පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2023-10-24
2023/2024 වර්ෂ සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ජාතික ප්රජාතන්ත්රවාදී ආයතනය (NDI) සමඟ එක්ව පාර්ලිමේන්තුව තුළ, නවක සීමාවාසිකයින් සඳහා ලබා දෙන පුහුණුව සමාරම්භක අවස්ථාව ඊයේ පවත්විණි. ඒ පාර්ලිමේන්තු වැඩ බලන මහලේකම් චමින්ද කුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.
නවක සීමාවාසිකයින් ලෙස දිවයින පුරා විශ්වවිද්‍යාල නියෝජනය කරමින් සිසුන් 48 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙවර පුහුණුව සදහා සුදුසුකම් ලබා ඇත. මෙහිදී නවක සීමාවාසිකයින් ආමන්ත්‍රණය කරමින් පාර්ලිමේන්තු වැඩ බලන මහලේකම්වරයා, ලක්ෂ ගණනක් වූ විශ්වවිද්‍යාල සිසුන් අතරින් ශ්‍රී ලංකාවේ උත්තරීතරම ආයතනයේ පුහුණු පාඨමාලාවක් හැදෑරීමට ලැබීම විරල අවස්ථාවක් බව පෙන්වා දුන්නේය. ඒ අනුව අද සිට ඉදිරි මාස 06ක කාලය තුළ පාර්ලිමේන්තුවේ ගත කරන සෑම කාල සීමාවකම ලබා ගත හැකි සියලුම දැනුම හා අත්දැකීම් ලබාගැනීමට කටයුතු කරන ලෙස, ඒ මහතා නවක සීමාවාසිකයින්ට උපදෙස් ලබා දුන්නේය. එමෙන්ම තමන්ගේ විශ්වවිද්‍යාලයේ ගෞරවය ආරක්ෂා කරමින් එහි කීර්තිය තව තවත් වර්ධනය කිරීමට මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙසද වැඩිදුරටත් අදහස් දක්වමින් වැඩ බලන මහලේකම්වරයා පැවසීය.
මෙහිදී පාර්ලිමේන්තු ක්‍රියාවලිය හා ව්‍යුහය පිළිබඳව, වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු, පරිපාලන අධ්යක්ෂ ජී. තච්චනරාණි, ව්‍යවස්ථාදායක සේවා අධ්යක්ෂ සහ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්යක්ෂ එච්.ඊ. ජනකාන්ත සිල්වා, ආහාර සැපයීම සහ ගෘහ පාලන සේවා අංශයේ අධ්යක්ෂ ආර්.එච්. එදිරිසිංහ, සම්බන්ධිකරණ ඉංජිනේරු එල්.ඩී. අධිකාරි, නියෝජ්‍ය හැන්සාඩ් සංස්කාරක (ඉංග්‍රීසි) කෝකිලා සමරසේකර යන දෙපාර්තමේන්තු ප්‍රධාන මහත්ම මහත්මීන් විසින් සීමාවාසිකයින් දැනුවත් කරන ලදී. අනතුරුව නව සීමාවාසිකයින් පාර්ලිමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අතර එහිදී පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා අංශය මගින් අදාළ දැනුවත් කිරීම් සිදුකරන ලදී.
මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ජාතික ප්රජාතන්ත්රවාදී ආයතනයයේ (NDI) නිලධාරීහු ඇතුළු පිරිසක් සහභාගී වුහ.
2026-11-09
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (CoPF) ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුර සඳහා සුදුසුකම්ලත් ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 121 යටතේ පිහිටුවා ඇති මෙම කාරක සභාව සඳහා, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, රාජ්‍ය ප්‍රතිපත්ති, රාජ්‍ය පරිපාලනය, ආර්ථික විද්‍යාව හෝ ඊට අදාළ ක්ෂේත්රයක විශේෂඥ දැනුමක් සහ ශක්තිමත් විශ්ලේෂණාත්මක හා පර්යේෂණ කුසලතා සහිත අයදුම්කරුවෙකු බඳවා ගැනීමට අපේක්ෂා කෙරේ.අයදුම්පත් 2026 නොවැම්බර් මස 13 වැනි දින හෝ ඊට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් “පාර්ලිමේන්තුවේ මහලේකම්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ” යන ලිපිනයට යොමු කළ යුතුය.අයදුම් කරන තනතුර ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ පැහැදිලිව සඳහන් කළ යුතුය.වැඩි විස්තර : https://www.parliament.lk/en/get-involved/announcement/view/104
2026-11-06
දැනට අක්‍රිය මට්ටමේ පවතින දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල නැවත ධාවනයට එක් කිරීම සඳහා මේවන විට ක්‍රියාමාර්ග ගෙන ඇති බව ප්‍රවාහන සහ මහාමාර්ග ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය. ඒ අනුව, රත්මලාන ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු උප දෙපාර්තමේන්තුවේ කර්මාන්ත ශාලා මගින් අදාළ අලුත්වැඩියා කටයුතු මෙන්ම ප්‍රධාන ඉංජිනේරු ධාවනබල උප දෙපාර්තමේන්තුවේ ධාවනාගාර මගින් සුළු අලුත්වැඩියාවන් සිදු කරමින් පවතින බවත් තවත් එන්ජින් කිහිපයක් බාහිර පාර්ශව මඟින් අලුත්වැඩියා කිරීමට සැලසුම් කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධනුෂ්ක රංගනාත් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.දිට්වා ආපදාවට පෙර මගී දුම්රිය ගමන් වාර සංඛ්‍යාව 331 ක් සහ බඩු ප්‍රවාහන දුම්රිය ගමන් වාර සංඛ්‍යාව 28 ක් ක්‍රියාත්මක වුව ද දිට්වා ආපදාවෙන් පසු දැනට දිනකට මගී දුම්රිය ගමන් වාර 200 ක් සහ බඩු ප්‍රවාහන දුම්රිය ගමන් වාර සංඛ්‍යාව 28 ක් සිදු වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය. සමස්ත දුම්රිය ගමන් වාර ආවරණය කිරීම සඳහා දුම්රිය එන්ජින් 84 ක් සහ බලවේග කට්ටල එන්ජින් 106 ක් අවශ්‍ය වුවත්, දුම්රිය එන්ජින් 49 ක් සහ බලවේග කට්ටල එන්ජින් 82 ක් සක්‍රිය ධාවන තත්ත්වයේ පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය. තාවකාලිකව ධාවනයෙන් ඉවත් කර ඇති, එහෙත් නැවත ධාවන තත්ත්වයට පත් කළ හැකි මට්ටමේ දුම්රිය එන්ජින් 47 ක් සහ බලවේග කට්ටල එන්ජින් 48ක් පවතින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
2026-11-05
රුපියල් මිලියන 4,261 ක් (රු. 4,261,000,000.00) ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ගෙවීම සඳහා ඉදිරිපත් කරන ලද 2026 අංක 8 දරන පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේ දී අද (නොවැ. 05) පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා පැවති විවාදයෙන් අනතුරුව සම්මත විය.ඒකාබද්ධ අරමුදලෙන් හෝ රජයට අයත් වෙනත් ඕනෑම අරමුදලකින් හෝ මුදලකින් හෝ රජය විසින් ලබාගන්නා ඕනෑම ණය මුදලකින් මෙම මුදල ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කෙරිණි.වෙනස්වන මෙහෙයුම් පරිසරය මෙන්ම බෙංගාල බොක්ක සහ ඒ අවට ප්‍රදේශවල පවතින ආපදාවන්ට ගොදුරු විය හැකි තත්ත්වයන් හා නිරන්තර අහිතකර කාලගුණික තත්ත්වයන් හේතුවෙන් මතුවන ආසන්න තර්ජන සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා නියමුවන් රහිත ගුවන්යානා පද්ධතියක් ස්ථාපිත කිරීම වෙනුවෙන් මෙම මුදල් යෙදවීමට නියමිතය.මේ අතර, භාර (සංශෝධන) පනත් කෙටුම්පත ද පාර්ලිමේන්තුවේ දී අද (05) දෙවැනිවර කියවීමේ විවාදයෙන් අනතුරුව සංශෝධන රහිතව සම්මත විය.(87 වන අධිකාරය වන) භාර ආඥාපනත සංශෝධනය කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ගරු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් 2026 ඔක්තෝබර් 21 වැනි දින පළමුවනවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
2026-11-05
ශක්තිමත් අනාගත කාන්තා නායකත්වයක් ගොඩනැගීමේදී දේශපාලනය සහ නායකත්වය පිළිබඳ කාන්තාවන්ගේ ආකල්ප ක්‍රමයෙන් වෙනස් වීම ලෝක සහ ලාංකීය දේශපාලනය තුළ ක්‍රමයෙන් හඳුනාගත හැකි සාධනීය තත්ත්වයක් බව ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය පැවසුවාය.ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ශාලාවේදී පසුගියදා පැවති මාරවිල, ශුද්ධ වූ පවුලේ බාලිකා මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරමින් නියෝජ්‍ය කාරක සභා සභාපතිනිය මේ බව සඳහන් කළාය.නූතනයේ කුසලතාවයෙන්, දැනුමෙන් සහ අධ්‍යාපනයෙන් කාන්තාවන් ශක්තිමත් වීමෙන් අනාගතයේදී දේශපාලන හා පරිපාලනය තුළ කාන්තාවන්ගේ සක්‍රීය දායකත්වය පිළිබඳව යහපත් බලාපොරොත්තු තබා ගැනීමේ හැකියාව පවතින බවත්, ඒ වෙනුවෙන් කටයුතු කිරීමට අදිටන් කළ යුතු බවත් නියෝජ්‍ය කාරක සභා සභාපතිනිය වැඩි දුරටත් පැවසුවාය.මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සුභාෂ් රෝෂන් මහතා විසින් පාසල් සිසුන් ඇතුළු රටේ සමත්ත ජනතාවටම ප්රතිලාභ ලබා ගත හැකි ජනාධිපති අරමුදල පිළිබඳව සිසුන් දැනුවත් කළ අතර, පවතින යහ සම්ප්‍රදායන් එලෙසින්ම පවත්වාගෙන යාමත් සෑම විටම ධනාත්මක වෙනසක් සහ සමාජ පරිවර්තනයක් වෙනුවෙන් කටයුතු කිරීමේ වැදගත්කමත් පෙන්වා දුන්නේය. නිවසින් සහ පාසලෙන් ආරම්භ වන යහපත් චර්යාවන් ගමටත්, එතැනින් රටටත් ව්‍යාප්ත කළ යුතු බවත් සමාජ වගකීම සහ ස්වයං විනය පවත්වා ගැනිම පාසල් සිසුන්ට අත්‍යවශ්‍ය බවත් හෙතෙම අවධාරණය කළේය. වැඩසටහනට එක් වු ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ප්‍රසන්න චන්දිත් මහතා විසින් ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතනයන්හී මූලික ව්‍යුහයන් හඳුන්වා දෙමින් ප්රජාතන්ත්රවාදී පාලන ක්රමයේ මූලිකාංග සහ ඒවායේ කාර්යභාරය පිළිබඳව සිසුන් දැනුවත් කරන ලදී.පාර්ලිමේන්තුව හා ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය පිළිබඳව සිසුවියන් දැනුවත් කිරීම ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ, සහකාර අධ්යක්ෂ (පරිපාලන), මානව සම්පත් සංවර්ධන, චූලා හේරත් මහත්මිය විසින් සිදු කළ අතර, ප්රජාතන්ත්රවාදය, එහි ක්‍රියාත්මක වීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග, සම්ප්‍රදායන් ඇතුළු පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක ක්‍රියාවලියේ හා එහි භාවිතය පිළිබඳව සිසුන්ට ප්‍රායෝගික අවබෝධයක් ද ඇය විසින් ලබා දෙන ලදි.එදින මෙම වැඩසටහනේදී මාරවිල, ශුද්ධ වූ පවුලේ බාලිකා මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ කතානායකවරිය තෝරා ගැනීමද සිදු වූ අතර, ශිෂ්‍ය පාර්ලිමේන්තු අමාත්‍යවරුන් සිය අමාත්‍යංශ හා ඒ යටතේ සිදු කිරීමට අපේක්ෂිත වැඩ පිළිවෙල පිළිබඳව අදහස් සහ යෝජනා ඉදිරිපත් කෙරිණි. මෙම වැඩසටහන ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks






