පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2023-04-18
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
මෙතෙක් කාලයක් විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද නීති ප්‍රවේශ විභාගය මෙවර නීති විද්‍යාලය මගින් පවත්වන්නේ ඇයිදැයි යන්න පිළිබඳව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ අමාත්‍ය උපදේශක කාරක සභාවේදී පසුගියදා අවධානය යොමු විය.
අමාත්‍ය ගරු (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතාගේ සභාපතීත්වෙයන් පැවති මෙම රැස්වීමේදී ඒ මහතා ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් කරුණු විමසා නීති අධ්‍යයන සභාව වෙත ලිඛිතව කරුණු ඉදිරිපත් කරන බවයි.
2013 අංක 2 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත යටතේ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින්, අංක 2317/28 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්කළ නියෝගය සහ අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවලට අදාළ වාර්ෂික වාර්තා හයක් කාරක සභාවේදී සලකා බලා අනුමත කරන ලදී.
තවද, ඉංග්‍රීසි භාෂාවෙන් නීති විද්‍යාල විභාග පැවැත්වීමට අදාළව නීති අධ්‍යාපන කවුන්සිලය විසින් පනවන ලද, 2020 දෙසැම්බර් 30 වැනි දින අංක 2208/13 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර තිබූ යෝජනාව පාර්ලිමේන්තුවේදී පසුගියදා පරාජයට පත්වීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
ඒ අනුව, ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් විභාග පැවැත්වීමේ යෝජනා ඇතුළත් එකී ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වීමේදී, එම ගැසට් පත්‍රයේ ඇතුළත් අනෙකුත් යෝජනා ද ඒ සමඟම පරාජය වීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.
නීති විද්‍යාලයේ මෙම තීරණවල ප්‍රතිඵලයක් ලෙස අප්‍රේල් මස අවසානයේ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ට බලවත් අසාධාරණයක් සිදුවන බව ද කමිටුව වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
එමෙන්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් විභාග පැවැත්වීමේ නීතිය හේතුවෙන් අයදුම් නොකළ සිසුන්ට විභාග සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලබාදීමේ හැකියාව සොයා බලන ලෙස කාරක සභික මන්ත්‍රීවරයන් ඉල්ලා සිටියහ. ඒ සදහා ඔවුන්ට සැලකිය යුතු කාලයක් ලබාදිය යුතු බව ද මන්ත්‍රීවරයන් පෙන්වා දුන්හ.
අමාත්‍ය ගරු (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ සංස්ථාගත නීති අධ්‍යපන සභා පනත ප්‍රකාරව අමාත්‍යවරයාට ප්‍රතිපත්තිමය මඟ පෙන්වීම ලබා දීමට බලය තිබුණද අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් තීරණ ගනු ලබන්නේ ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන නීති අධ්‍යයන සභාව බවයි. කෙසේ වෙතත්, ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා බලා ගරු. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉහත සඳහන් නීතිරීති හේතුවෙන් අයදුම් කිරීමෙන් වැළකී සිටින සිසුන්ට ඉදිරි විභාග සඳහා අයදුම් කිරීමට ඉඩ සලසන ලෙස නීති අධ්‍යාපන සභාවෙන් ඉල්ලා සිටින බවයි.
විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස, රාජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න, ගරු සිසිර ජයකොඩි, ගරු අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු රවුෆ් හකීම්, ගරු එම්. ඒ. සුමන්තිරන්, ගරු චන්දිම වීරක්කොඩි, ගරු ප්‍රේමලාල් ජයසේකර, ගරු චාල්ස් නිර්මලනාදන්, ගරු අසංක නවරත්න, ගරු වීරසුමන වීරසිංහ, ගරු ගෙවිඳු කුමාරතුංග, ගරු ප්‍රේම්නාත් සී. දොලවත්ත, ගරු (මහාචාර්ය) චරිත් හේරත්, ගරු වෛද්‍ය උපුල් ගලප්පත්ති යන මහත්වරු පැවැත් වූ කාරක සභා රැස්වීමට සහභාගි වූහ.
2026-06-19
කැලණි ගඟේ ජල දූෂණය සම්බන්ධයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය. එම කාරක සභාව පරිසර ගරු අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි. මේ අනුව, කැලණි ගඟේ ජලය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට එකඟතාවය පළ කර ඇති සමාගම් සමඟ සිදු කරන සාකච්ඡාවල ප්‍රගතිය කාරක සභාවට ඉදිරිපත් කෙරිණි. එසේම, ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සහ තවත් ගැටලූ රැසක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-06-18
ශ්‍රී ලංකාවේ රාජ්‍ය අයවැය සකස් කිරීමේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය පදනම් කරගත් විශ්ලේෂණය (Gender-Responsive Budgeting) සඳහා ඇති අවශ්‍යතාවය සහ ඒ හා සම්බන්ධ වත්මන් අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.මෙම රැස්වීමට සංසදයේ සභාපතිනී, කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ඒ සඳහා ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද සහභාගී වූවාය.අයවැය ක්‍රියාවලියේදී කාන්තාවන්ගේ ආර්ථික දායකත්වය නිසි ලෙස ගණනය කිරීම සඳහා දැනට පවතින දත්ත හා දර්ශකවල හිඟකම මෙහිදී ප්‍රධාන ගැටලුවක් ලෙස අවධාරණය කෙරිණි. ඉන්දියාව වැනි රටවල් අනුගමනය කරන ක්‍රමවේද පිළිබඳ උදාහරණ දක්වමින්, මෙරට පද්ධතිමය හා තාක්ෂණික අඩුපාඩු හඳුනාගැනීමේ අවශ්‍යතාව ද සංසදය විසින් මතු කරන ලදී.තවද, ව්‍යාපෘති වාර්තාකරණයේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය අනුව දත්ත වෙන් කර හඳුනා ගැනීමේ අවශ්‍යතාව සහ ඒ සඳහා මාර්ගගත දත්ත පද්ධති ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මෙන්ම, අමාත්‍යාංශ මට්ටමින් ව්‍යාපෘති ආරම්භයේදීම නිවැරදිව කරුණු හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම මඟින් ව්‍යාපෘති විශ්ලේෂණය හා ප්‍රතිඵල මැනීම වඩාත් පහසු වන බවද මෙහිදී පෙන්වා දෙන ලදී.එමෙන්ම, දැනට පවතින සාම්ප්‍රදායික හා කාලය වැයවන ක්‍රමවේදයන් වෙනුවට විධිමත් මාර්ගගත පද්ධති සහ දත්ත මත පදනම් වූ විශ්ලේෂණ මෙවලම් කරා යොමු වීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට ඒකාබද්ධ කිරීමේ වත්මන් ප්‍රගතිය හා අභියෝග මෙහිදී සවිස්තරාත්මකව සාකච්ඡා කෙරිණි.එසේම එකී අයවැයකරණය ලේඛනවල නාමික ප්‍රතිශතයන්ට සීමා නොවී, සත්‍ය ලෙසම ප්‍රයෝගික බලපෑමක් ඇති කිරීම සඳහා විධිමත් රාමුවක් සහ දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය විය.ඒ අනුව, මුලික පියවරක් ලෙස අමාත්‍යාංශවල අයවැය සකස් කිරීමේ නිලධාරීන් කැඳවා ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සංසදය තීරණය කරන ලදී.මෙම අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ගරු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරියරත්න, සංසදයේ නියෝජ්‍ය සමසභාපතිවරියන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන නීතිඥ තුෂාරි ජයසිංහ, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වී, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි සහ අම්බිකා සාමිවේල්, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්මීහු සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරිනියන් පිරිසක් ද සහභාගී වූහ.
2026-06-17
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු ගරු අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජුනි 12) පැවැත්විණි. මෙහිදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් තම තමන්ගේ ප්‍රදේශවල පැන නැගී ඇති ගැටලු සහ යෝජනා මෙන්ම තවත් කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-06-17
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජුනි 09) පැවැත්විණි. ඉරිදා දිනයේද දහම් පාසල් පැවැත්වීමට පහසු වන පරිදි පෞද්ගලික උපකාරක පන්ති ඉරිදා පෙරවරුවේ නොපැවැත්වීමට අදාළ නියෝග සැකසීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව සමඟ ආරම්භ කර ඇති සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් සොයාබැලීම ඇතුළු ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සහ තවත් ගැටලූ රැසක් මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks

