු කථානායක (වෛද්‍ය ) ජගත් වික්‍රමරත්න මහතා හමු විය. පාර්ලිමේන්තුවේදී පසුගියදා (01) පැවැති මෙම හමුව සඳහා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක්ව සිටියාය.මෙම හමුවේදී, ධුරයෙන් නික්ම යන නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා සුහද පාර්ලිමේන්තු සබඳතා සහ දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ලබාදුන් සහයෝගය සහ මඟපෙන්වීම වෙනුවෙන් ගරු කථානායකවරයා වෙත සිය කෘතඥතාව පළ කළේය. එමෙන්ම, දෙරටේ ව්‍යවස්ථාදායකයන් අතර සම්බන්ධතා සහ සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා ලබාදුන් සහයෝගය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට ද ඒ මහතා සිය ස්තුතිය පළ කළේය.වෛද්‍ය පාණ්ඩේ මහතා ශ්‍රී ලංකාව තුළ ඉටුකළ සේවය මෙහිදී ගරු කථානායකවරයාගේ ඇගයීමට ලක්වූ අතර, අසීරු අවස්ථාවන්වලදී ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය වෙනුවෙන් ඉන්දියානු රජයට සහ ජනතාවට එතුමා සිය ස්තුතිය පුද කළේය. විශේෂයෙන්ම, මෑතකදී මෙරටට බලපෑ 'දිත්වා ' සුළි කුණාටුවෙන් පසුව ඉන්දියාව ලබාදුන් සහාය මෙන්ම, මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මතුව ඇති අභියෝග හමුවේ ලබාදෙන අඛණ්ඩ සහයෝගය ද මෙහිදී කථානායකවරයාගේ විශේෂ ඇගයීමට ලක්විය. එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ප්‍රගතිය උදෙසා ඉන්දියාව විසින් ලබාදෙන පුහුණු සහ ධාරිතා සංවර්ධන වැඩසටහන් පිළිබඳව ද ගරු කථානායකවරයා සිය කෘතඥතාව පළ කළේය.නියෝජ්‍ය මහ කොමසාරිස් වෛද්‍ය පාණ්ඩේ මහතා, ගරු නියෝජ්‍ය කථානායක ( වෛද්‍ය) රිස්වි සාලි මහතා ද හමු වූ අතර, ශ්‍රී ලංකාවේදී සිය සේවා කාලය තුළ ලබාදුන් සහය පිළිබඳව සිය කෘතඥතාව පළ කළේය. ගරු නියෝජ්‍ය කථානායකවරයා, වෛද්‍ය පාණ්ඩේ මහතා දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ලබාදුන් දායකත්වය ඇගයීමට ලක් කළ අතර, දෙරට අතර පාර්ලිමේන්තු සහයෝගීතාව වර්ධනය කිරීම උදෙසා ඒ මහතා ගත් උත්සාහයන් වෙනුවෙන් ද සිය ස්තුතිය පළ කළේය.මෙම සුහද සාකච්ඡාවලදී, ගරු කථානායකවරයා සහ නියෝජ්‍ය කථානායකවරයා වෛද්‍ය පාණ්ඩේ මහතාගේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සිය සුබපැතුම් එක් කළහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි. | Text.privacy_policy
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks