01

E   |   த   |  

2024-03-06

පුවත් කාණ්ඩ : පුවත් 

ගරු කථානායකතුමාගේ නිවේදන - 2024.03.06

කාරක සභා සඳහා නාම යෝජනා අනුව සාමාජික මන්ත්‍රීවරයන් නම් කෙරේ

පාර්ලිමේන්තුව විසින් 2024 පෙබරවාරි 09 දින සම්මත කරන ලද යෝජනා අනුව, නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේ සේවය කිරීම සඳහා, පහත සඳහන් කාරක සභාවලට පත් කරන ලද සාමාජික මන්ත්‍රීවරයන්ගේ නාම ලේඛන කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (මාර්තු 06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව

ඒ අනුව ගරු ඩලස් අලහප්පෙරුම, ගරු කබීර් හෂීම්, ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර, ගරු නීතිඥ තලතා අතුකෝරල, ගරු ජී. ජී. පොන්නම්බලම්, ගරු හේෂා විතානගේ, සහ ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය යන මන්ත්‍රීවරයන් උක්ත කාරක සභාවට නම් කොට තිබේ.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 හි විධිවිධාන සහ  2024 පෙබරවාරි 09 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව, රජයේ ගිණුම්  පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා ගරු තිස්ස අත්තනායක, ගරු කබීර් හෂීම්, ගරු නිරෝෂන් පෙරේරා, ගරු ජේ. සී. අලවතුවල ගරු අශෝක් අබේසිංහ, ගරු සිවඥානම් ශ්‍රීතරන්, ගරු හෙක්ටර් අප්පුහාමි, ගරු එම්. උදයකුමාර්, ගරු වීරසුමන වීරසිංහ සහ ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය යන මන්ත්‍රීවරයන් නම් කොට ඇත.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා, පහත සඳහන් මන්ත්‍රීවරයන් ද තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව කථානායකවරයා දැනුම් දුන්නේය. ඒ අනුව ගරු අනුර දිසානායක, ගරු නීතිඥ රවුෆ් හකීම්, ගරු ඩිලාන් පෙරේරා, ගරු දයාසිරි ජයසේකර, ගරු ඉරාන් වික්‍රමරත්න, ගරු නලින් බණ්ඩාර ජයමහ, ගරු එස්. එම්. මරික්කාර්, ගරු හේෂා විතානගේ , ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, ගරු ගාමිණී වලේබොඩ සහ ගරු (මහාචාර්ය) චරිත හේරත් යන මන්ත්‍රීවරයන් නම් කොට තිබේ.

මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව

2024 පෙබරවාරි මස 09 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා, තේරීම් කාරක සභාව විසින් ගරු ඉම්තියාස් බාකීර් මාකාර්, ගරු පලනි දිගම්බරම්, ගරු දිලිප් වෙදආරච්චි, ගරු ගෝවින්දන් කරුණාකරම්, ගරු තුෂාර ඉඳුනිල් අමරසේන, ගරු රෝහිණි කුමාරි විජේරත්න, ගරු වරුණ ලියනගේ සහ ගරු නිමල් පියතිස්ස යන මන්ත්‍රීවරයන් පත් කොට තිබේ.

ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව

ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ සේවය කිරීම සඳහා, නියෝජ්‍ය කථානායකවරයාගේ සභාපතිත්වයෙන්, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා සමග ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න, ගරු ෆයිසාල් කාසිම්, ගරු අජිත් මාන්නප්පෙරුම, ගරු ගෝවින්දන් කරුණාකරම්, සහ ගරු ඉම්රාන් මහරූෆ් යන මන්ත්‍රීවරයන් නම් කොට තිබේ.

ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව

ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා, කථානායකවරයාගේ සභාපතිත්වයෙන්, නියෝජ්‍ය කථානායකවරයා, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා සමග ගරු මයන්ත දිසානායක , ගරු චාල්ස් නිර්මලනාදන්, ගරු කේ. සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරයන් නම් කොට තිබේ.

ගෘහ්‍ය කාරක සභාව

ස්ථාවර නියෝග 117 හි විධිවිධාන සහ 2024 පෙබරවාරි 09 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව, ගෘහ්‍ය කාරක සභාවේ සේවය කිරීම සඳහා කථානායකවරයාගේ සභාපතිත්වයෙන් පහත සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කරන ඇත. ගරු (ආචාර්ය) වී. රාධක්‍රිෂ්ණන්, ගරු ජේ. සී. අලවතුවල, ගරු චාල්ස් නිර්මලනාදන් සහ ගරු කිංස් නෙල්සන් යන මන්ත්‍රීවරයන් කොට තිබේ.

පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාව

පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාවේ සේවය කිරීම සඳහා, ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සභාපතිවරයා වූ ද, විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සමග ගරු සු. නෝගරාදලිංගම්, ගරු සෙල්වරාජා කජේන්ද්‍රන්, ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන, ගරු කිංස් නෙල්සන්, ගරු රෝහණ බංඩාර, ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, ගරු නයන වාසලතිලක සහ ගරු ජගත් ප්‍රියංකර යන මන්ත්‍රීවරයන් නම් කොට තිබේ.

බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 122 හි විධිවිධාන සහ  2024 පෙබරවාරි 09 පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව, බැංකුකරණය සහ මූල්‍ය සේවා  පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා, ගරු උදය ගම්මන්පිල, ගරු ඉරාන් වික්‍රමරත්න, ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා, ගරු අජිත් මාන්නප්පෙරුම, ගරු බී. වයි. ජී. රත්නසේකර, සහ ගරු එම්. ඒ. සුමන්තිරන් යන මන්ත්‍රීවරයන් නම් කොට තිබේ.

ආර්ථික ස්ථායිකරණය පිළිබඳ කාරක සභාව

ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා, පහත සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කර තිබේ. ඒ අනුව ගරු විමල් වීරවංශ, ගරු මනෝ ගනේෂන්, ගරු (ආචාර්ය) නාලක ගොඩහේවා, ගරු සිවඥානම් ශ්‍රීතරන්, ගරු හෙක්ටර් අප්පුහාමි, ගරු වරුණ ලියනගේ යන මන්ත්‍රීවරයන් නම් කොට තිබේ.

ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 124 හි විධිවිධාන සහ  2024 පෙබරවාරි 09 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව, ක්‍රම හා විධි  පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා, ගරු පාඨලී චම්පික රණවක, ගරු වාසුදේව නානායක්කාර , ගරු අශෝක් අබේසිංහ, ගරු ධර්මලිංගම් සිද්ධාර්ථන්, ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර යන මන්ත්‍රීවරයන් නම් කොට තිබේ.

 

අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා

1.    ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
       ගරු ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා


2.    මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
       ගරු කබීර් හෂීම් මහතා
       ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා


3.    තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
       ගරු මයන්ත දිසානායක මහතා
       ගරු ඉම්රාන් මහරූෆ් මහතා


4.    කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
       ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය
       ගරු ජගත් ප්‍රියංකර මහතා


5.    වරාය, නාවික හා ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
       ගරු තිස්ස අත්තනායක මහතා
       ගරු හේෂා විතානගේ මහතා


6.    ආයෝජන ප්‍රවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව.
       ගරු නිරෝෂන් පෙරේරා මහතා
       ගරු ඉරාන් වික්‍රමරත්න මහතා


7.    ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
       ගරු විජිත හේරත් මහතා
       ගරු දිලිප් වෙදආරච්චි මහතා


8.    අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
       ගරු චාල්ස් නිර්මලනාදන් මහතා
       ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මිය


9.    ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
       ගරු ගයන්ත කරුණාතිලක මහතා
       ගරු ඉම්තියාස් බාකීර් මාකාර් මහතා


10.    සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
        ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා
        ගරු ෆයිසාල් කාසිම් මහතා


11.    ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
        ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා


12.    කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
        ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා
        ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා


13.    වනජීවී හා වනසම්පත් සංරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
        ගරු කිංස් නෙල්සන් මහතා
        ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා


14.   අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
        ගරු නීතිඥ තලතා අතුකෝරල මහත්මිය
        ගරු ජී. ජී. පොන්නම්බලම් මහතා


15.    කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
         ගරු රිසාඩ් බදියුදීන් මහතා
         ගරු බුද්ධික පතිරණ මහතා


16.    නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
        ගරු මනෝ ගනේෂන් මහතා
        ගරු එස්. එම්. මරික්කාර් මහතා


17.    විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
        ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා
        ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා


18.    බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
        ගරු තිස්ස අත්තනායක මහතා
        ගරු කේ. සුජිත් සංජය පෙරේරා මහතා


19.   විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
       ගරු නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා
       ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා


20.   පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
        ගරු (මහාචාර්ය) චරිත හේරත් මහතා


21.    ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
         ගරු හර්ෂණ රාජකරුණා මහතා
         ගරු හේෂා විතානගේ මහතා


22.    වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
         ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා
         ගරු රෝහණ බංඩාර මහතා


23.    කම්කරු හා විදේශ රැකියා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
         ගරු හෙක්ටර් අප්පුහාමි මහතා
         ගරු පලනි දිගම්බරම් මහතා


24.    මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
         ගරු දයාසිරි ජයසේකර මහතා
         ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා


25.    රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
         ගරු වේලු කුමාර් මහතා
         ගරු කේ. සුජිත් සංජය පෙරේරා මහතා

 



සම්බන්ධිත පුවත්

2026-11-14

වන අලි හා දුම්රිය ගැටුම් අවම කිරීම සඳහා තිරසර විසඳුම් හඳුන්වා දීම

දුම්රියේ ගැටී අලි ඇතුන් මිය යාම වැළැක්වීම සඳහා තිරසර විසඳුමක් ලබා දීමේ අරමුණින් ගනු ලැබූ ක්‍රියාමාර්ග රැසක් සභාගත කෙරෙයි. මෙම ක්‍රියාමාර්ග මඟින් දුම්රිය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, දුම්රිය සේවකයන් දැනුවත් කිරීම, වන අලි වාසස්ථාන කළමනාකරණය කිරීම සහ නවීන නිරීක්ෂණ හා හඳුනාගැනීමේ තාක්ෂණයන් හඳුන්වා දීම තුළින් දුම්රියේ ගැටී වන අලි මිය යාම අවම කිරීම අරමුණු කර ඇත.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පරිසර ගරු අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ සභාගත කළ පිළිතුරෙන් ඉහත කරුණු අනාවරණය විය. පාර්ලිමේන්තුවේ දී  සභාගත කරන ලද පිළිතුරට අනුව ,දුම්රිය දෙපාර්තමේන්තුවේ නැගෙනහිර දුම්රිය මාර්ගයේ දෙපස හොඳින් දර්ශනය වන හා වඩා හොඳින් වේගය පාලනය කළ හැකි දියුණු දුම්රිය කට්ටල හඳුන්වා දීම මෙන්ම ගල්ඔය හන්දියේ සිට හිඟුරක්ගොඩ හා ගල්ඔය හන්දියේ සිට කන්තලේ දෙසට සම්පූර්ණයෙන් අලි මාරුවන දුම්රිය මාර්ගය කි.මී. 27 ක් හඳුනාගෙන ඇති අතර එම ස්ථානවල ගල්අතුරා වන අලින්ට පහසුවෙන් ගමන් කිරීමට හැකිවන පරිදි දුම්රිය මාර්ගයේ සිල්පර අතර හිස්තැන් පිරීයන පරිදි කොන්ක්‍රීට් ගල් කියුබ් 800 ක් අතුරා අවසන් කොට ඇත.දුම්රිය මාර්ගයේ සමහර ස්ථානවල හා වංගු සහිත ස්ථානවල ගැවසෙන වන අලින් දුම්රිය රියදුරන්ට නොපෙනෙන බැවින් එම ස්ථානවල මීටර් 10 සිට 20 දක්වා යටි පඳුරු ඉවත් කිරීමට කටයුතු කරන අතර මේ යටතේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කි.මී. 20 ක් සුද්ද පවිත්‍ර කොට තිබේ.දුම්රිය දෙපාර්තමේන්තුවේ රියදුරන්, දුම්රිය ස්ථානාධිපති, දුම්රිය මාර්ග භාරව කටයුතු කරන ඉංජිනේරුවරුන් හා දුම්රියේ රියදුරු සහායක නිලධාරීන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් 2025.05.16 හා 17 යන දිනයන්හි සිදු කෙරිණි.හබරණ දුම්රිය ස්ථානය පසුකර කන්තලේ දෙසට ගමන් කිරීමේදී හමුවන වනසංරක්ෂණ රක්ෂිතය තුළ දුම්රිය මාර්ගයෙන් සැලකිය යුතු දුරින් ඔබ්බට ජලය සපයා ගැනීමට හැකියාවක් ඇති වැව් දෙකක් ඉදි කිරීම හා සුපෝෂණ කටයුතු සඳහා රු. මිලියන 25.4 ක ප්‍රතිපාදන වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇත. ගල්ඔය හා මින්නේරිය අතර 141 ස්ථානයේ කාසිකොටේ දුම්රිය මාර්ගය හරහා අලි ගමන් කරන ස්ථානය නිරීක්ෂණය සඳහා CCTV Camera සවි කර ඇති අතර එය, අනුරාධපුර මෙහෙයුම් මැදිරිය මඟින් නිරීක්ෂණ කටයුතු කෙරෙන අතර වන අලි හඳුනා ගැනීම සඳහා Thermal Detector Camera දුම්රිය මත සවි කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරමින් අඛණ්ඩව පරීක්ෂණ කටයුතු ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ආතර් සී ක්ලාක් පර්යේෂණ ආයතනය මගින් සිදු කෙරෙයි. දුම්රියේ ගැටීමෙන් 2020 වර්ෂයේ සිට 2026.10.12 දක්වා කාලය තුළ අලි ඇතුන් 81 දෙනෙකු මියගොස් ඇති බව සභාගත කළ වාර්තාවේ සඳහන් වෙයි.


2026-11-12

මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2027 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

දෙවැනිවර කියවීමේ විවාදය හෙට (නොවැ. 13) සිට නොවැම්බර් 20 දක්වාකාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම (අයවැය කථාව) මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.අද ප.ව. 1.30 ට පමණ අයවැය යෝජනා සමඟ ගරු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ පිහිටි ජනාධිපතිවරයාගේ කාර්යාලයේ සිට සභාගර්භයට පැමිණි අතර ප.ව. 6.30 දක්වා අය වැය යෝජනා ඉදිරිපත් කරන ලදී.විදෙස් තානාපතිවරුන්, ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන්, විනිසුරුවරුන් ඇතුළු ආරාධිතයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ විවාදය (අයවැය විවාදය) නොවැම්බර් 13 සිට දෙසැම්බර් 14 දක්වා දින 26 ක් පැවැත්වීමට නියමිතව තිබේ.2026 ඔක්තෝබර් 07 වැනිදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, දෙවැනිවර කියවීමේ විවාදය හෙට (13) සිට නොවැම්බර් 20 දක්වා දින 07 ක් පැවැත්වීමට නියමිතය. අනතුරුව නොවැම්බර් 20 වැනිදා ප.ව. 6.00 ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ.2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා සෙනසුරාදා දින 04 ක්ද ඇතුළුව දින 19 ක් පැවැත්වීමට නියමිතව ඇත. ඉන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා ප.ව. 6.00 ට පැවැත්වීමට නියමිතව තිබේ.


2026-11-12

ගරු කථානායකතුමාගේ නිවේදන - 2026.11.12

“ශ්‍රී ලංකා ක්‍රිකට්” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ශ්‍රී ලංකා ක්‍රිකට්” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (නොවැ. 12) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.එම නිවේදනයට අනුව, පනත් කෙටුම්පතේ 29 වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(ඇ) ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාවේ දක්වා ඇති විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත.කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කරන ලද සංශෝධනය කාරක සභා අවස්ථාවේ දී සිදු කිරීමෙන් පසු එම අනනුකූලතාවය ඉවත් වන අතර පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකි ය.තවද, පනත් කෙටුම්පතේ 7(1) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවත්, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාවේ දක්වා ඇති විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත.කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කරන ලද සංශෝධනය කාරක සභා අවස්ථාවේ දී සිදු කිරීමෙන් පසු එම අනනුකූලතාවය ඉවත් වන අතර පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකි ය.තවද, ඉහත කරුණුවලට යටත්ව පනත් කෙටුම්පතේ අනෙකුත් කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයකට අනනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් තීරණය කර ඇත.“ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයද කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.එම නිවේදනය අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත්තේ පහත සඳහන් සංශෝධන කාරක සභා අවස්ථාවේ දී සිදු කිරීමෙන් අනතුරුව (ඉන් සංශෝධන තුනක් දැනටමත් අතිරේක සොලිසිටර් ජනරාල්තුමා විසින් සිදු කිිරීමට එකඟ වී ඇත.) මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකි බවයි:-•    “එම පොලිස් නිලධාරියාගේ ඉල්ලීම මත” යන වචන ඇතුළත් කිරීම මගින් 26(2) වගන්තිය සංශෝධනය කළ යුතු අතර, එම ඇතුළත් කිරීමෙන් අනතුරුව 26(2) වගන්තිය පහත පරිදි විය යුතු ය:-“(1) උපවගන්තිය යටතේ යම් සැකකරුවකු මහෙස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කිරීමෙන් පසු, වැඩිදුර විමර්ශන සිදු කිරීමේ අරමුණින් සැකකරු වැඩිදුරටත් දීර්ඝ කරන ලද කාලයක් සඳහා රඳවා තබා ගැනීමට අවශ්‍ය බවට විශ්වාස කිරීමට එම විමර්ශනය සිදු කරනු ලබන පොලිස් නිලධාරියාට සාධාරණ හේතු ඇති අවස්ථාවක දී, එම පොලිස් නිලධාරියාගේ ඉල්ලීම මත, මහෙස්ත්‍රාත්වරයා විසින් ලිඛිතව හේතු වාර්තා කරමින්, පැය විසිහතරක් නොඉක්මවන වැඩිදුර කාලසීමාවක් සඳහා එම සැකකරු අත්අඩංගුවේ තබා ගැනීම සඳහා බලය දෙනු ලැබිය හැකි ය”;•    ඵලදායී අධිකරණ අධීක්ෂණයක් සහතික කිරීම සඳහා, 59(5)(ආ) වගන්තියේ සඳහන් “අභියාචනාධිකරණය” යන වචන වෙනුවට “ශ්‍රේෂ්ඨාධිකරණය” යන වචන ආදේශ කිරීමෙන් සංශෝධනය කළ යුතු ය;•    අනවශ්‍ය ප්‍රතිපාදනයක් වන බැවින්, පනත් කෙටුම්පතේ 60(7) වගන්තිය ඉවත් කළ යුතු ය; සහ•    66(1) වගන්තිය පහත පරිදි නැවත සකස් කළ යුතු ය:-“මෙම පනත යටතේ නිකුත් කරන ලද හෝ කරන ලද විධායක නියෝගයක්, මෙහෙයුම් විධානයක් හෝ නියමයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126, 140 හෝ 141 ව්‍යවස්ථා යටතේ වූ නඩු කටයුතුවලදී ප්‍රශ්න කරනු ලැබිය හැකි ය.”“ආගමන” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයකථානායකවරයා විසින් නිවේදනය කරන ලද “ආගමන” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පහත පරිදි වේ.•    43(3) වගන්තිය, එහි වර්තමාන ස්වරූපයෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(එ) ව්‍යවස්ථා සමඟ අනනුකූල වේ. කෙසේ වුවද, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් කර ඇති පරිදි 43(3) වගන්තිය ප්‍රතියෝජනය කර නව 43(4) වගන්තිය ඇතුළත් කිරීමෙන් මෙම අනනුකූලතාවය ඉවත් වනු ඇත.•    169 වගන්තිය, එහි වර්තමාන ස්වරූපයෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 ව්‍යවස්ථාව ද සැලකිල්ලට ගත් කළ, 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වේ. කෙසේ වුවද, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් කර ඇති ආකාරයට 169(1) සහ 169(3) වගන්ති සංශෝධනය කිරීමෙන් මෙම අනනුකූලතාවය ඉවත් වනු ඇත.•    45 සහ 65 වගන්ති, එහි වර්තමාන ස්වරූපයෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව සමඟ අනනුකූල වේ. කෙසේ වුවද, 45(1) වගන්තිය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් කර ඇති පරිදි සංශෝධනය කිරීමෙන් සහ ආගමන පහසුකම් සඳහා වන පිරිවැය සම්බන්ධයෙන් යෝජිත විධිවිධානයක් සුදුසු අංකනයක් යටතේ ඇතුළත් කිරීමෙන්, මෙම අනනුකූලතාවයන් ඉවත් වනු ඇත.•    සලකා බලන ලද කරුණු පදනම් කරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමඟ වෙනත් කිසිදු අනනුකූලතාවයක් නොමැත. එසේම, “ලිඛිත” යන වචනය ඉවත් කිරීමෙන් 174 වගන්තිය සංශෝධනය කරන බවට ලබා දී ඇති එකඟතාවය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සටහන් කර ඇත.•    හඳුනාගත් අනනුකූලතාවයන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය සංශෝධන සිදු නොකරන්නේ නම්, අදාළ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව මඟින් නියම කර ඇති විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කළ යුතු ය,යනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත.ශ්‍රේෂ්ඨාධිකරණයේ උක්ත තීරණ අද දින පාර්ලිමේන්තුවේ කටයුතු දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු බවට කථානායකවරයා නියෝග කළේය.


2026-11-11

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධාන දූත මණ්ඩල නිලධාරී පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා හමු වෙයි

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති / නියෝජ්‍ය ප්‍රධාන දූත මණ්ඩල නිලධාරී ඩේවිස් මයර්ස් (Davis Myers) මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා හමු වී සුහද සාකච්ඡාවක නිරත විය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක්ව සිටියාය.නියෝජ්‍ය කථානායකවරයා විසින් මයර්ස් මහතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර පවතින දිගුකාලීන සබඳතා එහිදී යළිත් සිහිපත් කළ අතර විශේෂයෙන්ම අභියෝගාත්මක අවස්ථාවන්හිදී ඇමෙරිකානු රජය ශ්‍රී ලංකාවට ලබා දුන් අඛණ්ඩ සහයෝගය පිළිබඳව සිය කෘතඥතාව පළ කළේය. එසේම පාර්ලිමේන්තු කටයුතු ශක්තිමත් කිරීම සහ ආයතනික ධාරිතාව වර්ධනය කිරීම සඳහා අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) මඟින් ලබා දුන් සහාය ද අගය කළේය.මෙහිදී පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය සහ ඇමෙරිකානු කොංග්‍රස් අයවැය කාර්යාලය (U.S. Congressional Budget Office - CBO) එක්ව සංවිධානය කළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ සංචාරය පිළිබඳව අදහස් දැක්වූවාය. එමෙන්ම USAID ආයතනය මඟින් පාර්ලිමේන්තුවේ මහජන සම්බන්ධතා වැඩසටහන් ශක්තිමත් කිරීම ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි ලබා දුන් සහාය පිළිබඳව ද ඇය සිහිපත් කළාය.ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාමටත්, එය තවදුරටත් ශක්තිමත් කිරීමටත් තම කැපවීම මයර්ස් මහතා යළිත් අවධාරණය කළේය. පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ අලංකාරය සහ එහි ගෘහ නිර්මාණ ශිල්පීය වැදගත්කම මෙන්ම ශ්‍රී ලංකාවේ ස්වාභාවික සුන්දරත්වය ද ඔහු අගය කළේය.දෙපාර්ශ්වය අතර සමුද්‍රීය ආරක්ෂාව සහ මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළු දෙරටටම වැදගත් කරුණු පිළිබඳව සුහද සාකච්ඡා පැවැත්විණි.මයර්ස් මහතා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූ අතර, එහිදී ගොඩනැගිල්ලේ ගෘහ නිර්මාණ ලක්ෂණ සහ පාර්ලිමේන්තුවේ පහසුකම් පිළිබඳව නිලධාරින් විසින් ඔහුට කරුණු පැහැදිලි කරන ලදී.ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරී රේචල් හගින්ස් මහත්මිය සහ දේශපාලන විශේෂඥ නස්රීන් මරික්කාර් මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks