පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2022-10-28
භික්ෂුන් වහන්සේලා සම්බන්ධ චෝදනාවලදී නීතිය ක්‍රියාත්මක කිරීමේදී අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් පොලිසිය හරහා අදාළ භික්ෂු නිකායේ නායක හිමිවරුන් දැනුවත් කිරීමටත් ඒ අනුව සාමාන්‍ය නීතියට අමතරව විනය ක්‍රියාමාර්ග ගැනීමට ද ක්‍රමවේදයක් සකස් කිරීමට යෝජනා කරන බවත් අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පසුගියදා පැවසීය. ඉදිරියේදී මේ සම්බන්ධව කටයුතු කිරීමට නායක හිමිවරුන්ගේ මගපෙන්වීමෙන් වෙනම ව්‍යුහයක් ස්ථාපිත කිරීමට බලතල සහිත නව පනතක් හඳුන්වාදීමටත් අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
දුසිල්වත් සහ ඇතැම් ව්‍යාපාර ආදී කටයුතුවල නියැලෙන භික්ෂුන් නිසා ශාසනයට සිදුවන හානිය පිළිබඳවත් ඒ අනුව ඒවා නැවැත්වීමට අමාත්‍යාංශය කඩිනමින් මැදහත්වීමේ අවශ්‍යතාවයත් කාරක සභාවේදී විශේෂ අවධානයට ලක්විය.
මුලතිව් කුරුන්දි විහාරය ආශ්‍රිතව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් නොවන ඉඩම් නිදහස් කර ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. ජනතාව විසින් කෘෂිකර්මාන්තය ඇතුළු කටයුතු සදහා භුක්ති විඳි කැණීම් සදහා මැනුම් අවසන් කර ඇති ඉඩම් හැර ඉතිරි කොටස අදාළ ආයතන සම්බන්ධීකරණයෙන් ජනතාවට ලබා දෙන ලෙස අමාත්‍යවරයා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
2016 වසරේ පැවති කලායතන විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සදහා අවශ්‍ය රු. ලක්ෂ 32 ක ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් විභාගය මේ වන තෙක් පවත්වා නොතිබීම සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා විය. ප්‍රතිපාදන නොමැතිකම නිසා විභාගය වසර 6ක් කල්යාම පිළිබඳව සිය අප්‍රසාදය පළ කළ අමාත්‍යවරයා මේ සදහා වහාම මැදිහත්ව විභාගය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නා ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
බෞද්ධ පූජනීය ස්ථානවලට සූර්ය විදුලිබල පද්ධති ලබා දීමේ වැඩපිළිවෙල පිළිබදවද අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය. වත්කම් ඇති බෞද්ධ පූජනීය ස්ථානවලින් ආධාර උපකාර මේ සදහා ලබා ගැනීමට මහානායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක් කිරීමට ද අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා පැවසීය.
භික්ෂුන් අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාලවලද විනය පිරිහීම සම්බන්ධව මෙහිදී අවධානය යොමුවිය. සාමාන්‍යයෙන් බෞද්ධ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන භික්ෂූන්ගෙන් 45%ක් අවසන් වසරේදී උපැවිදි වීමේ තත්ත්වයක් ඇති බව මෙහිදී සාකච්ඡා විය. ඒ අනුව මෙම තත්ත්වය පාලනය කිරීම සදහා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව කමිටුව අවධාරනය කරන ලදී. මේ අනුව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සමග ඉදිරියේදී සාකච්ඡා කොට පියවර ගැනීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
අඩු වයසින් කුල දරුවන් සසුන්ගත කිරීම පිළිබදවද දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා විය. බුදු දහම රැක ගැනීම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති වගකීමක් බැවින් මේ පිළිබඳව නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා අවධාරණය කළේය. ඒ අනුව මේ පිළිබදව සාකච්ඡා කිරීමට උපදේශන කාරක සභා අනුකමිටුවක් පත් කිරීමටද මීළග රැස්වීමේදී පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.
කාරක සභා සාමාජික මන්ත්‍රීවරැන් වන සුජිත් සංජය පෙරේරා, ගුණතිලක රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරු පිරිසක්ද අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2026-10-19
දකුණු පළාත් සභාවට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය සමාලෝචනය කිරීමේදී රාජ්‍ය ආයතනවලට අදාළ දීමනා ලබාදීම, චක්රලේඛ නිසි පරිදි ක්‍රියාත්මක නොවීම, ප්රසම්පාදන ක්රියාවලියේ අක්රමිකතා සහ යන්ත්රෝපකරණ වෙන්දේසි කිරීමේදී සිදුවූ මූල්‍ය අලාභ සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) අවධානය යොමු විය.2023.03.24 දිනැති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ රැස්වීමේදී ලබාදී තිබු නිර්දේශ සම්බන්ධයෙන් පසු විපරමක් සහ 2021-2023 වර්ෂවල විගණකාධිපති ත්රෛවාර්ෂික වාර්තාව, 2024 හා 2025 විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට එම කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරිණි.දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය සතුව තිබූ ඇස්ෆෝල්ට් නිෂ්පාදන යන්ත්රය 2021 වසරේදී වෙන්දේසි කිරීමේදී සිදුවූ බව කියන අක්රමිකතා සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු වූයේය. 2013 වසරේදී අධිකාරිය වෙත පවරා දී තිබූ මෙම යන්ත්රය, 2018 වසරෙන් පසු මහා පරිමාණ මාර්ග කාපට් කිරීමේ ව්‍යාපෘති නොමැති වීම හේතුවෙන් භාවිතයෙන් ඉවත් කර තිබූ බව නිලධාරීහු පෙන්වා දුන්හ. යන්ත්රය අක්රියව තබා ගැනීමෙන් නඩත්තු හා ආරක්ෂණ වියදම් දැරීමට සිදුවීම ද එය වෙන්දේසි කිරීමට බලපෑ හේතුවක් ලෙස සඳහන් විය.කෙසේ වෙතත්, යන්ත්රය වෙන්දේසි කිරීමේදී එහි ඉතිරිව තිබූ තාර ලීටර් 21,782ක් සහ ඩීසල් තොගය නිසි පරිදි තක්සේරු කර වෙන්දේසි වටිනාකමට ඇතුළත් නොකිරීම හේතුවෙන් මූල්‍ය අලාභයක් සිදුවී ඇති බව මෙහිදී සාකච්ඡා විය. මෙම අලාභයට අදාළව ගැනුම්කරුගෙන් මුදල් අය කර ගැනීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, පොලිසිය වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇති බව ද අනාවරණය විය.මේ සම්බන්ධයෙන් මූලික විමර්ශන හා විධිමත් විනය පරීක්ෂණ සිදුකර නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන තිබුණද, අලාභය අදාළ නිලධාරීන්ගෙන් අය කර ගැනීම මෙතෙක් සිදුව නොමැති බව ද සාකච්ඡා කෙරිණි. අදාළ නිලධාරීන් විසින් ඉදිරිපත් කර ඇති කරුණු ද සැලකිල්ලට ගනිමින්, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශනය කර සැබෑ වගකිවයුත්තන් හඳුනා ගැනීම සඳහා නැවත පූර්ණ විමර්ශන කමිටුවක් පත් කර ඇති බව නිලධාරීහු කාරක සභාවට දැනුම් දුන්හ.මීට අමතරව, දකුණු පළාත් සභාව යටතේ ක්‍රියාත්මක වූ ප්රසම්පාදන ක්රියාවලියේදී මතුවූ ගැටලු පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. පැළ සැපයීම සඳහා සිදුකළ ප්රසම්පාදනයකදී එකම සැපයුම්කරුවෙකු සමඟ ගිවිසුම් කිහිපයකට එළඹීම, අත්තිකාරම් මුදල් ගෙවා තිබියදී නියමිත සැපයුම් සම්පූර්ණ නොවීම සහ අයවිය යුතු මුදල් පියවා ගැනීම සඳහා ඉඩමක් පවරා ගැනීමට ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා කෙරිණි. එසේම, නිසි අවශ්‍යතා ඇගයීමකින් හෝ ශක්යතා අධ්යයනයකින් තොරව රුපියල් මිලියන 27ක පමණ වියදමින් ස්කෑනර් යන්ත්ර 86ක් මිලදී ගැනීම සහ ඒවායින් බහුතරයක් අපේක්ෂිත කාර්යයන් සඳහා භාවිතයට නොගැනීම පිළිබඳව ද සාකච්ඡා විය. අදාළ මෘදුකාංග ව්යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී මතුවූ ගැටලු හේතුවෙන් ඩිජිටල්කරණ කටයුතු අතරමඟ ඇනහිටීම පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය.තවද, රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට ඉන්ධන සහ නිවාස දීමනා ලබාදීමේදී අදාළ චක්රලේඛ හා මූල්‍ය රෙගුලාසි නිසි පරිදි අනුගමනය කර තිබේද යන්න සම්බන්ධයෙන් ද කරුණු විමසා බැලුණි.රාජ්‍ය මුදල් සහ දේපළ භාවිතයේදී විනිවිදභාවය හා වගවීම තහවුරු කිරීමේ වැදගත්කම අවධාරණය කළ කාරක සභාව, අනාවරණය වූ ගැටලු සම්බන්ධයෙන් විධිමත් විමර්ශන සිදුකර, වගකිවයුතු පාර්ශ්ව හඳුනාගෙන අදාළ නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව අවධානය යොමු කළේය.මෙම රැස්වීම සඳහා ගරු රාජ්‍ය අමාත්‍යවරුන් වන නලීන් හේවගේ, විශ්රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, අරවින්ද සෙනරත්, ගරු මන්ත්‍රීවරයන් වන නීතීඥ සාගරිකා අතාවුද, ටී. කේ. ජයසුන්දර, ලාල් ප්රේමනාත්, සුසන්ත කුමාර නවරත්න, රුවන්තිලක ජයකොඩි, මංජුල සුරවීර ආරච්චි, අජන්ත ගම්මැද්දෙගේ සහ සුනිල් රත්නසිරි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
2026-10-19
ක්ෂුද්ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත කඩිනමින් ක්‍රියාත්මක කරමින් ක්ෂුද්ර මූල්‍ය ක්ෂේත්රය විධිමත් ලෙස නියාමනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමු විය.ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නීතිඥ ලක්මාලි හේමචන්ද්ර ගරු පාර්ලිමේන්තු මන්ත්රීතුමියගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ අතර, එහිදී මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්ෂුද්ර මූල්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කෙරිණි.ක්ෂුද්ර මූල්‍ය සහ ණය දීමේ ක්ෂේත්රය නියාමනය කිරීම සඳහා සම්මත කරන ලද පනත කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි. අවිධිමත් ලෙස අධික පොලී අය කරමින් ජනතාව පීඩාවට පත් කරන ණය දෙන ආයතන පාලනය කිරීම මෙන්ම විධිමත් ලෙස ක්‍රියාත්මක වන ක්ෂුද්ර මූල්‍ය ආයතන සඳහා සාධාරණ නියාමන පරිසරයක් සකස් කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දෙන ලදී.මෙහිදී ක්ෂුද්ර මූල්‍ය ව්‍යාපාර කටයුතු සිදු කරන ආයතනවලට බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලිය, පනතේ ඇතැම් වගන්ති සම්බන්ධයෙන් පවතින නීතිමය හා ප්‍රායෝගික ගැටලු, තැන්පතු ලබා ගැනීමේ සීමා සහ අරමුදල් පිරිවැය පිළිබඳව සාකච්ඡා වූ අතර, දැනට ක්‍රියාත්මක ක්ෂුද්ර මූල්‍ය ආයතන සඳහා බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලිය සරල කිරීම, නියාමනයකට යටත්ව සීමිත මහජන තැන්පතු ලබා ගැනීමට අවස්ථාව සැලසීම සහ අඩු පිරිවැය අරමුදල් වෙත ප්‍රවේශය ලබාදීම සම්බන්ධයෙන් ද යෝජනා ඉදිරිපත් කෙරිණි.එමෙන්ම, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර ආයතනවලින් ලැබෙන සහනදායී අරමුදල් නියාමනය වන ක්ෂුද්ර මූල්‍ය ආයතන වෙත ලබා දීමේ යාන්ත්රණයක් සකස් කිරීම තුළින් ණය පොලී අනුපාත පහළ දැමීමට හැකි ආකාරය පිළිබඳවද අවධානය යොමු විය.පනතේ පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධ වගන්ති ක්‍රියාත්මක කිරීම, නියාමන අධිකාරිය පිහිටුවීමට ගතවන කාලය සහ ආයතනවලට බලපත්‍ර ලබාගැනීම සඳහා ලබා දී ඇති කාලසීමාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.මේ අතර, ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් (LMSL) ආයතනය සඳහා ග්රිඩ් 68ක කැණීම් අයිතිය ලබාදීම සහ මෙහෙයුම් සහය ලබාදීම සම්බන්ධ කරුණු පිළිබඳව ද කාරක සභාවේදී අවධානය යොමු වූ අතර, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නිර්දේශ නිකුත් කිරීමට කාරක සභාව තීරණය කළේය.උතුරු-නැගෙනහිර වෙරළ තීරයේ පවතින ඛනිජ වැලි තැන්පතු වෙනත් පෞද්ගලික ආයතන වෙත ලබා නොදී රාජ්‍ය සතු ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතනය වෙත අනන්ය කැණීම් අයිතිය ලබාදෙන ලෙස එම ආයතනය විසින් කාරක සභාව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබිණි.මෙහිදී නැගෙනහිර වෙරළ තීරයේ පවතින ඛනිජ වැලි තැන්පතු භාවිත කරමින් අගය එකතු කළ කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්රව්ය දීර්ඝකාලීනව සහ අඛණ්ඩව සපයා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව සාකච්ඡා විය. ඛනිජ වැලි අමුද්රව්ය ලෙස පමණක් අපනයනය කිරීම වෙනුවට අගය එකතු කළ නිෂ්පාදන බවට පත් කර අපනයනය කිරීමේ රජයේ ප්රතිපත්තිය අනුව, දේශීය හා විදේශීය ආයෝජකයන් ආකර්ෂණය කරගනිමින් අගය එකතු කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.එමෙන්ම, අතීතයේ නිකුත් කර ඇති ඛනිජ කැණීම් බලපත්‍ර සමාලෝචනය කිරීම, අක්රමවත් ලෙස පවතින බලපත්‍ර සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සහ අදාළ ඛනිජ තැන්පතු LMSL ආයතනය වෙත පැවරීම පිළිබඳව ද සාකච්ඡා විය. පසුගිය කාලයේ සිදුව ඇති බවට හඳුනාගෙන ඇති ඇතැම් අක්රමිකතා සම්බන්ධයෙන් තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට පියවර ගෙන ඇති බවද සඳහන් වූ අතර, ඉදිරියේදී ඛනිජ කැණීම් බලපත්‍ර නිකුත් කිරීමේදී විනිවිදභාවය සහ ආයතන අතර සම්බන්ධීකරණය තහවුරු කිරීම සඳහා බහු-ආයතනික කමිටු ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, කන්දසාමි ප්‍රභු, තිළිණ සමරකෝන්, විජේසිරි බස්නායක, සුරංග රත්නායක සහ සිවඥානම් ශ්රීතරන් යන මහත්ම මහත්මීන් ඇතුළු කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.
2026-10-16
අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු රැසකට අදාළ විසඳුම් කඩිනම් කරන ලෙස ගරු අග්රාමාත්ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය (ආචාර්ය) හරිනි අමරසූරිය නිලධාරීන්ට පසුගියදා උපදෙස් ලබා දුන්නාය. ගරු අග්රාමාත්යවරියගේ සභාපතීත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී ගරු මන්ත්‍රීවරුන් විසින් කාරක සභාවේ අවධානයට යොමු කළ ගැටලු සම්බන්ධයෙන් කරුණු විමසමින් ඇය මෙලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය. සාමාන්‍ය විදුලි සංදේශ ජාල මගින් අන්තර්ජාල සබඳතා ලබා ගැනීමට අපහසු පාසල් 334ක් හඳුනාගෙන ඇති අතර, ඒවා සඳහා Wi-Fi පහසුකම් ලබා දීම සඳහා පෞද්ගලික ආයතනයකට පවරා ඇති බවත් මෙහිදී අනාවරණය විය. එසේම භූගෝලීය දුෂ්කරතා හේතුවෙන් කිසිදු සාමාන්‍ය ක්රමයකින් අන්තර්ජාලය සැපයිය නොහැකි දුෂ්කර පාසල් 10ක් සඳහා මෙරට ආරම්භ වූ චන්ද්රිකා අන්තර්ජාල පහසුකම් සපයන නව සමාගමක් මගින් අන්තර්ජාලය ලබා දීමට ව්‍යාපෘති යෝජනාවක් මගින් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව නිලධාරිහු සඳහන් කළහ.පාසල්වල පානීය ජලය සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා වෙන් කළ මුදල්, මූල්‍ය වර්ෂය අවසන් වීමට පෙර පූර්ණ ලෙස ප්රයෝජනයට නොගෙන ආපසු යාම වැළැක්වීම සඳහා දිස්ත්‍රික් හා ප්රාදේශීය මට්ටමින් ප්‍රගතිය අධීක්ෂණය කිරීමට ද අගමැතිවරිය විසින් උපදෙස් ලබා දෙන ලදී.තෝරාගත් ප්රාථමික පාසල් 169ක් සංවර්ධනය කිරීමේ ව්යාපෘතියේ ප්‍රගතිය විමසා බැලූ අතර, ප්‍රමාද වී ඇති ඉංජිනේරු ඇස්තමේන්තු සකස් කිරීම කඩිනම් කරන ලෙස පළාත් බලධාරීන්ට කාරක සභාව විසින් දැනුම් දෙන ලදී. කුඩා දරුවන් පරිසරය හා සෘජුව බද්ධව ඉගෙනුම ලැබිය යුතු බැවින්, ප්රාථමික අංශවල එක් ශ්රේණියකට එක් සුහුරු පන්ති කාමරයක් (Smart classroom) පමණක් සීමා කරන ලෙසත්, සියලුම පන්ති කාමර ස්මාර්ට් පන්ති කාමර බවට පත් නොකරන ලෙසත් අග්රාමාත්යවරිය උපදෙස් ලබා දුන්නාය. තවද අලුතින් සැලසුම් කෙරෙන ප්රාථමික පාසල්වල දරුවන්ට මානසික සුවතාවයෙන් හා නිදහසේ රැඳී සිටිය හැකි විවේකාගාර හා කියවීම් කාමර ඇතුළත් කිරීම අනිවාර්ය විය යුතු බව අවධාරණය කෙරිණි.පරිවාස භාරයේ පසුවන දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී අධිකරණ නියෝග මත පදනම්ව කටයුතු කිරීමටත්, එම දරුවන්ට අනවශ්ය බාධාවකින් තොරව නගරාසන්න හා ජාතික පාසල්වලට ඇතුළත් වීමට හැකි වන පරිදි පොදු මාර්ගෝපදේශ සහ චක්රලේඛ ක්‍රියාත්මක කිරීමටත් කාරක සභාව විසින් උපදෙස් දෙන ලදී.වාර්ෂික ගුරු ස්ථාන මාරු ක්රියාවලියේදී අනුප්රාප්තිකයින් නොමැති වීම හේතුවෙන් විදුහල්පතිවරුන් විසින් ගුරුවරුන් මුදා නොහැරීම නිසා ඇතැම් ගුරු ස්ථාන මාරු සංශෝධනය කිරීමට හෝ අත්හිටුවීමට සිදු වූ බව අනාවරණය විය. අදාළ අංශ සම්බන්ධීකරණයෙන් අවශ්‍ය ගුරුවරුන් ප්‍රමාණය බඳවා ගැනීමට කඩිනමින් පියවර ගන්නා ලෙස නිලධාරීන්ට කාරක සභාවෙන් උපදේශ ලැබිණි. තවද, පාසල් වෙත පත් කර සිටින ක්රීඩා පුහුණුකරුවන්ගේ රාජකාරි නිරීක්ෂණය විධිමත් කිරීම, රාජකාරි වේලාවන් නියම කිරීම සහ පළාත් හා ජාතික මට්ටමින් ස්ථාන මාරු ප්රතිපත්තියක් සැකසීම පිළිබඳව ද සාකච්ඡා විය.විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ඉගෙනුම ලබන පාසල්වල පවතින වැසිකිළි හා ප්‍රවේශ පහසුකම්වල (Accessibility) දැඩි ඌනතා පිළිබඳව විශේෂ අවධානය යොමු විය. එම පාසල් සඳහා පවතින අවශ්‍යතා පිළිබඳව ජාතික විගණනයක් (Audit) සිදු කිරීමටත් විශේෂ ප්‍රතිපාදන යොදවා දරුවන්ට පහසුවෙන් භාවිත කළ හැකි ගොඩනැගිලි හා සනීපාරක්ෂක පහසුකම් කඩිනමින් ඉදිකිරීමටත් උපදෙස් ලබා දීම සිදු විය.පෙර පාසල් අධ්‍යාපනය නියාමනය කිරීම, ගුරු පුහුණු රාමුව විධිමත් කිරීම සහ අනවසර බාහිර ආයතන මගින් නිසි ප්රමිතියකින් තොරව සහතික පත්ර නිකුත් කිරීම වැළැක්වීම සඳහා ජාතික ප්රතිපත්තියක් සැකසීමේ අවශ්‍යතාවය ද මෙහිදී සාකච්ඡා කෙරිණි.මේ අතර, උසස් අධ්‍යාපන අංශය පිළිබඳ අනුකාරක සභාවේ ප්‍රගතිය, එම අනුකාරක සභාවේ සභාපති, ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා විසින් ද, පාසල්වල පවතින භෞතික සම්පත් ඌනතාවය පිළිබඳ අනුකාරක සභාවේ ප්‍රගතිය එම අනු කාරක සභා සභාපතිනි ගරු පාර්ලිමේන්තු මන්ත්රීනී සමන්මලී ගුණසිංහ මහත්මිය විසින් ද කාරක සභාවට ඉදිරිපත් කරන ලදී.ගරු නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා ද ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීහු ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
2026-10-15
වතු හා ප්රජා යටිතල පහසුකම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති, ගරු වතු හා ප්රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්විය.මෙහිදී වතුකරයේ පවතින විවිධ ගැටලු සම්බන්ධයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්රීවරු අමාත්යවරයාගේ අවධානය යොමු කළහ. වතු ඉඩම්වල භාවිතයට නොගන්නා කොටස් ප්රයෝජනයට ගැනීම, වතුකරයේ ජනතාව මුහුණ දෙන ඉඩම් ගැටලු සහ ඔවුන්ට නිවාස පහසුකම් සලසා දීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.වතු හා ප්රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ගරු සුන්දරලිංගම් ප්රදීප් මහතා ඇතුළු ගරු පාර්ලිමේන්තු මන්ත්රීවරු රැසක් මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks



