පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2023-11-01
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක්‍රියාත්මක වීම පිණිස වන පාර්ලිමේන්තු සංසදයේ සිව්වැනි සභාවාරය පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් 2023.10.24 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පුජ්‍යපාද ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ, මහාචාර්ය පුජ්‍යපාද මැදගොඩ අභයතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙන්ම පුරාවිද්‍යා ක්‍ෂේත්‍රය තුළ ස්වෙච්ජාවෙන් කටයුතු කරණු ලබන සංවිධාන නියෝජනය කරමින්, මතුගම සෙනෙවිරුවන්, වෛද්‍ය වසන්ත බණ්ඩාර, හිටපු පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සේනරත් බණ්ඩාර දිසානායක, වෛද්‍ය ගාමිණී ජයවීර, මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය, සුනිල් චන්ද්‍රකුමාර, එස්. කේ. සේනානායක යන මහත්වරුන් සහභාගී වුහ.
ශ්‍රී ලංකාවේ ජාතික උරුමයන් හඳුනාගැනීම, සංරක්ෂණය කිරීම හා කළමනාකරණය කිරීම සඳහා උපාය මාර්ගික වැඩ පිළිවෙලක් සක් කිරීම වෙනුවෙන් මෙම පාර්ලිමේන්තු සංසදය ක්‍රියාත්මක වෙමින් පවතී.
පසුගිය සභාවාර වලදී මෙම සංසදය හමුවට රාජ්‍ය ආයතන හා නිලධාරීන් කැඳවා සාකච්ජා කළ බවත් මේ වනවිට ශ්‍රී ලංකාවේ ජාතික උරුමයන් හඳුනාගැනීම,සංරක්ෂණය කිරීම හා කළමනාකරණය කිරීම පිළිබඳව ඔවුන් යෝජනාවලියක් සකස්කරමින් සිටින බවත් සභාපතිවරයා සංසදය හමුවේ කරුණු දක්වමින් පැවසුවේය.
ඒ අනුව රාජ්‍ය ආයතන හා ස්වෙච්ජා සංවිධානවල අදහස් හා යෝජනා එකතුවෙන් ශ්‍රී ලංකාවේ ජාතික උරුමයන් හඳුනාගැනීම, සංරක්ෂණය කිරීම හා කළමනාකරණය සඳහා එක් උපායමාර්ගික වැඩ පිළිවෙලක් සකස්කිරීම අවසන් අරමුණ බවට පත් ඇති බව සභාපතිවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පවසුවේය.
ශ්‍රී ලංකාව තුළ මේ වනවිට ලෝක උරුම ලෙස ස්ථාන 8ක් ප්‍රකාශට පත් කර ඇති නමුත් ජාතික උරුම ලෙස කිසිවක් ප්‍රකාශයට පත් කර නොමැති බව මෙහිදී අදහස් දක්වමින් සභාපතිවරයා පැවසුවේය. ඒ අනුව මෙතරම් ප්‍රෞඩ ඉතිහාසයක් හිමි ශ්‍රී ලංකාවේ ජාතික උරුම හඳුනාගනිමින් ඒවා සංරක්ෂණය කර කළමනාකරණ කිරීමේ දැඩි අවශ්‍යතාවය සභාපතිවරයා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාව තුළ දෙලක්ෂ පනස් දහසකට අධික පුරාවිද්‍යාත්මක වටිනා කමින් යුත් පුරා වස්තූන් පවතින බවත් මේ මොහොත වන විට වාර්තා කර ඇත්තේ ඉන් දාහත් දහසකට අධික පුරාවිද්‍යාත්මක වස්තූන් ප්‍රමාණයක් පමණක් බව සංසදය හමුවේ කරුණු දක්වමින් ස්වෙච්ජා සංවිධාන ප්‍රධානීහු පැවසුහ.
ශ්‍රී ලංකාවේ ජාතික උරුමයන් සුරැකීම වෙනුවෙන් විධිමත් අයුරින් ගවේෂණය කර සැකසූ වාර්තා කිසිවක් ක්‍රියාත්මක නොකර යටපත් කර ඇති බව සංසදය හමුවේ අදහස් දක්වමින් මහාචාර්ය පුජ්‍යපාද ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ පැවසූහ. ඒ අනුව එම වාර්තාවල දක්වා ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයද උන්වහන්සේ සංසදය හමුවේ පෙන්වා දුන්හ.
මේ අතර මෙරට ජාතික උරුම උරුමයන් සුරැකීම වෙනුවෙන් ජාතික උරුම කළමනාකරණ පනතක් සකස් විය යුතු බව ස්වේච්ජා සංවිධාන ප්‍රධානීහු මෙහිදී අවධාරණය කළහ. ඒ ඔස්සේ විධිමත් ආකාරයෙන් ශ්‍රී ලංකාවේ ජාතික උරුමයන් හඳුනාගැනීම, සංරක්ෂණය කිරීම හා කළමනාකරණයට අවස්ථා සැලසෙන බවද ඔවුහු පැවසූහ.
ජාතික උරුම සුරැකීම වෙනුවෙන් ඒ සඳහා ස්ථාපිත වී ඇති සියලු ආයතන ඒකාබද්ධව නියාමන ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාවයද ස්වෙච්ජා සංවිධාන ප්‍රධානීහු සංසදය හමුවේ කරුණු දක්වමින් අවධාරණය කළහ.
එමෙන්ම පුරාවිද්‍යා විෂය පතයට අදාළව මේ වනවිට පවතින නඩු කටයුතු හැකි ඉක්මනින් අවසන් කිරීමේ වැදගත්කම මෙන්ම, එම නඩු කටුතු වෙනම අධිකරණයක් මගින් පවත්වාගෙන යමින් එම නඩු කටයුතු හැකි ඉක්මනින් අවසන් කිරීමේ හැකියාව පිළිබඳවද සංසදය තුළ සාකච්ජා විය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනට පත්ව ඇති අකාර්යක්ෂම තත්ත්වයෙන් මුදවාගෙන වඩා කාර්යක්ෂම ආයතනයක් බවට පත් කිරීමේ දැඩි අවශ්‍යතාවයද ස්වෙච්ජා සංවිධාන ප්‍රධානීහු මෙහිදී අවධාරණය කළහ.
ජාතික උරුමයන් ආරක්ෂා කිරීම උදෙසා ප්‍රථමයෙන්ම දිවයිනේ සියලු විශ්ව විද්‍යාල වලින් පුරාවිද්‍යා විෂය හදාරා පිටව යන උපාධිධාරීන් නිසි ආයතන වල ස්ථාන ගත කිරීමේ වැදගත් කම ගැන මෙන්ම පාසල් පද්ධතිය තුළ දරුවන්ට ජාතික උරුමයන්ගේ වටිනාකම් හා ඒවා ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳ දැනුම ලබාදීමේ අවශ්‍යතාවය ගැනද සංසදය තුල දීර්ඝ ලෙස සකච්ජා විය.ඒ සඳහා වන දැනුම පාසැල් හා දහම් පාසල් විෂය නිර්දේශ තුළට ඇතුළත් කිරීමේ අවශ්‍යතාව ගැනද මෙහිදී සකච්ජා විය.
තවද දෙස් විදෙස් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා මෙරට ජාතික උරුමයන් යොදා ගැනීමටද අවධානය යොමු කළයුතු බවත් ඒ ඔස්සේ මෙරට ප්‍රෞඩත්වය ලොව පුරා ප්‍රචලිත කිරීමට,විදේශ විනිමය උත්පාදනයට සේම ලාංකේය පුරවැසියන්ට තම රටේ අභිමානය ගැන මනා වැටහීමක් ලබා ගැනීමටත් හැකි බව ස්වෙච්ජා සංවිධාන ප්‍රධානීහු පැවසූහ. දිවයිනේ කුමන හෝ ස්ථානයක පුරා වස්තූන්ට සිදුකරන හානි පිළිබඳව අදාළ අංශ වෙත ක්ෂණිකව දැනුම් දීම සඳහා දුරකථන ඇමතුම් මධ්‍යස්ථනයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී ස්වෙච්ජා සංවිධාන ප්‍රධානීහු අවධාරණය කළහ. ස්වෙච්ජා සංරක්ෂණය සම්මේලනයක් පිහිටුවීමේ අවශ්‍යතාවය හා ඒ ඔස්සේ ජාතික උරුමයන් ආරක්ෂා කිරීමට ලැබෙන දායකත්වය සම්බන්ධයෙන්ද සංසදය තුළ කරුණු සාකච්ජා විය.
2026-03-30
2026 ජනවාරි 06 දින පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් දී තිබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය විමසා බැලේ 2024 වර්ෂයේ විගණකාධිපති වාර්තාවට අදාළ කරුණු සහ වර්තමාන කාර්යසාධනයට අදාළ කරුණු ද සලකා බැලේපුරාවිද්‍යා දෙපාර්තමේන්තුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා තිබූ අතර මෙහිදී 2026 ජනවාරි 06 වැනි දින පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදී ලබාදී තිබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් විමසා බැලීම සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ අවධානය යොමු කිරීම ද සිදු කරන ලදි.මේ පිළිබඳ කරුණු සාකච්ඡා වුයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 2021-2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාව සහ 2024 විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (19) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී 2026 ජනවාරි 06 වැනි දින රැස්වූ අවස්ථාවේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් හඳුනාගත් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලද සහ ගැසට් මගින් ප්‍රකාශයට පත්නොකරන ලද පුරාවස්තූන් පිළිබඳ වාර්තාවක් මාසයක් ඇතුළත කාරක සභාවට ලබාදෙන ලෙස නිර්දේශ කර තිබුණි. නමුත් ගැසට් මගින් ප්‍රකාශයට පත්නොකරන ලද පුරාවස්තූන් පිළිබඳ දත්ත තවමත් කාරක සභාව වෙත ලබාදී නැති බව මෙහිදී විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වා දෙන ලදි. මේ අනුව සති දෙකක් ඇතුළත ගැසට් මගින් ප්‍රකාශයට පත්නොකරන ලද පුරාවස්තූන් පිළිබඳවද දත්ත, ඒවා ගැසට් නොකිරීමට අදාළ කරුණු, ගැසට් කිරීමට යෝජිත කාාලරාමුවද ඇතුළත් වාර්තාවක් කාරක සභාවට ලබාදෙන ලෙස කාරක සභාවේ සභාපතිවරයා විසින් නිර්දේශ කරන ලදි.එසේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මධ්‍යගත දත්ත පද්ධතියක් සකස් කිරීමට ලබාදී තිබූ නිර්දේශය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යොමු වූ අතර මේ සම්බන්ධ ප්‍රගතිය ඇතුළත් වාර්තාවක් කාරක සභාව වෙත ලබාදෙන ලෙස නිර්දේශ කළේය.තවද අමාත්‍ය මණ්ඩල අනුමතියක් අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් උපයනු ලබන ආදායමින් 25%ක් ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයට ලබාදිය යුතු බව සඳහන් වුවද, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එම ප්‍රතිපාදනයට වඩා අඩු ප්‍රතිපාදන ප්‍රමාණයක් වාර්ෂිකව ඉල්ලා ඇති බව මෙහිදී අනාවරණය විය. මේ අනුව පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ අමාත්‍ය මණ්ඩල අනුමතියකින් ලබාදුන් එම මුදල් ඉතිරි වූ බවත් මේ නිසා ඉදිරියේදී මහා භාණ්ඩාගාරයෙන් ලබාගන්නා මුදල්වලින් ප්‍රමාණයක් අඩු කිරීමට සැලසුම් කරන බවත් ය.එසේම දෙපාර්තමේන්තුව සතු වාහන හිඟය සම්බන්ධයෙන්ද කාරක සභාවේදී සාකච්ඡා වූ අතර මෙම වාහන හිඟය හේතුවෙන් ආයතනයේ කාර්යසාධනයට විශාල බලපෑමක් එල්ල වන බව නිලධාරීහු පෙන්වා දුන්හ. මේ අනුව කාරක සභාව පෙන්වා දුන්නේ කාරක සභාව වශයෙන් මේ සම්බන්ධයෙන් අදාළ අංශ වෙත ඉල්ලීමක් කරන බවයි.මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන එම්. එල්. එ්. එම්. හිස්බුල්ලා, හෙක්ටර් අප්පුහාමි, චානක මාදුගොඩ, චන්දන සූරියආරච්චි සහ රුවන්තිලක ජයකොඩි යන මහත්වරු සහභාගී වූහ.
2026-03-30
‘ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග’ සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිවිය. මීට අදාළ නියෝග 2026 ජනවාරි 16 දිනැති 2471/51 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇත.මේ සඳහා අනුමතිය හිමි වූයේ එම කාරක සභාව තරුණ කටයුතු සහ ක්‍රීඩා ගරු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ සභාපතීත්වයෙන් සහ ගරු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතාගේ සහභාගීත්වයෙන් පසුගියදා (20) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය. මෙම අවස්ථාවට කාරක සභාවේ සමාජික මන්ත්‍රීවරයන් සහ සමාජික නොවන මන්ත්‍රීවරයන් පිරිසක්ද තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.
2026-03-30
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයෙන් පිටවන වන අළු පරිසර හිතකාමී ලෙස බැහැර කිරීම සඳහා සැලැස්මක් වහාම සකස් කරන ලෙස පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.ඒ එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 17 වන දා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයවිදුලිබල නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකාවට ආනයනය කරන ගල් අඟුරුවල ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු හේතුවෙන්, විදුලිය නිපදවීමට එය භාවිතා කිරීමේදී විමෝචනය වන අළු ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවද කාරක සභාවේදී අනාවරණය විය. මේවා නිසි ලෙස බැහැර නොකළහොත් ඉදිරියේදී පාරිසරික හානි සිදු වීමේ අවදානමක් පවතින බැවින් පුත්තලම දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සැලැස්ම සකස් කරන ලෙස කාරක සභාව උපදෙස් ලබා දෙන ලදී.මේ අතර ඉවත් කරන ලද අළු නැවත නිෂ්පාදන කාර්යයන් සඳහා භාවිතා කිරීමේ හැකියාව අධ්‍යයනය කළ යුතු බවත්, එම නිෂ්පාදනවලින් ලැබෙන ආදායම අදාළ බලාගාරයෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශයේ ජනතාවගේ සුභසාධන ව්‍යාපෘති සඳහා යොදා ගත යුතු බවත් මෙහිදී යෝජනා විය.ඊට අමතරව, නොරොච්චෝලේ බලාගාරයේ බලපෑමෙන් ජලය සහ වාතය දූෂණයට ලක් වී තිබේද යන්න පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද කාරක සභාව මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබා දෙන ලදී. එමෙන්ම නොරොච්චෝලේ බලාගාරය සම්බන්ධයෙන් කාරක සභාව විසින් යොමු කරන ලද ප්‍රශ්නාවලිය හා අදාළ කරුණු සඳහා සති දෙකක් ඇතුළත වයඹ පළාත් පරිසර අධිකාරියට අදාළ ප්‍රතිචාර දක්වන ලෙසද නිර්දේශ කරන ලදී.මෙම බලාගාරයෙන් නිකුත් වන අළු ප්‍රමාණය ඉහළ ගොස් ඇතත්, බලාගාරය තුළ භාවිතා කරන පෙරහන් පද්ධතිය එම අංශු ඉවත් කිරීමට ප්‍රමාණවත් (අවශෝෂණය කිරීමට) බව නිරීක්ෂණය වන බව වයඹ පළාත් පරිසර අධිකාරියේ නිලධාරීන් සඳහන් කළහ. මෙහිදී එම බලාගාරය සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු විවිධ කරුණු විස්තරාත්මකව සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කිංස් නෙල්සන්, රොෂාන් අක්මීමන, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, සුසන්ත කුමාර නවරත්න, කිට්නන් සෙල්වරාජ්, උපුල් කිත්සිරි මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-03-24
දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, එහි සභාපති ගරු අමාත්‍ය (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පළමුවරට 2026.03.19 වන දා පාර්ලිමේන්තුවේදී රැස්විය.මෙහිදී අදහස් දක්වමින් සභාපතිවරයා මෙම විශේෂ කාරක සභා කටයුතු ඉදිරියට ගෙනයාම සඳහා දිට්වා සුළි කුණාටුව වැනි ස්වභාවික ආ පදා අවස්ථාවන්හි අදාළ වගකිව යුතු ආයතන මූලිකව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමේ වැදගත්කම අවධාරණය කළේය. ඒ අනුව ඊළඟ රැස්වීම් වාර දෙක සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යන ආයතනවල නිලධාරීන් මෙම විශේෂ කාරක සභාව හමුවට කැඳවා අවශ්‍ය මූලික දැනුවත්භාවය ලබා ගැනීමට තීරණය විය.එමෙන්ම මෙම විශේෂ කාරක සභාව විෂය පථය අනුව කටයුතු කරනු ලබන බැවින් අවශ්‍ය යම් යම් විශේෂිත තාක්ෂණික කරුණු අවබෝධ කර ගැනීම සඳහා අදාළ විෂයන් සම්බන්ධ තාක්ෂණික හා විශේෂඥ දැනුමක් සහිත නිලධාරීන් කාරක සභාව හමුවට වරින් වර කැඳවීමටද මෙහිදී යෝජනා කෙරිණි.මෙම විශේෂ කාරක සභාව මගින් සකස් කළ වාර්තාව කාරක සභාවේ පළමු රැස්වීමේ දින සිට මාස තුනක් ඇතුළත එනම් 2026 .06. 19 වනවැනි දින වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන හෙයින් හැකි ඉක්මනින් රැස්වීම් පවත්වමින් අදාළ නිර්දේශ ඇතුලත් මෙම වාර්තාව සකස් කිරීමට අපේක්ෂා කරන බව සභාපතිවරයා පැවසුවේය. එම වාර්තාව මගින් කාරක සභාවේ විෂය පථයට අදාළ යෝජනා හා නිර්දේශ ලබාදීමට අමතරව ඉදිරියේදී දිට්වා සුළි කුණාටුව වැනි අවස්ථාවන්ට මුහුණ දීමට ශක්තිමත් යාන්ත්‍රණයක් සකසා ගැනීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට ද අපේක්ෂා කරන බව වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා පැවසුවේය.මෙම රැස්වීම සඳහා විශේෂ කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන නීතිඥ අනුරාධ ජයරත්න, හෙක්ටර් අප්පුහාමි, රෝහිණි කුමාරි විජේරත්න, එම්.කේ.එම්. අස්ලම්, නීතිඥ අනුෂ්කා තිලකරත්න, කන්දසාමි ප්‍රභු, රුවන් මාපලගම, (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් යන මහත්ම මහත්මීන් මෙන්ම සභාපතිවරයාගේ විශේෂ අවසරය ඇතිව ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks

