පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2021-11-16
අභියෝග මධ්‍යයේ වුවද රජය රටේ ආර්ථික හා සමාජීය යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ආයෝජනය කිරීම අඛණ්ඩව සිදු කරමින් සිටින බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ පර්ලිමේන්තුවේදී අද (16) පැවති අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක් වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.
රාජ්‍ය මූල්‍යයනය සම්බන්ධයෙන් දැඩි අභියෝග රැසකට මුහුණ දෙන්නට පසුගිය කාලයේදී අපිට සිදු වුණා.
එසේ වුවත් ඉදිරි කාලපරිච්ඡේදය තුළ, අපේක්ෂිත පරිදි ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ වර්ධනය සඳහා පහසුකම් සැලසීම අඛණ්ඩව සිදු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
අපේ ආර්ථිකයේ විදේශීය අංශය කොවිඩ්-19 වසංගතයේ බලපෑම නිසා අභියෝගයට මුහුණදී තිබෙන නමුත් විදේශ විනිමය, ද්‍රවශීලතාවය වැඩිදියුණු කිරීම සහ රුපියල මත පීඩනය ලිහිල් කිරීම සඳහා ඉදිරි කාලය තුළ විදේශ විනිමය ගලා ඒම සුරක්ෂිත කිරීමට රජය සහ මහ බැංකුව පියවර ගනිමින් සිටින බවද අග්‍රාමාත්‍යතුමා පැවසීය. එමෙන්ම ගෝලීය සංචාරක කර්මාන්තය නැවත ආරම්භවීමත් සමඟ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේද සැලකිය යුතු ධනාත්මක වර්ධනයක් ඉදිරියේ දී බලාපොරොත්තු වන බවද එතුමා වැඩිදුරටත් සඳහක් කළේය.
එසේම විදේශ රැකියා ප්‍රවර්ධනය කිරීමට සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ, බැංකු පද්ධතිය වෙත ආකර්ෂණය කර ගැනීමට රජය මහ බැංකුවත් සමඟ ඒකාබද්ධව කටයුතු කරමින් සිටිනබව පැවසූ අගමැතිවරයා විදේශීය අංශයේ ස්ථායීතාවය ශක්තිමත් කිරීම සඳහා කෙටිකාලීන උපාය මාර්ගික සැලසුම් ඇතුළත් ආර්ථිකය පිළිබඳ සියලු පාර්ශවකරුවන්ගේ විශ්වාසය තවදුරටත් වැඩිදියුණු කිරීම අරමුණු කරගත් “සාර්ව ආර්ථික හා මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන 6 මාසික පෙර දැක්ම” මහ බැංකුව විසින් පසුගියදා ප්‍රකාශයට පත් කිරීම පිළිබඳවත් රජය සතුටු වන බවද පැවසීය.
ආර්ථිකය අභියෝගාත්මක කාලයක් පසුකරමින් සිටින බව අපි දන්නවා. මේ අයවැයෙන් ඉදිරිපත් කර ඇති ප්රගතිශීලී යෝජනා තුළින් ඉදිරි වසර තුළ සහ ඉන් ඔබ්බට ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්ත්වට පත් වනු ඇති බව අපගේ විශ්වාසයි. අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන 'සෞභාග්‍යයේ දැක්ම' ප්‍රතිපත්තියේ අපගේ අනාගතවාදී සැලසුම් පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. සීමිත රාජ්‍ය මූල්‍ය අවකාශය තුළ වුවද, ‘සෞභාග්‍යයේ දැක්මේ’ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ද රජය අඛණ්ඩව කටයුතු කළා යනුවෙන්ද ප්‍රකාශ කළේය.
තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමා “අපි මේ වන විට රැකියා විරහිත උපාධිධාරීන් හැට දහසකට පමණ රැකියා ලබා දී තිබෙනවා. දරිද්‍රතාවය අවම කිරීමේ අරමුණින් අඩු ආදායම්ලාභී පවුල්වල නුපුහුණු පුද්ගලයින් ලක්ෂයකට රාජ්‍ය අංශයේ රැකියා අවස්ථා ලබා දී තිබෙනවා. රාජ්‍ය අංශයයේ මෙම නව බඳවාගැනීම් සඳහා වැටුප් ගෙවීමට මසකට රුපියල් බිලියන 3.5ක් පමණ රජය වැය කරනවා. සැමට ප්රතිලාභ අත්වන ජනතා කේන්ද්‍රීය සමාජ සහ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට මෙවර අයවැයෙන් මනා පිටුබලයක් ලැබී තිබෙනවා. රට මුහුණ දී ඇති අභියෝග ජය ගැනීමට අප ක්‍රියාත්මක කරන තිරසාර විසඳුම් වැඩ පිළිවෙල සමඟ අත්වැල් බැඳගෙන රටේ ඉදිරි ගමනට දායක වන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.” යනුවෙන් සඳහන් කළේය.
අග්‍රාමාත්‍යතුමා විසින් කරන ලද සම්පූර්ණ කථාව පහතින් දැක්වේ.
ගරු කථානායකතුමනි,
ඉතාමත් සුවිශේෂීව සැලසුම් කරන ලද 2022 වර්ෂය සඳහා වන අයවැය වාර්තාව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ගරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාට සුභ පතමින් මගේ කථාව ආරම්භ කිරීමට කැමතියි.
බහුවිධ අංශයන්ගෙන් පැන නැගුණු අභියෝග මධ්‍යයේ තීරණාත්මක සංධිස්ථානයක සිට මෙම අයවැය ඉදිරිපත් කළ බව කියන්න ඕනෙ. මේ මගින් ප්‍රධාන වශයෙන් කොවිඩ්-19 හේතුවෙන් ඇති වූ බලපෑම්වලින් ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීම ඉලක්ක කර තිබෙනවා.
කොවිඩ්-19 වසංගතය මගින් ජන ජීවිතයට දරුණු දුෂ්කරතා ඇති කරමින් සමස්ත ලෝකයටම බලපෑම් ඇති වුණා. ශ්‍රී ලංකාවටත් එම බලපෑම්වලින් මිදීමට හැකිවූයේ නැහැ.
ඒ වගේම අප රජය කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරා ගැනීමට විවිධ ක්‍රියාමාර්ග ගත්තා.
අප ගත් ක්‍රියාමාර්ග නිසාම ආර්ථිකය හැකි ඉක්මනින්ම සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට හැකිවන බව අපගේ විශ්වාසයයි.
ගරු කථානායකතුමනි,
සීමිත රාජ්‍ය මූල්‍ය අවකාශය තුළ වුවද, ‘සෞභාග්‍යයේ දැක්මේ’ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ද රජය අඛණ්ඩව කටයුතු කළා.
අපි මේ වන විට රැකියා විරහිත උපාධිධාරීන් හැට දහසකට (60,000) පමණ රැකියා ලබා දී තිබෙනවා. දරිද්‍රතාවය අවම කිරීමේ අරමුණින් අඩු ආදායම්ලාභී පවුල්වල නුපුහුණු පුද්ගලයින් ලක්ෂයකට (100,000) රාජ්‍ය අංශයේ රැකියා අවස්ථා ලබා දී තිබෙනවා.
රාජ්‍ය අංශයයේ මෙම නව බඳවාගැනීම් සඳහා වැටුප් ගෙවීමට මසකට රුපියල් බිලියන 3.5ක් පමණ රජය වැය කරනවා. අභියෝග මධ්‍යයේ වුවද රජය රටේ ආර්ථික හා සමාජීය යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ආයෝජනය කිරීම ද අඛණ්ඩව සිදු කරමින් සිටිනවා. ජල සම්පාදනය, බලශක්තිය, ප්‍රවාහනය, නාගරික සංවර්ධනය, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ දරිද්‍රතාවය පිටුදැකීම සඳහා සිදු කර ඇති අඛණ්ඩ ආයෝජනයන් කොවිඩ්-19 වසංගතය හමුවේ ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය සහ අභියෝගවලට මුහුණ දීමේ හැකියාව සනාථ කර තිබෙනවා.
ගරු කථානායකතුමනි,
කෙසේ වුවද රාජ්‍ය මූල්‍යයනය සම්බන්ධයෙන් දැඩි අභියෝග රැසකට මුහුණ දෙන්නට පසුගිය කාලයේදී අපිට සිදු වුණා. එසේ වුවත් ඉදිරි කාලපරිච්ඡේදය තුළ, අපේක්ෂිත පරිදි ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ වර්ධනය සඳහා පහසුකම් සැලසීම අඛණ්ඩව සිදු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
ගරු කථානායකතුමනි,
අපේ ආර්ථිකයේ විදේශීය අංශය වසංගතයේ බලපෑම නිසා අභියෝගයට මුහුණදී තිබෙනවා. විදේශ විනිමය, ද්‍රවශීලතාවය වැඩිදියුණු කිරීම සහ රුපියල මත පීඩනය ලිහිල් කිරීම සඳහා ඉදිරි කාලය තුළ විදේශ විනිමය ගලා ඒම සුරක්ෂිත කිරීමට රජය සහ මහ බැංකුව පියවර ගනිමින් සිටිනවා.
ගෝලීය සංචාරක කර්මාන්තය නැවත ආරම්භවීමත් සමඟ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේද සැලකිය යුතු ධනාත්මක වර්ධනයක් අපි ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා. එසේම විදේශ රැකියා ප්‍රවර්ධනය කිරීමට සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ, බැංකු පද්ධතිය වෙත ආකර්ෂණය කර ගැනීමට අපි මහ බැංකුවත් සමඟ ඒකාබද්ධව කටයුතු කරමින් සිටිනවා.
විදේශීය අංශයේ ස්ථායීතාවය ශක්තිමත් කිරීම සඳහා කෙටිකාලීන උපාය මාර්ගික සැලසුම් ඇතුළත් ආර්ථිකය පිළිබඳ සියලු පාර්ශවකරුවන්ගේ විශ්වාසය තවදුරටත් වැඩිදියුණු කිරීම අරමුණු කරගත් “සාර්ව ආර්ථික හා මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය (6) මාසික පෙර දැක්ම” මහ බැංකුව විසින් පසුගියදා ප්‍රකාශයට පත් කිරීම පිළිබඳවත් අපි සතුටු වෙනවා.
ගරු කථානායකතුමනි,
ආර්ථිකය අභියෝගාත්මක කාලයක් පසුකරමින් සිටින බව අපි දන්නවා. මේ අයවැයෙන් ඉදිරිපත් කර ඇති ප්රගතිශීලී යෝජනා තුළින් ඉදිරි වසර තුළ සහ ඉන් ඔබ්බට ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්ත්වට පත් වනු ඇති බව අපගේ විශ්වාසයි. අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන 'සෞභාග්‍යයේ දැක්ම' ප්‍රතිපත්තියේ අපගේ අනාගතවාදී සැලසුම් පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. එහි ඇතුලත් සැමට ප්රතිලාභ අත්වන ජනතා කේන්ද්‍රීය සමාජ සහ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට මෙවර අයවැයෙන් මනා පිටුබලයක් ලැබී තිබෙනවා.
රට මුහුණ දී ඇති අභියෝග ජය ගැනීමට අප ක්‍රියාත්මක කරන තිරසාර විසඳුම් වැඩ පිළිවෙල සමඟ අත්වැල් බැඳගෙන රටේ ඉදිරි ගමනට දායක වන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.
ස්තුතියි.
2026-11-18
දේශීය හා බටහිර වෛද්‍ය ක්‍රම ඒකාබද්ධ කරමින් බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර සේවා සැපයීම, ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන හරහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත්, ගාල්ල දිස්ත්‍රික්කයේ මාපලගම ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන තුළ මෙම ඒකාබද්ධ සත්කාර සේවාව, නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර ඇති බවත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ගරු අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. මාංශපේශී හා අස්ථි සන්ධි ආශ්රිත වේදනා කළමනාකරණය (Musculoskeletal Pain Management) සඳහා දේශීය හා බටහිර වෛද්‍ය ක්‍රම ඒකාබද්ධ කළ ප්‍රතිකාර වැඩසටහන පසුගිය මාස 08 කට ආසන්න කාලයක් මෙලෙස ක්‍රියාත්මක වන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.බෝ නොවන රෝග වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය සහ උපායමාර්ගික රාමුව (2023-2033) මඟින් බෝ නොවන රෝග සේවා සැපයීමේ ඒකාබද්ධ ප්රවේශයේ කොටසක් ලෙස දේශීය වෛද්‍ය අංශය පැහැදිලිව හඳුනාගෙන ඇති බව කියා සිටි අමාත්‍යවරයා රෝගී සත්කාරක සේවාවන් පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තු සහ පළාත් පාලන දෙපාර්තමේන්තු මඟින් සිදු කරන බව අවධාරණය කළේය. එහිදී දියවැඩියාව, අධි රුධිර පීඩනය, ස්ථූලතාවය සහ ජීවන රටාවට සම්බන්ධ රෝග සඳහා ප්‍රතිකාර ලබා දෙන බවද පැවසීය.එසේම පාකින්සනිස්ම (Parkinsonism) සඳහා සාමාන්‍ය උපදෙස් ගැනීම් සහ ආධාරක සිද්ධ වෛද්‍ය සේවා ලබා ගත හැකි අතර මොළයේ අංශභාගය (Cerebral palsy) සහ ඩවුන් සින්ඩ්‍රෝමය (Down syndrome) සඳහා පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ඇති සියලුම ආයතන මඟින් ආධාරක පුනරුත්ථාපන වැඩසටහන් ලබා ගත හැකි බවත් පිළිකා සඳහා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් සමඟ සම්බන්ධීකරණයෙන් පෝෂණ උපදෙස්, ආධාරක සත්කාර සහ පුනරුත්ථාපනය ලබා දෙන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.වැඩිහිටි රෝගීන් දුර බැහැර ප්‍රදේශවලින් ප්‍රතිකාර ගැනීම අවම කිරීම සඳහා පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ඇති සියලුම සෞඛ්‍ය ආයතන මඟින්, ඇතැම් පළාත් තුළ වැඩිහිටි නිවාස මට්ටමින්, ප්‍රජා මූලික වෛද්‍ය සේවා මඟින්, ප්‍රජා වෛද්‍ය නිලධාරීන් (CMOs) මඟින් ග්‍රාමීය මට්ටමින්, ප්‍රජා සෞඛ්‍ය සත්කාර සේවා මඟින්, පළාත් මට්ටමින් ආයුර්වේද සිද්ධ සහ යුනානි වෛද්‍ය ක්‍රම මඟින් වැඩිහිටි සත්කාර සේවා සැපයීම, වෛද්‍ය සභාව මඟින් ලියාපදිංචි වන පාරම්පරික වෛද්‍යවරුන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සහ පළාත් සභා මඟින් සේවා සැපයීම සහ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය මඟින් පළාත් මට්ටමින්, පළාත් 06 ක වැඩිහිටි සත්කාර සේවා පිළිබඳ පුහුණු වැඩසටහන් පැවැත්වීම ආදී ක්‍රමවේද මඟින් වැඩිහිටි රෝගී සේවා සපයනු ලබන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
2026-11-16
කොරියානු ජනරජයේ ජාතික සභාව නියෝජනය කරමින්, ළමා, ජනගහන හා පරිසරය පිළිබඳ කොරියානු පාර්ලිමේන්තු ලීගයේ (CPE) දූත පිරිසක් පසුගියදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කථානායක (වෛද්‍ය) රිස්වි සාලි මහතා හමුවූහ.පාරිසරික ඔරොත්තු දීමේ හැකියාව, ජනගහන ප්‍රතිපත්ති, අධ්‍යාපනය සහ ආර්ථික හුවමාරු යන ක්ෂේත්රයන්හි දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.කොරියානු දූත පිරිස කොරියානු ජාතික සභාවේ බුද්ධි කමිටුවේ සභාපති සහ ළමා, ජනගහන හා පරිසරය පිළිබඳ කොරියානු පාර්ලිමේන්තු ලීගයේ උප සභාපති ගරු ලී යැං-සු (Lee Yang-soo) මහතාගේ ප්‍රධානත්වයෙන් පැමිණියහ. එම දූත පිරිසට එම ලීගයේ සාමාජික ගරු ක්වාක් සෑං-ඊඔන් (Kwak Sang-eon) මහතා, කොරියානු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ උප සභාපති ගරු කිම් සෝ-හී (Kim So-hee) මහත්මිය සහ ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපති ගරු යූන්-ජුං කිම් (Youn-Jung Kim) මහත්මිය ද ඇතුළත් වූහ. 1989 වසරේදී පිහිටුවන ලද ළමා, ජනගහන හා පරිසරය පිළිබඳ කොරියානු පාර්ලිමේන්තු ලීගය, දේශගුණික විපර්යාස, ජනගහනය සහ ළමා සුබසාධනය සම්බන්ධ ගෝලීය අභියෝගවලට මුහුණදීම සඳහා ජාත්‍යන්තර පාර්ලිමේන්තු සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කටයුතු කරයි.2027 වසරේදී ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 50 ක් සපිරීම සැලකිල්ලට ගනිමින්, දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අපේක්ෂාව දෙපාර්ශ්වයම මෙහිදී අවධාරණය කළහ.ශ්‍රී ලංකාවට මෑතකදී බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයන් පිළිබඳව නියෝජ්‍ය කථානායකවරයා මෙහිදී අවධානය යොමු කළේය. විශේෂයෙන්ම, දැඩි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් යටිතල පහසුකම්වලට සහ කෘෂිකාර්මික ඉඩම්වලට සිදුවූ සැලකිය යුතු හානි පිළිබඳව ඔහු සඳහන් කළේය.එමෙන්ම, උපත් අනුපාතය පහළ යාම සහ වේගයෙන් වයස්ගත වන ජනගහනය ඇතුළු ශ්‍රී ලංකාව මුහුණ දෙන ජනගහන අභියෝග පිළිබඳව ද ඔහු කරුණු පැහැදිලි කළේය. මෙම තත්ත්වයන් අනාගතයේදී යැපෙන්නන්ගේ අනුපාතයට සහ ශ්‍රම බලකාය සපයා ගැනීමේදී සැලකිය යුතු බලපෑමක් ඇති විය හැකි බව ද පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමය සහ එය ශක්තිමත් කිරීමේදී පවතින අභියෝග පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.කොරියානු ජනරජය තුළ පහළ යන උපත් අනුපාතයට මුහුණදීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දක්වමින්, කොරියානු නියෝජිතයෝ අලුත විවාහ වූ යුවළ සඳහා දැරිය හැකි කුලී නිවාස යෝජනා ක්‍රම, අඩු පොලී ණය සහ නිවාස දිරිගැන්වීම් ඇතුළු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග කිහිපයක් පැහැදිලි කළහ.විශ්‍රාම වැටුප් ආවරණයේ පවතින හිඩැස් අවම කිරීම සඳහා විශ්‍රාම යන වයස අවුරුදු 60 සිට 65 දක්වා දීර්ඝ කිරීමේ යෝජනා පිළිබඳව ද දූත පිරිස අදහස් පළ කළහ. එවැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී තරුණ පරපුරට ප්‍රමාණවත් රැකියා අවස්ථා සහතික කිරීමේ වැදගත්කම ද ඔවුහු අවධාරණය කළහ.ආර්ථික සංවර්ධනය සමඟ පරිසර ආරක්ෂාවට ද ප්‍රමුඛත්වය ලබාදීමේ වැදගත්කම දෙපාර්ශ්වයම අවධාරණය කළහ. ස්වාභාවික ආපදා හේතුවෙන් වසර ගණනාවක් පුරා අත්කරගත් ආර්ථික ප්‍රගතියට හානි සිදුවිය හැකි බව ද මෙහිදී පෙන්වා දෙන ලදී.ශ්‍රී ලංකාව තුළ කොරියානු සංස්කෘතිය, විශේෂයෙන්ම කොරියානු පොප් සංගීතය ජනප්‍රිය වීම සහ දෙරට අතර සංචාරක කටයුතු තවදුරටත් පුළුල් කිරීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තවද, දකුණු කොරියාවේ රැකියාවල නිරත ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ලබාගත හැකි තාක්ෂණික හා වෘත්තීය පුහුණු අවස්ථාවල ප්රතිලාභ පිළිබඳව දෙපාර්ශ්වයම අවධානය යොමු කළහ. එම පුහුණු අවස්ථා මඟින් වෘත්තීය කුසලතා වර්ධනය වන අතර, ශ්‍රී ලංකාවට ද ආර්ථික ප්රතිලාභ හිමිවන බව මෙහිදී සඳහන් විය.ලබන වසරේදී දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත පරිසරය හා සංවර්ධනය පිළිබඳ ආසියා – පැසිෆික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සමුළුවට (APPCED) සහභාගී වන ලෙස කොරියානු දූත පිරිස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ආරාධනා කළහ. එම සමුළුවේදී කොරියාව රටවල් කිහිපයක් වෙනුවෙන් සභාපතිත්වය දරනු ඇත.එසේම, ලබන වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් සඳහා කොරියානු ව්‍යාපාරික ආයතනවල සහභාගීත්වය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
2026-11-16
උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ගැටුම් පැවති සමයේ සහ ඉන් අනතුරුව අත්අඩංගුවට ගත් හෝ භාර වූ පුද්ගලයන් 12,196 දෙනෙකු පුනරුත්ථාපනය කර සමාජගත කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ගරු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේ දී පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.පුනරුත්ථාපන ක්‍රියාවලිය යටතේ උපදේශන, යෝගා සහ ආධ්‍යාත්මික වැඩසටහන්, මූලික අධ්‍යාපන හා භාෂා පුහුණු වැඩසටහන් මෙන්ම අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සඳහා යොමු කිරීමේ වැඩසටහන් මෙන්ම චිත්‍ර, සංගීතය, නාට්‍ය හා රංග කලාව ඇතුළත් සෞන්දර්ය වැඩසටහන්, රියදුරු පුහුණුව සහ ක්‍රීඩා වැඩසටහන් ද ක්‍රියාත්මක කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.පුනරුත්ථාපනය ලැබූ පුද්ගලයන්ගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම සඳහා වෘත්තීය පුහුණුව ලබා දී ඇති බවත්, එම පුහුණුවට අදාළ උපකරණ සහ වෙනත් ආධාර ද ලබා දී තිබෙන බවත් අමාත්‍යවරයා පැවසුවේය.එමෙන්ම, ඔවුන්ගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම සඳහා ණය මුදල්, නිවාස, මහන මැෂින්, ධීවර දැල්, පාපැදි, ජල පොම්ප, වඩු උපකරණ, සැකසුම් උපකරණ, කෘෂිකාර්මික උපකරණ, පශු සම්පත් සහ ත්‍රීරෝද රථ ඇතුළු ආධාර රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන මගින් ලබා දී ඇති බව ද අමාත්‍යවරයා සභාගත කළ වාර්තාවේ සඳහන් වේ.
2026-11-16
ස්වේච්ඡා ගුරුවරුන් 4,700 ක් ගුරු සහායකයින් ලෙස බඳවා ගැනීමෙන් අනතුරුව නැවත ස්වේච්ඡා ගුරුවරුන් ගුරු සේවයට බඳවා ගැනීමට හැකියාවක් නොමැති බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය. දිවයිනේ විවිධ පළාත්වල පිහිටි පාසල්වල මේ වන විට ස්වේච්ඡා ගුරුවරුන් ලෙස සේවය කරනු ලබන ගුරුවරුන් 4700 ක් ගුරු සහායකයින් ලෙස පත්වීම් ලබා දීමට අමාත්‍ය මණ්ඩල තීරණය අනුව බඳවා ගැනීමට අනුමැතිය ලබා දී ඇති බවත්, එය 2007.01.04 දිනැති අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක/06/2282/229/085-II අනුව සිදු වූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එස්. උදුමාලෙබ්බේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ගුරු සහායක ලෙස බස්නාහිර, මධ්‍යම, දකුණ, උතුරු නැගෙනහිර, වයඹ, උතුරු මැද, ඌව සහ සබරගමුව යන පළාත් සඳහා පත් කිරීමට අනුමැතිය ලද ඉහත සඳහන් 4700 ක් වන ස්වේච්ඡා ගුරුවරුන් සංඛ්‍යාවෙන්, 462 දෙනෙකු උතුරු නැගෙනහිර පළාතට පත් කිරීමට අනුමැතිය ලබා ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks