පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025-12-01
පුවත් කාණ්ඩ : පුවත්
2025-12-02
වසර 19 ක් පුරා ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය නව විශේෂාංග රැසක් සමඟින් නව්‍යකරණය කර 2025.11.27 වන දින පාර්ලිමේන්තුවේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එළි දැක්වීම සිදුවිය.මේ අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහභාගී වී සිටියහ.ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වෙබ් අඩවිය ප්‍රථම වරට නිර්මාණය කර ජනතාවට එළිදක්වා ඇත්තේ 2006 වර්ෂයේදීය. ඒ අතරතුර කාලය තුළ දෙවතාවක් පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය නව්‍යකරණයන්ට ලක් කෙරුණු අතර තුන්වැනි නව්‍යකරණය සිදුකරමින් පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය මෙලෙස එළිදක්වන ලදී.ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත, පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු මහලේකම් මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයේ (NDI) පුර්ණ අනුග්‍රහයෙන් මෙම වෙබ් අඩවියේ ප්‍රතිසංස්කරණ කටයුතු පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් ටෙක්ගීක්ස් (පුද්) සමාගම සමඟ සහයෝගයෙන් සිදුකර ඇත.නව පාර්ලිමේන්තු වෙබ් අඩවිය නවීන අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස වඩාත් පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව සහ තවත් විශේෂාංග රැසක් එක් කරමින් නිර්මාණය කර ඇත. වෙබ් අඩවියේ "My Parliament" නැතහොත් "මගේ පාර්ලිමේන්තුව" ද්වාරය මඟින් සෑම පුරවැසියෙකුටම පාර්ලිමේන්තුව සහ එහි මන්ත්‍රීවරුන් සමඟ සෘජුවම සම්බන්ධවීමේ හැකියාව ලබා දී ඇති අතර වෙබ් අඩවියේ ලියාපදිංචි වීම ඔස්සේ මහජනතාවට පාර්ලිමේන්තුව මගින් සපයන සේවාන් වඩාත් පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව හිමිවේ. තවද පාර්ලිමේන්තුව සමග කටයුතු කරන රාජ්‍ය සේවකයින්ට මේ ලියාපදිංචි වීම හරහා එම කටයුතු පහසු කරගැනීමටද අවස්ථාව පවතී.පාර්ලිමේන්තු වෙබ් අඩවිය රාජ්‍ය අංශයේ සම්මානලාභී වෙබ් අඩවියක් වන අතර වසර ගණනාවක් තිස්සේ ජාතික මට්ටමේ තරඟවලදී "හොඳම රජයේ වෙබ් අඩවිය" සහ "හොඳම බහුභාෂා වෙබ් අඩවිය" ලෙස සම්මානයට පාත්‍ර වී ඇත. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාවලින් ක්‍රියාත්මක වන පාර්ලිමේන්තු වෙබ් අඩවිය සඳහා අනාගතයේදී සිදුකළ යුතු වැඩිදියුණු කිරීම් ද මේ වන විට සැලසුම් කර ඇත.මේ අවස්ථාව සඳහා තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එන්.බී.යූ. නවගමුව මහතා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම ටෙක්ගීක්ස් (පුද්.) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ කසුන් ගමගේ මහතා ඇතුළු එම සමාගමේ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.
2025-12-02
දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පසුගියදා තේරී පත් විය.මෙම සංගමය දසවැනි පාර්ලිමේන්තුව සඳහා පිහිටුවීමේ රැස්වීම පසුගියදා (නොවැ. 27) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් සැන්ඩිල් එඩ්වින් ෂාල්ක් මහතා (Sandile Edwin Schalk) ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය. අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.මෙහිදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතා සංගමයේ ලේකම් ලෙස තේරී පත් වූ අතර ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා සංගමයේ භාණ්ඩාගාරික ලෙස තේරී පත් විය.1994 වසරේදී විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමත් සමඟ ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දිගුකාලීන සම්බන්ධතා මෙම රැස්වීමේදී දෙපාර්ශ්වයම අවධාරණය කළහ. අංශ ගණනාවක් ඔස්සේ දෙරට අතර බෙදාගන්නා ලද අන්‍යෝන්‍ය සහයෝගය මෙහිදී ගෞරවයෙන් සිහිපත් කෙරිණි. සංචාරක, අධ්‍යාපනය සහ වෙළඳාම යන ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීමට ඇති හැකියාව මෙහිදී අවධාරණය කරන ලදී. ජාතිය ගොඩනැගීම සහ සංහිදියාව ඇති කිරීමේ ක්‍රියාවලීන්හි දකුණු අප්‍රිකාවේ අත්දැකීම් බෙදා ගැනීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු විය.මෙම රැස්වීමට ප්‍රථම, දකුණු අප්‍රිකානු මහ කොමසාරිස්වරයා සහ ගරු කථානායකවරයා අතර හමුවක්ද පැවැත්විණි. මෙහිදී ජාතික සමගිය වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයන් මහකොමසාරිස්වරයාගේ ඇගයීමට ලක්වූ අතර එම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා දකුණු අප්‍රිකාව ඔවුන්ගේ සහයෝගය ලබා දීමට අපේක්ෂා කරන බවද ප්‍රකාශ කළේය.
2025-12-01
2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ 12 වන දිනය වන අද දින (දෙසැ. 01) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ පරිසර අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැය ශිර්ෂ විවාදයකින් තොරව, සංශෝධන සහිතව සම්මත විය.
2025-11-28
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මදු ඉස්මායිල් මුත්තු මුහම්මදු මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වන බව අද (නොවැ. 28) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ අතර සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය වෙත භාර දී ඇත.මේ අනුව අද දින සිට බල පැවැත්වෙන පරිදි මුහම්මදු ඉස්මායිල් මුත්තු මුහම්මදු මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් දස වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබේ. 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64 (5) වගන්තිය ප්‍රකාරව මෙම දැනුම් දීම සිදුකර ඇත.මුහම්මදු ඉස්මායිල් මුත්තු මුහම්මදු මහතා සමගි ජන බලවේගය නියෝජනය කරමින් ජාතික ලැයිතු මන්ත්‍රීවරයෙක් ලෙස 2024 දෙසැම්බර් මස 17 දින දසවැනි පාර්ලිමේන්තුවේ දිවුරුම් දීම සිදු කරන ලද අතර ප්‍රථම වරට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයයෙක් ලෙස දස වැනි පාර්ලිමේන්තුවට පත් විය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks