පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2023-10-30
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු කළමනාකරණ පද්ධතිය පිළිබඳ විධිමත් අධ්‍යනයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙසට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මගින් පත්කළ අනු කාරක සභාව මොරටුව විශ්වවිද්‍යාලයට උපදෙස් ලබා දෙන ලදී
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතාගේ සභාපතිත්වයෙන්, මෙම අනු කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු කළමනාකරණ පද්ධති පිළිබඳ විගණන ජේද පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා එම අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් අනු කාරක සභාව හමුවට කැඳවා තිබිණි.
එහිදී විගණකාධිපති කාර්යාලයේ නිලධාරීන් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු කළමනාකරණය සඳහා පද්ධති විශාල ප්‍රමාණයක් ස්ථාපිත කර ඇති නමුත් මෙරට සෞඛ්‍ය පද්ධතිය ගොඩ නැගීමේදී ඒවයෙන් නිසි සම්බන්ධීකරණයක් සිදුවනවාද යන්න ගැටලුවක් මතුවන බව පෙන්වා දුන්හ.
එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු, සෞඛ්‍ය පද්ධතිය විධිමත් ලෙසින් කළමනාකරණය කිරීමට මෙම ගොඩ නැගෙන තොරතුරු පද්ධති ඔස්සේ අවකාශය ලැබෙන බව පෙන්වා දුන්හ.
ශ්‍රී ලංකාව තුල පුද්ගලයින්ගේ සෞඛ්‍යමය වාර්තා විවිධ ස්ථානවල පවතින බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු කළමනාකරණ පද්ධති ඔස්සේ පුද්ගලයින්ගේ සෞඛ්‍ය වාර්තා එක් ස්ථානයකින් ලබා ගත හැකි පරිදි අදාළ තොරතුරු කළමනාකරණ පද්ධතිය වැඩි දියුණු කරගත යුතු බව එම නිලධාරීහු වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසූහ.
ඖෂධ කළමනාකරණය වෙනුවෙන් ස්ථාපිත ''ස්වස්ථ'' තොරතුරු කළමනාකරණ පද්ධති ඔස්සේ මෙරට සෞඛ්‍ය පද්ධතියේ දියුණුව උදෙසා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු අනු කාරක සභාව හමුවේ කරුණු ඉදිරිපත් කළහ.
ඒ අනුව එම පද්ධතිය මේ වන විට දිවයින පුරා රෝහල් 723ක් ස්ථාපිත කර ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු ප්‍රකාශ කළහ. තවත් රෝහල් 436ක එම පද්ධතිය ස්ථාපිත කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු පෙන්වා දුන්හ.
මෙහිදී අනු කමිටු සභාපතිවරයා විසින් ''ස්වස්ථ'' තොරතුරු කළමනාකරණ පද්ධතිය සම්පුර්ණයෙන් ස්ථාපිත කර අවසන් කිරීමට අවශ්‍ය, උපකරණ හා සම්පත් පිළිබඳ වාර්තාවක් සති දෙකක් තුළ ලබා දෙන ලෙසත් අදියර කිහිපයක් යටතේ මෙම පද්ධතිය සම්පුර්ණ කර අවසන් කිරීමට කාල රාමුවක් සකස් කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු කළමනාකරණ පද්ධතිය වඩාත් ඵලදායී ලෙසින් පවත්වාගෙන යාමටනම් ඒ සඳහාම වෙන්වූ තොරතුරු තාක්ෂණ නිලධාරීන්ගෙන් සමන්විත දෙපාර්තමේන්තුවක් පැවතීමේ දැඩි අවශ්‍ය තාවයද අනු කාරක සභාව හමුවේ දීර්ඝ ලෙස සාකච්ජා විය.
ඒ අනුව ලොව දියුණු සෞඛ්‍ය පද්ධති පවතින රටවල, සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධති පිළිබඳ අධ්‍යනය කර, තවත් වසර ගණනක් ඉදිරියට සිතමින් මෙම සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතිය පිළිබඳව විධිමත් අධ්‍යනයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙසට අනු කාරක සභා සභාපතිවරයා මොරටුව විශ්වවිද්‍යාලයට උපදෙස් ලබා දුන්නේය.
මේ අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වීරසුමන වීරසිංහ යන මහත්වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
2026-06-19
කැලණි ගඟේ ජල දූෂණය සම්බන්ධයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය. එම කාරක සභාව පරිසර ගරු අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි. මේ අනුව, කැලණි ගඟේ ජලය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට එකඟතාවය පළ කර ඇති සමාගම් සමඟ සිදු කරන සාකච්ඡාවල ප්‍රගතිය කාරක සභාවට ඉදිරිපත් කෙරිණි. එසේම, ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සහ තවත් ගැටලූ රැසක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-06-18
ශ්‍රී ලංකාවේ රාජ්‍ය අයවැය සකස් කිරීමේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය පදනම් කරගත් විශ්ලේෂණය (Gender-Responsive Budgeting) සඳහා ඇති අවශ්‍යතාවය සහ ඒ හා සම්බන්ධ වත්මන් අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.මෙම රැස්වීමට සංසදයේ සභාපතිනී, කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ඒ සඳහා ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද සහභාගී වූවාය.අයවැය ක්‍රියාවලියේදී කාන්තාවන්ගේ ආර්ථික දායකත්වය නිසි ලෙස ගණනය කිරීම සඳහා දැනට පවතින දත්ත හා දර්ශකවල හිඟකම මෙහිදී ප්‍රධාන ගැටලුවක් ලෙස අවධාරණය කෙරිණි. ඉන්දියාව වැනි රටවල් අනුගමනය කරන ක්‍රමවේද පිළිබඳ උදාහරණ දක්වමින්, මෙරට පද්ධතිමය හා තාක්ෂණික අඩුපාඩු හඳුනාගැනීමේ අවශ්‍යතාව ද සංසදය විසින් මතු කරන ලදී.තවද, ව්‍යාපෘති වාර්තාකරණයේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය අනුව දත්ත වෙන් කර හඳුනා ගැනීමේ අවශ්‍යතාව සහ ඒ සඳහා මාර්ගගත දත්ත පද්ධති ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මෙන්ම, අමාත්‍යාංශ මට්ටමින් ව්‍යාපෘති ආරම්භයේදීම නිවැරදිව කරුණු හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම මඟින් ව්‍යාපෘති විශ්ලේෂණය හා ප්‍රතිඵල මැනීම වඩාත් පහසු වන බවද මෙහිදී පෙන්වා දෙන ලදී.එමෙන්ම, දැනට පවතින සාම්ප්‍රදායික හා කාලය වැයවන ක්‍රමවේදයන් වෙනුවට විධිමත් මාර්ගගත පද්ධති සහ දත්ත මත පදනම් වූ විශ්ලේෂණ මෙවලම් කරා යොමු වීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට ඒකාබද්ධ කිරීමේ වත්මන් ප්‍රගතිය හා අභියෝග මෙහිදී සවිස්තරාත්මකව සාකච්ඡා කෙරිණි.එසේම එකී අයවැයකරණය ලේඛනවල නාමික ප්‍රතිශතයන්ට සීමා නොවී, සත්‍ය ලෙසම ප්‍රයෝගික බලපෑමක් ඇති කිරීම සඳහා විධිමත් රාමුවක් සහ දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය විය.ඒ අනුව, මුලික පියවරක් ලෙස අමාත්‍යාංශවල අයවැය සකස් කිරීමේ නිලධාරීන් කැඳවා ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සංසදය තීරණය කරන ලදී.මෙම අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ගරු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරියරත්න, සංසදයේ නියෝජ්‍ය සමසභාපතිවරියන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන නීතිඥ තුෂාරි ජයසිංහ, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වී, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි සහ අම්බිකා සාමිවේල්, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්මීහු සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරිනියන් පිරිසක් ද සහභාගී වූහ.
2026-06-17
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු ගරු අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජුනි 12) පැවැත්විණි. මෙහිදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් තම තමන්ගේ ප්‍රදේශවල පැන නැගී ඇති ගැටලු සහ යෝජනා මෙන්ම තවත් කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-06-17
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජුනි 09) පැවැත්විණි. ඉරිදා දිනයේද දහම් පාසල් පැවැත්වීමට පහසු වන පරිදි පෞද්ගලික උපකාරක පන්ති ඉරිදා පෙරවරුවේ නොපැවැත්වීමට අදාළ නියෝග සැකසීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව සමඟ ආරම්භ කර ඇති සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් සොයාබැලීම ඇතුළු ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සහ තවත් ගැටලූ රැසක් මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks


