පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2019-11-29
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
රාජ්‍ය ආයතන 844 ක පසුගිය මුදල් වර්ෂය සදහා වන මූල්‍ය හා කාර්‍යසාධනයට අදාළ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තාව මීළග පාර්ලිමේන්තු රැස්වීමට ඉදිරිපත් කරන බව එම කාරක සභාවේ සභාපති අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
එම වාර්තාව සදහා පසුගියදා රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ අනුමැතිය හිමි විය. රාජ්‍ය ආයතන සියල්ලේම පසුගිය වසරට අදාල මූල්‍ය හා කාර්‍යසාධනය පිළිබඳව වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන පළමු අවස්ථාව මෙය බව අලගියවන්න මහතා පැවසීය.
රජයේ ගිණුම් පිළිබද කාරක සභාව, රාජ්‍ය ආයතන වලට අදාළ විගණකාධිපති වාර්තා විමර්ශනය කිරීමට අමතරව 2015 මුදල් වර්ෂයේ සිට සියලු රාජ්‍ය ආයතන මූල්‍ය හා කාර්‍ය සාධන සිද්ධාන්තවලට අනුගත වීම පිළිබඳව පරිගණක තොරතුරු තාක්ෂණය අනුසාරයෙන් වාර්ෂික ඇගයීමේ ක්‍රියාවලියක් ආරම්භ කළ අතර ඒ අනුව මෙම වාර්තාව සකසා තිබේ.
එමෙන්ම විගණකාධිපති වාර්තා පදනම් කරගෙන පවත්වනු ලැබූ විමර්ශන 26 ක වාර්තා ද ඉදිරි සභාවාරයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කාරක සභාවේ සභාපති අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වැඩිදුරටත් පැවසීය.
2026-03-11
උතුරුමැද පළාත් සභාවේ අක්‍රමිකතා සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීමට නිර්දේශ2011 සහ 2012 වර්ෂවලදී ඇතිවූ ගංවතුරෙන් හානියට පත් මාර්ග 53ක් ප්‍රතිසංස්කරණය කිරීමේදී අක්‍රමිකතා සිදුකර ඇති බවට සැක කෙරෙන උතුරුමැද පළාත් සභාවේ වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) විසින් උතුරුමැද පළාත් සභාවේ නිලධාරීන්ට පසුගියදා නිර්දේශ කරන ලදී. 2011 සහ 2012 වර්ෂවලදී ඇතිවූ ගංවතුරෙන් හානියට පත් මාර්ග 53ක් ප්‍රතිසංස්කරණය කිරීමේදී උතුරුමැද පළාත් සභාව විසින් අක්‍රමිකතා සිදුකළ බවට විගණකාධිපති වාර්තා මගින් ඉදිරිපත් කරන ලද විගණන විමසුම් සම්බන්ධයෙන් 2025 ජුනි 18 වන දින පැවති කෝපා කමිටු රැස්වීමේදී දීර්ඝ ලෙස කරුණු අනාවරණය විය.රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පසුගියදා (මාර්තු 03) පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කබීර් හෂීම් මහතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම නිර්දේශ ලබා දීම සිදුවිය. 2025 ජුනි 18 වන දින පැවති කෝපා කමිටු රැස්වීමේදී ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා උතුරුමැද පළාත් සභාව මෙම රැස්වීමට කැඳවා තිබිණි. මෙහිදී නිලධාරීන් ප්‍රතිචාර දැක්වූයේ, එම වංචාවට සම්බන්ධ නිලධාරීන් දස දෙනාගෙන් අයකර ගැනීමට නියමිතව තිබූ මුදල් තවමත් අයකර ගෙන නොමැති බවත්, ඔවුන්ගෙන් සමහරක් දැනට ජීවතුන් අතර නොමැති බවත්, අනෙක් අයගෙන් මුදල් අයකර ගැනීමට ගත් උත්සාහයන් අසාර්ථක වී ඇති බවත්ය. ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමේ අවශ්‍යතාවය කමිටුව මෙහිදී අවධාරණය කළේය.මීට අමතරව, පලුගස්දමන මහා විද්‍යාලය සඳහා ශ්‍රවණාගාරයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය නිම නොකර අතහැර දමා තිබීම පිළිබඳව ද කරුණු විමසන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා ගෙවීම් කරන ලද මුදල් අයකර ගැනීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව මෙහිදී අවධානයට ලක් විය. මෙම ව්‍යාපෘතිය සිදු කළ කොන්ත්‍රාත්කරු අසාදු ලේඛනගත කිරීමේ අවශ්‍යතාවය කමිටු සාමාජිකයින් පෙන්වා දුන් අතර මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක විමර්ශනයක් පවත්වා මාසයක් ඇතුළත කෝපා කමිටුවට වාර්තාවක් ලබා දෙන ලෙස කමිටු සභාපතිවරයා උපදෙස් දුන්නේය.තවද, උතුරු මැද පළාතේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ගුණාත්මක වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම සඳහා වූ රුපියල් 15,797,500 ක කොන්ත්‍රාත් මුදලින් රුපියල් 12,144,500 ක් ගෙවා ඇතත්, කොන්ත්‍රාත් සමාගම විසින් කිසිදු වීඩියෝවක් භාර දී නොමැති වීම පිළිබඳවත් අවධානය යොමු විය. අදාළ සමාගම සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහයන් අසාර්ථක වූ බව නිලධාරීහු මෙහිදී ප්‍රකාශ කළහ. මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස කමිටුව විසින් උපදෙස් දෙන ලදී.පොළොන්නරුව පොදු වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු අසම්පූර්ණ ලෙස නිම කිරීම පිළිබඳව ද අවධානය යොමු විය. කොන්ත්‍රාත්කරුවෙකු වෙත විශාල මුදලකට ලබා දෙන ලද මෙම ව්‍යාපෘතිය නිසි පරිදි නිම කර මහජනතාවට භාර දී නොමැති නිසා රටට විශාල පාඩුවක් සිදු ව ඇති බව විගණකාධිපතිවරිය මෙහිදී පෙන්වා දුන්නාය. පලුගස්දමන මහා විද්‍යාලය සඳහා ශ්‍රවණාගාරය ඉදිකිරීමට සම්බන්ධ වූ එම කොන්ත්‍රාත්කරුටම මෙම වෙළඳ සංකීර්ණයේ කොන්ත්‍රාත්තුව ද ලබාදී තිබුණි. එබැවින්, මෙම කොන්ත්‍රාත්කරු අසාදු ලේඛනගත කළ යුතු බව මෙහිදී අවධාරණය කෙරිණි. මෙම කාරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා මාසයක් ඇතුළත කමිටුවට වාර්තා කරන ලෙස ද කමිටු සභාපතිවරයා උපදෙස් දුන්නේය.ඊට අමතරව, උතුරු මැද පළාතට දුම්රියෙන් ප්‍රවාහනය කරන ලද ත්‍රිපෝෂ පැකට් නියමිත වේලාවට නොලැබීමත්, කල් ඉකුත් වී තිබූ ත්‍රිපෝෂ පැකට් දුම්රිය දෙපාර්තමේන්තුවේ ගබඩාවේ තිබීමත්, ඇතැම් පැකට් අස්ථානගත වී තිබීමත් කමිටුවේ අවධානයට ලක් විය. මෙම ත්‍රිපෝෂ පැකට්වල වටිනාකම රුපියල් 1,094,657ක් බව ද අනාවරණය විය. මේ සම්බන්ධයෙන් පළාත් සභාව මගින් පරීක්ෂණයක් පැවැත්වූ බවත් ඒ සඳහා සිද්ධියට සම්බන්ධ සියලු පාර්ශ්ව සහභාගීකර ගැනීමට නොහැකි වූ බවත් විමර්ශන වාර්තාවේ සඳහන් කර ඇති බව නිලධාරීහු ප්‍රකාශ කළහ. මෙහිදී කෝපා කමිටු සභාපතිවරයා නිර්දේශ කළේ මෙම කාරණය සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත්, අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් පවත්වා එහි ප්‍රතිඵල කමිටුවට වාර්තා කළ යුතු බවයි. මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන චන්දන සූරියආරච්චි, රුවන්තිලක ජයකොඩි, ඔෂානි උමංගා, මංජුල සුරවීර ආරච්චි, සුසන්ත කුමාර නවරත්න, ටී.කේ. ජයසුන්දර, ජේ.සී. අලවතුවල, සුනිල් රත්නසිරි සහ චානක මාදුගොඩ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
2026-03-10
පාරදෘශ්‍යබව, වගවීම, සහභාගීත්වය සහ සියලු දෙනාටම අවස්ථාව ලබාදීම තුළින් පාර්ලිමේන්තුවේ කටයුතු මහජනතාවට සමීප කිරීම සඳහා සංසදයේ උපරිම මැදිහත් වීම සිදුකරනවා - සංසදයේ සමසභාපතිවරු අවධාරණය කරතිඉදිරි වැඩසටහන් යෝජනාවලියක් සහ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමටත් පියවරවිවෘත පාර්ලිමේන්තු මූලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සාමාජික මන්ත්‍රීවරයන් සඳහා දෙදින නේවාසික වැඩමුළුවක් පසුගිය මාර්තු මස 06 සහ 07 යන දිනවලදී කලුතරදී සාර්ථකව පැවැත්විණි. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වෙස්ට්මිනිස්ටර් පදනමේ ( Westminster Foundation for Democracy) – (WFD) සහ සියලු පාර්ශ්ව සඳහා අවස්ථාව ලබාදීම සඳහා වූ සන්ධානයේ (Coalition for Inclusive Impact) – (CII) අනුග්‍රහයෙන් වැඩමුළුව සංවිධානය වී තිබිණි. විවෘත පාර්ලිමේන්තු මූලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරුන් වන විද්‍යා හා තාක්ෂණ ගරු අමාත්‍ය (මහාචාර්ය) ක්‍රිෂාන්ත අබේසේන සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් යන මහත්වරුන් ඇතුළු සංසදයේ සාමාජික මන්ත්‍රීවරයන් පිරිසක් ද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරීහු පිරිසක් ද මෙම වැඩමුළුවට සහභාගී වූහ.සංසදයේ සාමාජික මන්ත්‍රීවරුන්ගේ සහ විශේෂඥ දැනුම සහිත සම්පත් දායකයින්ගේ අදහස් ලබාගෙන විවෘත පාර්ලිමේන්තු මූලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය මගින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ඉදිරි වැඩසටහන් සැළසුම් කිරීම මෙහිදී සිදුවිය. ඒ අනුව විවෘත රාජ්‍ය සහ විවෘත පාර්ලිමේන්තු සංකල්පය සවිස්තරාත්මකව හඳුන්වාදීම මෙහිදී සිදුවිය. විවෘත පාර්ලිමේන්තු ක්‍රියාවලිය මගින් පාරදෘශ්‍යබව (Transparency), වගවීම (Accountability), සහභාගීත්වය (Participation) සහ සියලු පාර්ශ්ව සඳහා අවස්ථාව හිමිවීම (Inclusivity) යන ප්‍රධාන මූලධර්මයන් ඔස්සේ රටේ මහජනතාවට පාර්ලිමේන්තුව වඩාත් සමීප ආයතනයක් බවට පත් කිරීමේ පියවර පිළිබඳව මෙහිදී ‘විවෘත පාර්ලිමේන්තු ක්‍රියාදාමයේ ජාතික උපදේශ’ ඇන්ජලීනා හර්මන් මිය කරුණු ඉදිරිපත් කළාය. තවද විවෘත පාර්ලිමේන්තු සංකල්පය ක්‍රියාත්මක ලොව විවිධ රටවල් සහ ඊට අදාළ ක්‍රමවේදයන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. එසේම 2015 වසරේදී මුල් වරට මෙම සංසදය ස්ථාපිත කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ජනතාවට වඩාත් සමීප ආයතනයක් බවට පත්කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න මහතා විසින් කරුණු පැහැදිළි කරන ලදී. තවද, පළාත් පාලන ආයතනවල කමිටු ක්‍රමය සහ ඒවායේ මහජන සහභාගීත්වය වැඩි කිරීම පිළිබඳව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රධාන නීති නිලධාරී ගයනි ප්‍රේමතිලක මහත්මිය දැනුවත් කිරීමක් ද සිදු කළාය. මෙහිදී සම්පත් දායකයන් සහ සංසදයේ සාමාජික මන්ත්‍රීවරයන් අතර දැනුම, අදහස් හුවමාරු කර ගැනීම සිදුවූ අතර ඒ අනුව සංසදයේ ඉදිරි වැඩපිළිවෙල සහ ඊට අදාළ ක්‍රියාකාරි සහ උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීම සිදුවිය. මෙහිදී අදහස් දක්වමින් සංසදයේ සම සභාපතිවරුන් වන විද්‍යා හා තාක්ෂණ ගරු අමාත්‍ය (මහාචාර්ය) ක්‍රිෂාන්ත අබේසේන සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් යන මහත්වරුන් අවධාරණය කළේ මහජනතාවට වඩාත් සමීප පාර්ලිමේන්තුවක් සඳහා අවශ්‍ය මැදිහත්වීම සිදු කිරීමට විවෘත පාර්ලිමේන්තු මූලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය කටයුතු කරන බවයි. මෙම අවස්ථාවට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වෙස්ට්මිනිස්ටර් පදනමේ (WFD) මෙරට අධ්‍යක්ෂ සංජේ විග්නරාජා මහතා සහ සියලු පාර්ශ්ව සඳහා අවස්ථාව ලබාදීම සඳහා වූ සන්ධානය (CII) නියෝජනය කරමින් ඩිලාෂිනී අඟුනවෙල මහත්මිය ද සහභාගී වූහ.
2026-03-06
ආබාධ සහිත පුද්ගලයන් සඳහා සේවා සැපයීම වැඩිදියුණු කිරීම පිළිබඳ දිස්ත්‍රික් මට්ටමේ අදහස් ලබාගැනීම සඳහා වූ විශේෂ වැඩසටහන් මාලාවේ තෙවැන්න පසුගියදා (පෙ.බ. 27) මඩකලපුව දිස්ත්‍රික්කයේදී සාර්ථකව පැවැත්විණි. දසවැනි පාර්ලිමේන්තුවේ ‘ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ’ මූලිකත්වයෙන් මඩකලපුව මහ නගර සභා ශාලාවේදී පැවත්විණි.මෙම අදහස් විමසීමේ වැඩසටහන සංසදයේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත සිල්වා මහතා සහ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් ජේ.එස් අරුල්රාජ් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, නියෝජ්‍ය සම සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) පද්මනාදන් සත්‍යලිංගම් මෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, (වෛද්‍ය) ඉලෙයියතම්බි සිරිනාත්, ඥානමුත්තු ශ්‍රීනේසන් සහ කන්දසාමි ප්‍රභු යන මහත්වරු සහභාගී වූහ. තවද මඩකලපුව සහකාර දිස්ත්‍රික් ලේකම් ජී. ප්‍රවීන්, දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී චන්ද්‍රකලා ඥානේෂ්වරන්, ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් නිලධාරීන්, මෙම ක්ෂේත්‍රයේ විශේෂඥයින්, සමාජ සංවර්ධන නිලධාරීන් ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ ආබාධ සහිත පුද්ගලයින්ගේ සංවිධානවල නියෝජිතයින් ද මෙම සාකච්ඡාවලට සහභාගී වූහ. ක්‍රියාකාරී සංගම් 14 ක සහාය ඇතිව මඩකලපුව දිස්ත්‍රික්කයේ ආබාධිත පුද්ගලයින් 9,000 කට වැඩි පිරිසක් ජීවත් වන බවට සංඛ්‍යාලේඛන මගින් මෙහිදී අනාවරණය විය. මඩකලපුව දිස්ත්‍රික් ලේකම් ජේ. එස්. අරුල්රාජ් මහතා විසින් මෙහිදී පෙන්වා දුන්නේ සිසුන් 183 දෙනෙකුට සේවය ලබා දෙන විශේෂ අධ්‍යාපන ඒකක 23 ක පුහුණු ගුරුවරුන් 21 දෙනෙකුගේ අවශ්‍යතාවය ඇතුළු ගැටලු පවතින බවයි. ආබාධිත පුද්ගලයින් සඳහා විධිමත් හැඳුනුම්පත් නිකුත් කිරීම, රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ දුෂ්කරතා සහ පොදු ගොඩනැගිලිවලට ප්‍රවේශවීම සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව ද ඔහු කනස්සල්ල පළ කළේය.මෙහිදී අදහස් දැක්වූ සංසදයේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත සිල්වා මහතා අවධාරණය කළේ, මෙම අදහස් විමසීමේ වැඩසටහන මගින් දයානුකම්පිත සහ සියලු දෙනාට අවස්ථා හිමිවන සමාජයක් ගොඩනැගීම සඳහා පාට පක්ෂ භේදයකින් තොරව සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවයි. ආබාධ සහිත පුද්ගලයින් සඳහා සේවාවන් මනුෂ්‍යත්වය සහ සමානාත්මතාවය මත පදනම්ව ලබා දිය යුතු බව ද ඔහු පැවසීය. ආබාධ සහිත පුද්ගලයන්ට රජයේ රැකියා සඳහා සුදුසුකම් ලැබීමේ විභාග ක්‍රමයේ පවතින බාධාවන් මගහරවාගැනීම සඳහා මාර්තු මාසයේදී අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සම්බන්ධ වීමට සංසදය සැලසුම් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ආබාධ සහිත පුද්ගලයින් මුහුණ දෙන දිගුකාලීන ගැටළු විසඳීම සඳහා කැපවීමෙන් සහ සහයෝගයෙන් කටයුතු කරන ලෙස ඔහු රජයේ සියලු නිලධාරීන්ගෙන් සහ දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටියේය.සංසදයේ නියෝජ්‍ය සම සභාපති වෛද්‍ය පද්මනාදන් සත්‍යලිංගම් මහතා මෙහිදී අදහස් දක්වමින්, මඩකලපුවේ ආබාධ සහිත පුද්ගලයින් හඳුනාගෙන ඔවුන්ට සහාය දීමේ වැදගත්කම අවධාරණය කළේය. විශේෂයෙන් ගැටුම් සහ වෙනත් හේතූන් නිසා ආබාධිතභාවයට පත් පුද්ගලයින් සඳහා ප්‍රමාණවත් පහසුකම් සහ සේවාවන් සහතික කිරීම සඳහා අදාළ ආයතන හරහා සම්බන්ධීකරණ ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය ඔහු පෙන්වා දුන්නේය.දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මෙහිදී අදහස් හා යෝජනා ඉදිරිපත් කරමින් ආබාධ සහිත ප්‍රජාවට සේවා සැපයීමේදී මුහුණදීමට සිදුවන තත්ත්වයන් සහ දෛනික ජීවිතයේදී මුහුණ දීමට සිදුවන ප්‍රායෝගික අභියෝග පෙන්වා දුන්හ. ආබාධ සහිත ප්‍රජාව නියෝජනය කරමින් පැමිණ පිරිස මෙහිදී අදහස් දක්වමින් පෙන්වා දුන්නේ අධ්‍යාපන දීමනා නියමිත දිනයට ලැබීමට සැලැස්වීම, බ්‍රේල් ක්‍රමය පදනම් කරගත් ක්‍රමවේදයන් හරහා දෘශ්‍යාබාධිත අපේක්ෂකයින් සඳහා තරඟකාරී විභාග පැවැත්වීම, රෝහල්වල ප්‍රමුඛතා ප්‍රවේශය ලබා දීම, පොදු ප්‍රවාහනයේ වෙන් කර ඇති ආසනවලට ගරු කරන බව සහතික කිරීම, සහ විශේෂ ප්‍රවේශ මාර්ග හෝ සෝපාන නොමැතිව ඉහළ මහලවල රැස්වීම් බොහෝ විට පවත්වන පළාත් පාලන කාර්යාලවල ප්‍රවේශ්‍යතාව වැඩි දියුණු කිරීම ඇතුළු කරුණු කිහිපයක් ඔවුහු පෙන්වා දුන්හ. මෙහිදී උක්ත ප්‍රජාවට අදාළ සමහර ගැටළුවලට ඒ මොහොතේම අදාළ නිලධාරීන්ට නිකුත් කරන ලද නියෝග ඔස්සේ වහාම විසඳුම් ලබාදුන් අතර, අනෙකුත් කරුණු දිගුකාලීන තිරසාර හා පද්ධතිමය වෙනසක් සිදුකිරීම වෙනුවෙන් ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණයන් සඳහා දිස්ත්‍රික් බලධාරීන් සහ පාර්ලිමේන්තු සංසදය වෙත යොමු කරන ලදී. ආබාධ සහිත පුද්ගලයින්ගේ ගැටළු වලට සෘජුවම සවන් දීමට සහ ඒවා ගැන නිසි අවධානය යොමුකිරීමට මෙන්ම එම ගැටළු සඳහා ප්‍රතිපත්ති මත පදනම් වූ විසඳුම් යෝජනා කිරීම සඳහා රට පුරා දිස්ත්‍රික් මට්ටමේ හමුවීම් පැවැත්වීමට කටයුතු කරන බව සංසදයේ සභාපතිවරයා පැවසීය. ඒ මගින් ශ්‍රී ලංකාව තුළ වෙසෙන උක්ත ප්‍රුරවැසියන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කිරීමට සිය සංසදය කැපවී සිටින බවද ඒ මහතා සඳහන් කළේය.මෙම අවස්ථා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ඕස්ට්‍රේලියානු රජයේ අරමුදල් ආධාර සහිත මැතිවරණ පද්ධති සඳහා වූ ජාත්‍යන්තර පදනම (IFES) එක්ව සංවිධානය කරන ලදී.
2026-02-24
දූත මණ්ඩල ප්‍රධානීන් දෙදෙනෙකුගේ සහ අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ නාමයෝජනාවලට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය.ඒ ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (පෙබ. 20) එම කාරක සභාව පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදීය. ඒ අනුව, ඉතියෝපියා ෆෙඩරල් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ තානාපතිවරිය සහ අප්‍රිකානු සංගමයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ලෙස නම් කරන ලද නිර්මලා ඉන්දුමතී ඩයස් පරණවිතාන මහත්මියගේ සහ ඉරාන ඉස්ලාමීය ජනරජයේ ශ්‍රී ලංකා නව තානාපති ලෙස නම් කරන ලද මහාචාර්ය මොහම්මද් ඉබ්‍රාහිම් ෆසීහා අස්මි මහත්මියගේ නාමයෝජනා සඳහා මෙලෙස පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවී තිබේ.එයට අමතරව, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.ඒ්. විමලේන්තිරරාජා මහතාගේ පත්කිරීම සඳහාද උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවී ඇත.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks
