පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
මිලියන 1.3 වන රජයේ සේවකයන්හට දැනට හිමි වන රුපියල් 7,800 ක ජීවන වියදම් දීමනාව 2024 ජනවාරියේ සිට 17,800 දක්වා රුපියල් 10,000කින් වැඩි කරන බව ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 වසර සදහා වන අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අද (නොවැ. 13) ප්‍රකාශ කළේය.
එසේම මේ දීමනාව වැඩිවීම මාසික වැටුපට එකතු වන්නේ අප්‍රේල් මාසයේ සිට බවත් ජනවාරි සිට මාර්තු දක්වා හිඟ මුදල ලබන වසරේ ඔක්තෝබර් මාසයේ සිට වාරික වශයෙන් මාස හයක් තුළ ලබා දීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
මේ අතර විශ්‍රාම වැටුප් ලබන්නන්ගේ මාසික ජීවන වියදම් දීමනාව රුපියල් 6,025 දක්වා 2500 කින් වැඩි කර ඇත. මෙම වැඩි වීම 2024 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන බවද ජනාධිපතිවරයා පැවසුවේය.
එමෙන්ම විශ්වවිද්‍යාල විද්‍යා හා තාක්ෂණ අධ්‍යාපනය පුළුල් කිරීම අරමුණු කර ගනිමින් නව විශ්වවිද්‍යාල හතරක් පිහිටුවීමට යෝජනා කර ඇත. එනම් සීතාවක විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය යටතේ කුරුණෑගල තාක්ෂණ විශ්වවිද්‍යාලය, කළමනාකරණ හා තාක්ෂණ විශ්ව විද්‍යාලය සහ ජාත්‍යන්තර දේශගුණික විපර් යාස විශ්ව විද්‍යාලය ලෙසයි
අයවැය කථාව ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා අද උදෑසන 11.30ට පමණ පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණියේය. අනතුරුව මාධ්‍යහ්න 12ට පමණ 2024 වසර සදහා වන අයවැය කතාව ඉදිරිපත් කිරීම ආරම්භ කළේය. මෙලෙස ඉදිරිපත් කරනු ලැබුවේ නිදහස් ශ්‍රී ලංකාවේ 78 වන අයවැය කථාවයි.
අයවැය කථාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගරු ජනාධිපතිවරයා, ගරු අග්‍රාමත්‍යවරයා ප්රමුඛ මැති ඇමතිවරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් මන්ත්‍රී භෝජනාගාරයේ පැවති දිවා භෝජනය සදහා එක්වූහ.
2024 විසර්ජන පනතට අනුව, රජයේ සමස්ත වියදම ආසන්න වශයෙන් රු. බිලියන 7,833 ක් ලෙස ගතහැකි අතර ඉන් රජයේ සේවා වියදම් දැරීම සඳහා රු. බිලියන 3,861 ක් වෙන් කොට ඇත.
මේ අතර හෙට සිට (14) ලබන 21 දක්වා, ඉරිදා දිනයන් හැර දින 7 ක් විසර් ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වේ. එසේම අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනි අගහරුවාදා දා ප.ව. 6.00ට පැවැත්වීමට නියමිතව ඇත.
අනතුරුව කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 22 වැනිදා බදාදා සිට දෙසැම්බර් 13 බදාදා දක්වා ඉරිදා දිනයන් හැර දින 19 ක් පැවැත්වේ. මේ අනුව 2024 මූල්‍ය වර්ෂය සදහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වැනිදා බදාදා ප.ව. 6.00 ට පැවැත්වීමට නියමිතය.
අයවැය විවාද කාල සීමාව තුළ සෑම දිනකම පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 5 ක් සදහා කාලය වෙන් කර ඇත. අනතුරුව පෙ.ව. 10.00 සිට ප.ව. 6.00 දක්වා විවාදය පැවැත්වීමට නියමිත අතර ඡන්ද විමසීම් පැවැත්වෙන දිනයන්හි හැර අන්සෑම දිනකම ප.ව. 6.00 සිට ප.ව. 6.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වේ.
2026-11-16
දිවයිනේ විවිධ පළාත්වල පිහිටි පාසල්වල මේ වන විට ස්වේච්ඡා ගුරුවරුන් ලෙස සේවය කරන ගුරුවරුන් 4,700 දෙනෙකු ගුරු සහායකයින් ලෙස බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය. අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 06/2282/229/085-II අනුව මෙම බඳවා ගැනීම සඳහා අනුමැතිය ලබා දී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එස්. උදුමාලෙබ්බේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ගරු නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.ගුරු සහායකයින් ලෙස බස්නාහිර, මධ්‍යම, දකුණ, උතුර, නැගෙනහිර, වයඹ, උතුරු මැද, ඌව සහ සබරගමුව යන පළාත්වලට පත් කිරීමට අනුමැතිය ලැබී ඇති ස්වේච්ඡා ගුරුවරුන් 4,700 දෙනාගෙන් 462 දෙනෙකු උතුරු සහ නැගෙනහිර පළාත් වලට පත් කිරීමට අනුමැතිය ලබා ඇති බව ද අමාත්‍යවරයා පැවසීය. නැවත ස්වේච්ඡා ගුරුවරුන් ගුරු සේවයට බඳවා ගැනීමට හැකියාවක් නොමැති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
2026-11-14
දුම්රියේ ගැටී අලි ඇතුන් මිය යාම වැළැක්වීම සඳහා තිරසර විසඳුමක් ලබා දීමේ අරමුණින් ගනු ලැබූ ක්‍රියාමාර්ග රැසක් සභාගත කෙරෙයි. මෙම ක්‍රියාමාර්ග මඟින් දුම්රිය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, දුම්රිය සේවකයන් දැනුවත් කිරීම, වන අලි වාසස්ථාන කළමනාකරණය කිරීම සහ නවීන නිරීක්ෂණ හා හඳුනාගැනීමේ තාක්ෂණයන් හඳුන්වා දීම තුළින් දුම්රියේ ගැටී වන අලි මිය යාම අවම කිරීම අරමුණු කර ඇත.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පරිසර ගරු අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ සභාගත කළ පිළිතුරෙන් ඉහත කරුණු අනාවරණය විය. පාර්ලිමේන්තුවේ දී සභාගත කරන ලද පිළිතුරට අනුව ,දුම්රිය දෙපාර්තමේන්තුවේ නැගෙනහිර දුම්රිය මාර්ගයේ දෙපස හොඳින් දර්ශනය වන හා වඩා හොඳින් වේගය පාලනය කළ හැකි දියුණු දුම්රිය කට්ටල හඳුන්වා දීම මෙන්ම ගල්ඔය හන්දියේ සිට හිඟුරක්ගොඩ හා ගල්ඔය හන්දියේ සිට කන්තලේ දෙසට සම්පූර්ණයෙන් අලි මාරුවන දුම්රිය මාර්ගය කි.මී. 27 ක් හඳුනාගෙන ඇති අතර එම ස්ථානවල ගල්අතුරා වන අලින්ට පහසුවෙන් ගමන් කිරීමට හැකිවන පරිදි දුම්රිය මාර්ගයේ සිල්පර අතර හිස්තැන් පිරීයන පරිදි කොන්ක්‍රීට් ගල් කියුබ් 800 ක් අතුරා අවසන් කොට ඇත.දුම්රිය මාර්ගයේ සමහර ස්ථානවල හා වංගු සහිත ස්ථානවල ගැවසෙන වන අලින් දුම්රිය රියදුරන්ට නොපෙනෙන බැවින් එම ස්ථානවල මීටර් 10 සිට 20 දක්වා යටි පඳුරු ඉවත් කිරීමට කටයුතු කරන අතර මේ යටතේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කි.මී. 20 ක් සුද්ද පවිත්‍ර කොට තිබේ.දුම්රිය දෙපාර්තමේන්තුවේ රියදුරන්, දුම්රිය ස්ථානාධිපති, දුම්රිය මාර්ග භාරව කටයුතු කරන ඉංජිනේරුවරුන් හා දුම්රියේ රියදුරු සහායක නිලධාරීන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් 2025.05.16 හා 17 යන දිනයන්හි සිදු කෙරිණි.හබරණ දුම්රිය ස්ථානය පසුකර කන්තලේ දෙසට ගමන් කිරීමේදී හමුවන වනසංරක්ෂණ රක්ෂිතය තුළ දුම්රිය මාර්ගයෙන් සැලකිය යුතු දුරින් ඔබ්බට ජලය සපයා ගැනීමට හැකියාවක් ඇති වැව් දෙකක් ඉදි කිරීම හා සුපෝෂණ කටයුතු සඳහා රු. මිලියන 25.4 ක ප්‍රතිපාදන වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇත. ගල්ඔය හා මින්නේරිය අතර 141 ස්ථානයේ කාසිකොටේ දුම්රිය මාර්ගය හරහා අලි ගමන් කරන ස්ථානය නිරීක්ෂණය සඳහා CCTV Camera සවි කර ඇති අතර එය, අනුරාධපුර මෙහෙයුම් මැදිරිය මඟින් නිරීක්ෂණ කටයුතු කෙරෙන අතර වන අලි හඳුනා ගැනීම සඳහා Thermal Detector Camera දුම්රිය මත සවි කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරමින් අඛණ්ඩව පරීක්ෂණ කටයුතු ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ආතර් සී ක්ලාක් පර්යේෂණ ආයතනය මගින් සිදු කෙරෙයි. දුම්රියේ ගැටීමෙන් 2020 වර්ෂයේ සිට 2026.10.12 දක්වා කාලය තුළ අලි ඇතුන් 81 දෙනෙකු මියගොස් ඇති බව සභාගත කළ වාර්තාවේ සඳහන් වෙයි.
2026-11-12
දෙවැනිවර කියවීමේ විවාදය හෙට (නොවැ. 13) සිට නොවැම්බර් 20 දක්වාකාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම (අයවැය කථාව) මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.අද ප.ව. 1.30 ට පමණ අයවැය යෝජනා සමඟ ගරු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ පිහිටි ජනාධිපතිවරයාගේ කාර්යාලයේ සිට සභාගර්භයට පැමිණි අතර ප.ව. 6.30 දක්වා අය වැය යෝජනා ඉදිරිපත් කරන ලදී.විදෙස් තානාපතිවරුන්, ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන්, විනිසුරුවරුන් ඇතුළු ආරාධිතයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ විවාදය (අයවැය විවාදය) නොවැම්බර් 13 සිට දෙසැම්බර් 14 දක්වා දින 26 ක් පැවැත්වීමට නියමිතව තිබේ.2026 ඔක්තෝබර් 07 වැනිදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, දෙවැනිවර කියවීමේ විවාදය හෙට (13) සිට නොවැම්බර් 20 දක්වා දින 07 ක් පැවැත්වීමට නියමිතය. අනතුරුව නොවැම්බර් 20 වැනිදා ප.ව. 6.00 ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ.2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා සෙනසුරාදා දින 04 ක්ද ඇතුළුව දින 19 ක් පැවැත්වීමට නියමිතව ඇත. ඉන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා ප.ව. 6.00 ට පැවැත්වීමට නියමිතව තිබේ.
2026-11-12
“ශ්‍රී ලංකා ක්‍රිකට්” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයආණ්ඩුක්රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ශ්‍රී ලංකා ක්‍රිකට්” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (නොවැ. 12) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.එම නිවේදනයට අනුව, පනත් කෙටුම්පතේ 29 වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(ඇ) ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාවේ දක්වා ඇති විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත.කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කරන ලද සංශෝධනය කාරක සභා අවස්ථාවේ දී සිදු කිරීමෙන් පසු එම අනනුකූලතාවය ඉවත් වන අතර පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකි ය.තවද, පනත් කෙටුම්පතේ 7(1) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවත්, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාවේ දක්වා ඇති විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත.කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කරන ලද සංශෝධනය කාරක සභා අවස්ථාවේ දී සිදු කිරීමෙන් පසු එම අනනුකූලතාවය ඉවත් වන අතර පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකි ය.තවද, ඉහත කරුණුවලට යටත්ව පනත් කෙටුම්පතේ අනෙකුත් කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයකට අනනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් තීරණය කර ඇත.“ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයආණ්ඩුක්රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයද කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.එම නිවේදනය අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත්තේ පහත සඳහන් සංශෝධන කාරක සභා අවස්ථාවේ දී සිදු කිරීමෙන් අනතුරුව (ඉන් සංශෝධන තුනක් දැනටමත් අතිරේක සොලිසිටර් ජනරාල්තුමා විසින් සිදු කිිරීමට එකඟ වී ඇත.) මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකි බවයි:-• “එම පොලිස් නිලධාරියාගේ ඉල්ලීම මත” යන වචන ඇතුළත් කිරීම මගින් 26(2) වගන්තිය සංශෝධනය කළ යුතු අතර, එම ඇතුළත් කිරීමෙන් අනතුරුව 26(2) වගන්තිය පහත පරිදි විය යුතු ය:-“(1) උපවගන්තිය යටතේ යම් සැකකරුවකු මහෙස්ත්රාත්වරයකු වෙත ඉදිරිපත් කිරීමෙන් පසු, වැඩිදුර විමර්ශන සිදු කිරීමේ අරමුණින් සැකකරු වැඩිදුරටත් දීර්ඝ කරන ලද කාලයක් සඳහා රඳවා තබා ගැනීමට අවශ්‍ය බවට විශ්වාස කිරීමට එම විමර්ශනය සිදු කරනු ලබන පොලිස් නිලධාරියාට සාධාරණ හේතු ඇති අවස්ථාවක දී, එම පොලිස් නිලධාරියාගේ ඉල්ලීම මත, මහෙස්ත්‍රාත්වරයා විසින් ලිඛිතව හේතු වාර්තා කරමින්, පැය විසිහතරක් නොඉක්මවන වැඩිදුර කාලසීමාවක් සඳහා එම සැකකරු අත්අඩංගුවේ තබා ගැනීම සඳහා බලය දෙනු ලැබිය හැකි ය”;• ඵලදායී අධිකරණ අධීක්ෂණයක් සහතික කිරීම සඳහා, 59(5)(ආ) වගන්තියේ සඳහන් “අභියාචනාධිකරණය” යන වචන වෙනුවට “ශ්‍රේෂ්ඨාධිකරණය” යන වචන ආදේශ කිරීමෙන් සංශෝධනය කළ යුතු ය;• අනවශ්‍ය ප්රතිපාදනයක් වන බැවින්, පනත් කෙටුම්පතේ 60(7) වගන්තිය ඉවත් කළ යුතු ය; සහ• 66(1) වගන්තිය පහත පරිදි නැවත සකස් කළ යුතු ය:-“මෙම පනත යටතේ නිකුත් කරන ලද හෝ කරන ලද විධායක නියෝගයක්, මෙහෙයුම් විධානයක් හෝ නියමයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126, 140 හෝ 141 ව්‍යවස්ථා යටතේ වූ නඩු කටයුතුවලදී ප්‍රශ්න කරනු ලැබිය හැකි ය.”“ආගමන” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයකථානායකවරයා විසින් නිවේදනය කරන ලද “ආගමන” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පහත පරිදි වේ.• 43(3) වගන්තිය, එහි වර්තමාන ස්වරූපයෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(එ) ව්‍යවස්ථා සමඟ අනනුකූල වේ. කෙසේ වුවද, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් කර ඇති පරිදි 43(3) වගන්තිය ප්රතියෝජනය කර නව 43(4) වගන්තිය ඇතුළත් කිරීමෙන් මෙම අනනුකූලතාවය ඉවත් වනු ඇත.• 169 වගන්තිය, එහි වර්තමාන ස්වරූපයෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 ව්‍යවස්ථාව ද සැලකිල්ලට ගත් කළ, 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වේ. කෙසේ වුවද, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් කර ඇති ආකාරයට 169(1) සහ 169(3) වගන්ති සංශෝධනය කිරීමෙන් මෙම අනනුකූලතාවය ඉවත් වනු ඇත.• 45 සහ 65 වගන්ති, එහි වර්තමාන ස්වරූපයෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව සමඟ අනනුකූල වේ. කෙසේ වුවද, 45(1) වගන්තිය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් කර ඇති පරිදි සංශෝධනය කිරීමෙන් සහ ආගමන පහසුකම් සඳහා වන පිරිවැය සම්බන්ධයෙන් යෝජිත විධිවිධානයක් සුදුසු අංකනයක් යටතේ ඇතුළත් කිරීමෙන්, මෙම අනනුකූලතාවයන් ඉවත් වනු ඇත.• සලකා බලන ලද කරුණු පදනම් කරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමඟ වෙනත් කිසිදු අනනුකූලතාවයක් නොමැත. එසේම, “ලිඛිත” යන වචනය ඉවත් කිරීමෙන් 174 වගන්තිය සංශෝධනය කරන බවට ලබා දී ඇති එකඟතාවය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සටහන් කර ඇත.• හඳුනාගත් අනනුකූලතාවයන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය සංශෝධන සිදු නොකරන්නේ නම්, අදාළ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව මඟින් නියම කර ඇති විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කළ යුතු ය,යනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත.ශ්‍රේෂ්ඨාධිකරණයේ උක්ත තීරණ අද දින පාර්ලිමේන්තුවේ කටයුතු දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු බවට කථානායකවරයා නියෝග කළේය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks
අයවැය කථාව බාගත කරන්න


