පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2023-11-18
ජනවාරි මාසයේ ආරම්භවීමට නියමිත අස්වැසුම වැඩසටහනේ දෙවන අදියරේදී දරිද්‍රතාවය එකම නිර්ණායකය විය යුතු බවත්, දරිද්‍රතාවය මැනීම සදහා අඩු නිර්ණායක ප්‍රමාණයක් යොදා ගත යුතු බවත් පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
අස්වැසුම පළමු පියවර අසාර්ථක වීමට යොදා ගත් පරාමිතීන් සංඛ්‍යාව වැඩි වීම හා එම පරාමිතීන්වලට තබන ලද බර හේතු වූ බව කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේය.
අස්වැසුම සමාජ සුබසාධන වැඩසටහනේ ප්‍රගතිය සහ වර්තමාන තත්ත්වය පිළිබද විමසා බැලීම සදහා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා ඇතුළු නිලධාරීන් පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට පසුගියදා (නොවැ. 15) කැඳවා තිබූ අවස්ථාවේදී කාරක සභා සභාපතිවරයා මේ බව පැවසීය.
එමෙන්ම, දරිද්‍රතාවය මැනීම සඳහා විදුලි බිල යොදාගැනීමේ වැදගත්කම යළි අවධාරණය කළ කාරක සභා සභාපති පාඨලී චම්පික රණවක මහතා විදුලි ඒකක 30 ට අඩු විදුලි පරිභෝජනය යන පරාමිතිය මේ සඳහා භාවිතා කළ හැකි බවත්, ලංකා විදුලි බල මණ්ඩලය හා සම්බන්ධීකරණය කරගනිමින් එම පරාමිතිය භාවිත කිරීමට කටයුතු කරන ලෙස ද උපදෙස් දුන්නේය. එමෙන්ම, විදුලි බිල යන පරාමිතිය සඳහා 60%ක බර තැබීමක්ද, දරිද්‍රතාවය මැනීම සඳහා භාවිතා කරන අනෙකුත් පරාමිතීන් සඳහා 40%ක බර තැබීමක් ද කරන ලෙස සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය වෙත උපදෙස් ලබා දුන්නේය.
සුබසාධක ප්‍රතිලාභ තුන් ගුණයකින් වැඩි කිරීමක් සිදු කළ ද, රජයට හෝ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වෙත ජනතා ප්‍රසාදයක් හිමි නොවීමට හේතුව ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී සිදුවූ දුර්වලතා හේතුවෙන් බව පෙන්වා දුන් සභාපතිවරයා; උගත් විරැකියාවෙන් පෙළෙන 20% කට වැඩි පිරිසක් වෙසෙන ශ්‍රී ලංකාව සඳහා අප්‍රිකාව වැනි රටවලට ගැලපෙන පරාමිතීන් නොගැලපෙන බව ද අවධාරණය කළේය.
2023 ජූලි මාසයේ අස්වැසුම ප්‍රතිලාභීන් 1,367,524 ක් සඳහා රු. 8,525,999,000/= ක මුදලක් ද, අගෝස්තු මාසයේ ප්‍රතිලාභීන් 1,365,076 ක් සඳහා රු. 8,496,698,750 ක් ද ගෙවා ඇති බව මෙහිදී හෙළිදරව් විය. 2024 අයවැය මගින් අස්වැසුම වැඩසටහන සඳහා බිලියන 180.5 ක් වෙන් කර ඇති අතර ඒ අනුව මිලියන දෙකකට මෙම ප්‍රතිලාභය ලබා දිය හැකි බව මෙහිදී සඳහන් විය.
අස්වැසුම සම්බන්ධයෙන් අභියාචනා 1,000,000 ලැබී ඇති බවත් ඉන් මේ වන විට අවසන් කර ඇත්තේ 2,00,000 ක් පමණි. ඒ අනුව ඉන් 119,794ක ප්‍රමාණයක් වැඩසටහනට ඇතුලු කර ගෙන ඇති අතර, 4655 ක අභියාචනා ප්‍රමාණයක් ප්‍රතික්ෂේප කර ඇත.
අස්වැසුම හා සමෘද්ධි ප්‍රතිලාභීන් දැනට ලක්ෂ 18 ක් සිටින බවත් ඉන් ලක්ෂ 395,000 ක් වන සමෘද්ධි ප්‍රතිලාභීන් සංඛ්‍යාවක් අස්වැසුම වැඩසටහනට ඇතුලත් වී නොමැති බවත් මෙහිදී අනාවරණය වූ අතර අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව දෙසැම්බර් මාසය වනතුරු මෙම සියලු දෙනා ප්‍රතිලාභ ලබන බවත් මෙහිදී අනාවරණය විය. එම පිරිසට හා මෙතෙක් අස්වැසුම වැඩසටහන සදහා ඉල්ලුම් නොකළ සමෘද්ධි ප්‍රතිලාභීන්ට ජනවාරි මාසයේ ආරම්භ වන අස්වැසුම දෙවන අදියර සඳහා ඉල්ලුම් කළ හැකි බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීහු ප්‍රකාශ කළහ.
ප්‍රතිලාභීන් තෝරාගැනීමේ ක්‍රියාවලිය සඳහා ග්‍රාමීය මට්ටමේ විශේෂිත නිලධාරින් අවශ්‍ය වන අතර, ඒ සඳහා නිශ්චිත වශයෙන් ම වෙන් වූ නිලධාරියෙක් සිටීම අත්‍යවශ්‍ය බව ද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීහු ප්‍රකාශ කළහ. ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව සම්බන්ධ ගැටළුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණයෙන් විසඳා ගෙන අභියාචනා ක්‍රියාවලිය සඳහා ඔවුන් සම්බන්ධ කර ගැනීමේ වැදගත්කම කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේය.
රාජ්‍ය අමාත්‍ය ගරු අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු අශෝක් අබේසිංහ, ගරු බී.වයි.ජී. රත්නසේකර, ගරු සංජීව එදිරිමාන්න, ගරු එස්.එම්.එම්. මුෂාරෆ් හා ලලිත් එල්ලාවල යන මහත්වරු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
2026-09-18
2026-09-18
දිත්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳ යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් මෙම ආපදා අවස්ථාවේදී පළාත් පාලන ආයතනවල සම්බන්ධීකරණය සිදු වූ ආකාරය විමසා බැලීම සඳහා ප්‍රාදේශීය සභා සහ නගර සභා නියෝජිතයන් කාරක සභාවට කැඳවීමට තීරණය කරන ලදී.විශේෂයෙන්, ආපදා අවස්ථාවේදී ප්‍රාදේශීය සභා සහ නගර සභා ඇතුළු පළාත් පාලන ආයතන නිල සන්නිවේදන හා සම්බන්ධීකරණ ක්‍රියාවලියට සම්බන්ධ වූ ආකාරය පිළිබඳව වැඩිදුර විමර්ශනය කිරීමේ අවශ්‍යතාව කාරක සභා සාමාජිකයින් මෙහිදී පෙන්වා දුන්හ.ගරු අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (සැප්. 10) රැස් වූ කාරක සභාවේදී, මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳව ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ සාමාජිකයින් සහ මහනුවර, මාතලේ දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් කරුණු විමසා බැලීය.ඒ අනුව, 2025 නොවැම්බර් මස 23 සිට 27 දක්වා කාලය තුළ මෙම ප්‍රදේශවල ඇති වූ අධික වර්ෂාපතනය, නායයෑම් සහ ගංවතුර තත්ත්වයන් හමුවේ පූර්ව අනතුරු ඇඟවීම්, රාජ්‍ය ආයතන අතර සන්නිවේදනය සහ හදිසි ප්‍රතිචාර ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී කාරක සභාවේ අවධානය යොමු විය.එමෙන්ම, හදිසි ආපදා අවස්ථාවලදී අනුගමනය කළ යුතු විධිමත් ලිඛිත ක්‍රියා පටිපාටි සකස් කිරීම, ආපදා පෙරහුරු නිතිපතා පැවැත්වීම සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති තවදුරටත් කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මේජර් ජනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර සහ ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන් ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ අනුරාධ ජයරත්න, රෝහිණී කුමාරි විජේරත්න, කන්දසාමි ප්‍රභු, රුවන් මාපලගම සහ වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම් යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.
2026-09-17
ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය සහ සංවර්ධනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම හා අදාළ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා වන නියෝගයට බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමි විය. වරාය සහ සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (සැප්. 11) පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී මෙම අනුමැතිය ලැබිණි.2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනතේ 17 වැනි වගන්තිය සමඟ කියවිය යුතු එම පනතේ 48 වැනි වගන්තිය යටතේ බලශක්ති අමාත්‍යවරයා විසින් සාදන ලද සහ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද මෙම නියෝගය, 2026 ජූලි 16 දිනැති අංක 2497/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර තිබිණි.මෙම නියෝගය මඟින් හඳුනාගත් බිම් කොටස් එකක් හෝ වැඩි ගණනක් තුළ ඛනිජතෙල් සම්පත් ගවේෂණය කිරීමට හෝ සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන තැනැත්තෙකු, ආයෝජන යෝජනාවක්, අදාළ ලංසු කැඳවීමේ නිශ්චිතව දක්වා ඇති පරිපාලන ගාස්තු ගෙවීමක් සමඟ ඉදිරිපත් කළ යුතුය.මෙම රැස්වීමට බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-09-17
විශ්වවිද්‍යාලවල සිදු වන නවක වදය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු පිළිබඳව වින්දිත සිසුන් තුළ විශ්වාසයක් ඇති වන ආකාරයෙන් විශ්වවිද්‍යාල මඟින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව ආචාර්ය හරිනි අමරසූරිය, ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය අවධාරණය කළාය.අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ අනුකාරක සභා රැස්වීමේදී මේ පිළිබඳව අවධානය යොමු විය.උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ, විශේෂයෙන් විශ්වවිද්‍යාලවල පවතින පුරප්පාඩු පිරවීම සහ නවක වදය සම්බන්ධ සිදුවීම් පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.විශ්වවිද්‍යාලවල නවක වදය පාලනය කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල වෙත සදාචාරාත්මක වගකීමක් පවතින බවත්, නවක වදයට ලක් වන සිසුන්ට විශ්වවිද්‍යාලවල පවතින විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශ්වාසයක් ඇති විය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.ඒ අනුව, නවක වදය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු කාර්යක්ෂම හා ඵලදායී විය යුතු අතර, වින්දිත සිසුන්ට කඩිනමින් සහනයක් ලබා දිය හැකි වන පරිදි එම කටයුතු සිදුකළ යුතු බව ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.එමෙන්ම, විශ්වවිද්‍යාලවල පවතින පුරප්පාඩු පිරවීම සඳහා අමාත්‍යාංශය මඟින් අනුමත කර ඇති පත්වීම් මෙතෙක් සිදුකර නොමැති වීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරිය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගෙන් විමසා සිටියාය. අනුමත කර ඇති පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරිය එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.මෙම රැස්වීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය ගරු ආචාර්ය උපාලි පන්නිලගේ, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුගත් රත්නායක යන මහත්වරුන් ඇතුළු විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයින් රැසක් සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks

