පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2022-09-26
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
මැයි 9 වැනිදා සහ ඊට ආසන්න දිනවලදී මෙරට සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට අදාළ විශේෂ කමිටු වාර්තාව පසුගිය 8 වැනිදා ජනාධිපතිවරයාට බාර දුන් බවත් ඒ අනුව ඉදිරියේදී ඒ පිළිබදව කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
නව සභාවාරයට අදාළව ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීමේ මුලසුන හොබවමින් රාජ්‍ය අමාත්‍යවරයා පසුගියදා (23) මේ බව පැවසීය.
හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, හිටපු ගුවන් හමුදාපති මාෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක සහ හිටපු හමුදාපති ජෙනරල් දයා රත්නායක (විශ්‍රාමික) යන මහත්වරුන්ගෙන් සමන්විත මෙම කමිටුවේ වාර්තාව අනුව ආරක්ෂක අංශවලද යම් අඩුලුහුඬුකම් සිදුවී ඇත්නම් ඉදිරියේදී ඒ සම්බන්ධව පියවර ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මැයි 9 වැනිදා සහ ඊට ආසන්න දිනවලදී මෙරට සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට අදාළව ආරක්ෂක අංශවල යම් අඩුලුහුඬුකම් සිදුවූයේද යන්නත් ඒ හා සම්බන්ධ වූ පුද්ගලයන්ට ගන්නා නීතිමය පියවර සම්බන්ධයෙන් මන්ත්‍රීවරු කාරක සභාවේ අවධානයට යොමුකළ අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව පැවසීය. එසේම ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා මෙහිදී පවසා සිටියේ මෙම ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට සම්බන්ධ වූවන්ට සහ අනුබල දුන් අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවයි.
මේ අතර ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර පවතින උදර්පණ ගිවිසුමට අදාළ අංක 2282/19 දරන ගැසට් පත්‍රයේ සඳහන් නියමය පාර්ලිමේන්තුවේ අනුමතියට ඉදිරිපත් කිරීම සදහා ද ආරක්ෂක කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමි විය. 2014 වසරේදී දෙරට අතර ඇතිකරගත් ගිවිසුමකට අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට අපරාධකරුවන් ඇතුළු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පුද්ගලයන් මෙරටට කඩිනමින් ගෙන්වා ගැනීමේදී ඇතිවූ නෛතික බාධාවන් ඉවත් කිරීම මෙහි අරමුණ වි ඇත.
විදෙස් රටවල සිට මෙරටට ගෙන්වන මත්ද්‍රව්‍ය ඇතුළු ජාවාරම් නතර කිරීම, අසත්‍ය ප්‍රචාර සදහා සමාජ මාධ්‍ය අවභාවිතා කිරීම සදහා නීතිය ක්‍රියාත්මක කිරීම ඇතුළු ආරක්ෂක කටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
කාරක සභා සාමාජිකයන් වන ගරු (ආචාර්ය) සරත් වීරසේකර, ගරු (මේජර්) ප්‍රදීප් උදුගොඩ යන මහත්වරු ඇතුළු මැතිඇමතිවරු පිරිසක්ද රාජ්‍ය නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2026-01-28
දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සහ යාපනය ශික්ෂණ රෝහල පිළිබඳ ආයතන සමාලෝචනයක් සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සිදු කරන ලදී.ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිහාල් අබේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව 2026.01.21 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී.ඒ අනුව දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පිළිබඳ සමාලෝචනය පළමුව කාරක සභාවේදී සිදු කරන ලදී. එහිදී අදහස් දක්වමින් දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ නිලධාරීහු දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය නිසා වසරකට පුද්ගලයින් 22,000 ක් පමණ මිය යන බවත් වසරකට රුපියල් බිලියන 225 - 240 ත් අතර මුදලක් රටට අහිමිව යන බව පෙන්වා දුන්හ.මෙම තත්ත්වයෙන් මූලිකවම මිදීමට අවශ්‍ය කෙරෙන නෛතික ප්‍රතිපාදන ඇතුළත් කරමින් දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනත සංශෝධනය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව ද පැවසූහ.ලොව රටවල් 104ක් තනි තනි වශයෙන් දුම්වැටි අලෙවි කිරීම තහනම් කර ඇති බවත් එම නීතිය මෙරටද ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය අවධාරණය කළේය. තනි තනි වශයෙන් දුම්වැටි අලෙවි කිරීමේදී දුම්වැටි ඇසුරුම්වල දක්වා ඇති අනතුරු ඇඟවීම් අදාළ පාරිභෝගිකයින්ට දෘශ්‍යමාන වීමක් සිදු නොවන බවද එම නිලධාරීහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූහ.තවද දුම්වැටි සඳහා බදු පැනවීම, දුම්වැටි මිල නියම කිරීමෙන් අනතුරුව සිදුකිරීමේ වැදගත්කමද දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ නිලධාරීහු අවධාරණය කළහ.මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා, දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් ඔවුන්ගේ පනතට සිදුකිරීමට අපේක්ෂිත සංශෝධනය හා අනෙකුත් වැඩසටහන් වෙනුවෙන් කාරක සභාව ලෙස අවශ්‍ය සහයෝගය ලබාදීමට සුදානම් බව පැවසීය.අනතුරුව යාපනය ශික්ෂණ රෝහල පිළිබඳව ආයතන සමාලෝචනය සිදු කෙරුණු අතර එහිදී එම රෝහලේ වර්තමාන තත්ත්වය පිළිබඳව රෝහල් බලධාරීන් විසින් කාරක සභාව දැනුවත් කරන ලදී. දැනට රෝහලේ සිදු කරන ප්‍රතිකාර ඇතුළු සියලු සත්කාර තවදුරටත් කාර්යක්ෂම හා වර්ධනය කරගැනීම උදෙසා කාර්යමණ්ඩල අවශ්‍යතාවක් මතුව ඇති බව රෝහල් පරිපාලන නිලධාරීහු පෙන්වා දුන්හ. එමෙන්ම යාපනය ශික්ෂණ රෝහල ජාතික රෝහලක් බවට පරිවර්තනය කරගැනීමේ අවශ්‍යතාවයද ඔවුන් කාරක සභාවට දැන්වූහ. එහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා, ලංකාවේ දැනට ජාතික රෝහල් 3ක් පවතින බවත් නුදුරේදී අවශ්‍ය නිර්ණායක සම්පූර්ණ කිරීමෙන් පසු යාපනය ශික්ෂණ රෝහල ජාතික රෝහලක් බවට පරිවර්තනය කිරීමට බලාපොරොත්තු වන බව පැවසුවේය. එමෙන්ම කාර්ය මණ්ඩලය පිළිබදව නැවත සමාලෝචනය කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී කාරක සභා සභාපතිවරයා විසින් පෙන්වා දුන්නේය.තවද යාපනය ශික්ෂණ රෝහල සඳහා අභ්‍යන්තර විගණකවරයෙක් රෝහලට පත්කොට රෝහල් පරිපාලනය ඇතුළු රෝහලේ ක්‍රියාකාරිත්වයේ විනිවිදභාවය ආරක්ෂා කරගැනීමට අවශ්‍ය සහය ලබාදෙන ලෙස රෝහල් පරිපාලන බලධාරීන් කාරක සභාවෙන් ඉල්ලා සිටියේය.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය, කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ දයාසිරි ජයසේකර, මුනීර් මුලාෆර්, සමන්මලී ගුණසිංහ, (මහාචාර්ය) සේන නානායක්කාර, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා, (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා, කාරක සභාවේ සභාපතිවරයාගේ අවසරය ඇතිව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (වෛද්‍ය) ජනක සේනාරත්න, (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් යන මහත්ම මහත්මීන්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්, යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා ඇතුළු පරිපාලන නිලධාරීන් සහ දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.
2026-01-27
• මාස තුනක් තුළ විමර්ශන කටයුතු අවසන් කිරීමටත් තීරණයක්කොළඹ වරායේ සිට බහාලුම් 323 ක් අනිවාර්‌ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සෑම බදාදා දිනකම ප.ව 2.00 ට රැස්වී විමර්ශන කටයුතු සිදු කිරීමට තීරණය කෙරිණි.එම කාරක සභාව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතාගේ සභාපතීත්වයෙන් 2026.01.21 දින පළමුවරට රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගනු ලැබිණි. ඒ අනුව කාරක සභාව 2026.01.28 වැනි බදාදා ප.ව 2.00 ට නැවත රැස්වීමට නියමිත ය.කාරක සභාවේ ඉදිරි කටයුතු සිදුකළ යුතු ආකාරය සහ කැඳවිය යුතු පාර්ශ්වයන් පිළිබඳ මූලික සාකච්ඡාවක් මෙහිදී පැවැත්වූ අතර සාමාජික මන්ත්‍රීවරයන් ඒ පිළිබදව සිය අදහස් පළ කළහ. මාස තුනක් තුළ විමර්ශන කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන බව කාරක සභා සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නීතිඥ දයාසිරි ජයසේකර, අජිත් පී. පෙරේරා, ඩී. වී. චානක, මුජිබුර් රහුමාන්, මයිල්වාගනම් ජෙගදීස්වරන් සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
2026-01-27
ආනයනය කළ ගල් අඟුරු නෞකා තුනක අඩංගු ගල් අඟුරු ගැන ප්‍රමිති වාර්තා ලබා දෙන්න - කාරක සභාවවිදුලිබල නිෂ්පාදනය සඳහා මෙරටට කරනු ලබන ආනයනය ගල් අඟුරු පිළිබඳව යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී කරුණු විමසා බලන ලදී. ඒ එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙදින කාරක සභා රැස්වීම සඳහා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් සහ සීමාසහිත ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගමේ නිලධාරීන් කැඳවා තිබුණි.එහිදී කාරක සභාව විසින් ගල් අඟුරු ආනයනය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව නිලධාරීන්ගෙන් කරුණු පැහැදිළි කරගැනීමක් සිදුකර ගත් අතර අවසන් වරට ගල් අඟුරු ආනයනය සිදුකරීමේ ක්‍රියාපටිපාටිය පිළිබඳව කාරක සභාව නිලධාරීන්ගෙන් විමසා කරුණු පැහැදිලි කරගන්නා ලදී.එහිදී අවසන් වරට මෙරටට ආනයනය කරන ලද ගල් අඟුරු වල ප්‍රමිතියේ ගැටලුවක් මතුව ඇත්දැයි කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ගෙන් විමසා සිටියේය.දිවයිනට පැමිණි ගල් අඟුරු නෞකා තුනක සාම්පල තත්ත්ව පරික්ෂා කිරීම සඳහා ඉන්දියාව වෙත යොමු කර ඇති අතර එම වාර්තා පැමිණීමෙන් පසු ඒ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබාදිය හැකි බව නිලධාරීහු කාරක සභාවට දැන්වුහ.ඒ අනුව මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කාරක සභාවේදී කරුණු සාකච්ඡා කෙරුණු අතර මෙම ගල් අඟුරු තොග ආනයනය කිරීමට අදාළ ක්‍රියාවලිය සම්බන්ධව කටයුතු කළ සීමාසහිත ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගමේ හිටපු සභාපතිවරයා ඊලග රැස්වීමේදී කාරක සභාව හමුවට කැඳවන බව මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා පැවසුවේය.එමෙන්ම එම රැස්වීම් දිනයේදී දිවයිනට පැමිණි ගල් අඟුරු නෞකා තුනෙහි ප්‍රමිති වාර්තා සහ අවසන් වරට පැමිණි නෞකාවේ ගල් අඟුරුවල තත්ත්වය සමබන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිදු කල රසායනාගාර වාර්තා ද කාරක සභාවට යොමු කරන ලෙසට ද කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, චතුර ගලප්පත්ති යන මහත්වරු සහභාගී වී සිටියහ.
2026-01-26
දින 45 ක කාල රාමුවක් තුළ වැට් බදු ආපසු ගෙවීම් කඩිනමින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජයේ මුදල් කාරක සභාවේ ප්‍රසාදය කොළඹ වරාය නගරයේ බලයලත් තැනැත්තන් (Authorized person) පත් කිරීමේ බලපත්‍ර නිකුත්කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කිරීම සිදු විය.මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් සහ ගරු නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, අජිත් අගලකඩ, එම්. කේ. එම්. අස්ලම්, නිමල් පලිහේන, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, සුනිල් රාජපක්‍ෂ, තිළිණ සමරකෝන් සහ චම්පික හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් 2026.01.20 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතට අනුව සමාගමක් ව්‍යාපාරයක නිරත වීමට අදහස් කරන අවස්ථාවකදී, ඒ යම් ඉල්ලුම්කරුවෙකුට කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ ව්‍යාපාරයේ නිරතවීම සඳහා බලයලත් තැනැත්තෙකු ලෙස සුදුසුකම් ලැබීම සහ අවසර ලැබීම සඳහා බලපත්‍රයක් ලබාගැනීම සිදු කළ යුතුය. මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේ මේ වන විට එම ලියාපදිංචිය ලබාගැනීම සඳහා ඉල්ලුම් කළ අයදුම්පත් 72ක් පවතින බවයි. මේ අනුව කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනට අදාළ සිව්වන සමාලෝචනය සඳහා අත්සන් කරන ලද අභිප්‍රාය ප්‍රකාශ ලිපිය හේතුවෙන් 2025.07.04 දින සිට මෙම ක්‍රියාවලිය අත්හිටුවන බවට දැනුවත් වූ බවයි. එබැවින් මෙම අයදුම්පත් සලකා බැලීම සිදු නොකළ බව ඔවුහු පෙන්වා දුන්හ. එහිදී කාරක සභාව පෙන්වා දුන්නේ 2025 ජූලි මස වන විටත් අයදුම්පත් 54ක් ලැබී තිබුණද ඒ සම්බන්ධයෙන්ද සලකා බැලීම ආරම්භ කොට නැති බවයි. ඊට පිළිතුරු දෙමින් නිලධාරීන් වැඩිදුරටත් පැවසුවේ පනතේ සංශෝධන සිදුවීමට නියමිත බැවින් මීට අදාළ ක්‍රියාවලිය ඉදිරියට සිදු කරන ආකාරය වෙනස් විය හැකිද යන්න සැකයක් පැවති බවත් මේ නිසා ඉදිරි කටයුතු සිදු නොකළ බවත්ය. එසේම සංශෝධිත පනත 2026.01.20 බලාත්මක වූ බැවින් මේ සම්බන්ධ ඉදිරි කටයුතු ඉක්මනින් සිදු කරන බව නිලධාරීහු පෙන්වා දුන්හ. මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ රටට නව ආයෝජන පැමිණීම රටේ සියලු දෙනාගේ අරමුණ බවත් මේ නිසා ඉක්මනින් මේ සම්බන්ධව ක්‍රියාත්මක වීම වැදගත් බවයි.තවද සරල කරන ලද එකතු කළ අගය මත බදු (SVAT System) ක්‍රමවේදයේ වර්තමාන ප්‍රගතිය පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු විය. මින් පෙර 2025 ඔක‍්තෝබර් මස නිලධාරීන් කාරක සභාවට පැමිණි අවස්ථාවේදී පෙන්වා දුන්නේ VAT ක්‍රමවේදය යටතේ නැවත ගැනීමේ හැකියාව සහිත ගෙවීම් (Refund payments delays) නැවත ගැනීමේදී 100%ක විගණනයක් කරන බවත් මේ නිසා ප්‍රමාදයක් පවතින බවත්ය. නමුත් මෙම SVAT ක්‍රමවේදය මගින් එම ප්‍රමාදය අවම කරමින් දින 45ක් ඇතුළත කඩිනමින් එම නැවත ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවයි. මෙහිදී පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ 2026 ජනවාරි 15 වන විට ආපසු ගෙවීම් 96% ක් පමණ සිදු කර ඇති බවත් පැරණි ගෙවීම් බහුතරයක්ද සිදු කර ඇති බවත් ය. කාරක සභාව හමුවේ ඉදිරිපත් කළ තොරතුරු අනුව SVAT ක්‍රමවේදය මගින් පැහැදිලි ප්‍රගතියක් අත්කරගෙන කිබෙන බව නිරීක්ෂණය කළ කාරක සභාව ඒ සම්බන්ධයෙන් තම ප්‍රසාදය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පළ කළේය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks



