පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2016-12-10
“මන්ත‍්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග‍්‍රහයෙහි” අවසන් පිටපත ගරු කථානායකතුමා විසින් සභාවේ අනුමතිය සඳහා පිළිගන්වමින් අද දින සභාගත කරන ලදී.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග‍්‍රහයේ අරමුණ වන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුව සම්බන්ධයෙන්, ඔවුන්ගේ ඡන්දදායකයන් සම්බන්ධයෙන් සහ පොදුවේ මහජනයා සම්බන්ධයෙන් සිය වගකීම් ඉටු කරනු පිණිස සිය බලතල කි‍්‍රයාත්මක කිරීම, කාර්ය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම සඳහා ඔවුනට සහාය වීම යි. මන්ත‍්‍රීවරුන්ගේ කාර්ය භාරය, චර්යා රීති, හැසිරීම, පරීක්ෂණ සඳහා කාර්ය පටිපාටිය, දඬුවම් ආදිය විස්තරාත්මකව දක්වන කොටස් දහතුනකින් එය සමන්විත වේ.
ගරු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විසින් ලබාදුන් අදහස් සහ යෝජනා සියල්ල සලකා බලා අවසාන වශයෙන් නීති කෙටුම්පත් සම්පාදකවරයාගේ ද සහාය ඇතිව මෙය සකස් කරන ලදී.
2026-09-23
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පතට ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය ඊයේ (සැප්. 22) සටහන් කළේය.මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2026 අගෝස්තු 04 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.පනත් කෙටුම්පතට අදාළ දෙවැනිවර කියවීමේ විවාදය පසුගිය සැප්තැම්බර් 09 වැනිදා පැවැති අතර, අනතුරුව ඡන්ද විමසීමකින් තොරව එය සම්මත කෙරිණි.ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ස්ථාපිත කරමින් හඳුන්වාදුන් 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබිණි.2009 වසරේදී සම්මත කරන ලද එම පනත මගින් කාලීන අවශ්‍යතා අනුව සන්නද්ධ හමුදා සහ ආරක්ෂක අමාත්‍යාංශය අතර කටයුතු සම්බන්ධීකරණය ඇතුළු කාර්යයන් සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ස්ථාපිත කර තිබිණි.ඒ අනුව මෙම පනත් කෙටුම්පත මගින් 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරද අවසන් වේ.තවද, මෙම පනත ක්‍රියාත්මක වීමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයට අයත් සියලු චංචල හා නිශ්චල දේපළ, ආරක්ෂක විෂය පවරා ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය වෙත පැවරෙනු ඇත.ඒ අනුව, උක්ත පනත් කෙටුම්පත 2026 අංක 22 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත ලෙස බලාත්මක වේ.
2026-09-22
“විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” සහ “අධිකරණ සංවිධාන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ගරු කථානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කරයි“විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” සහ “අධිකරණ සංවිධාන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (සැප්. 22) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.එම නිවේදනය පහත පරිදි වේ;ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” සහ “අධිකරණ සංවිධාන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමට කැමැත්තෙමි.ඒ අනුව,• ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව, "විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය" නමැති පනත් කෙටුම්පතේ විධිවිධාන හෝ එහි කිසියම් කොටසක් සඳහා ජනමත විචාරණයකදී ජනතා අනුමැතිය ලබාගැනීම අවශ්‍ය නොවේ.• "විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය" නැමැති පනත් කෙටුම්පතේ 2 වගන්තියේ සඳහන් ව්‍යතිරේකය තුළ අඩංගු "හැට හතට එලඹෙන දිනය" යන වාක්‍ය ඛණ්ඩය, "හැට හත සම්පූර්ණ කළ දිනය" යන වාක්‍ය ඛණ්ඩයෙන් ප්‍රතියෝජනය කළ යුතුය.• "විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය" නැමැති පනත් කෙටුම්පතේ 2 වගන්තියේ දෙවන ව්‍යතිරේකය ලෙස පහත දැක්වෙන ප්‍රතිපාදනය එක් කළ යුතු ය: "එසේම, පළමු ව්‍යතිරේකයේ දක්වා ඇති වසර හයක ධුර කාල සීමාව, මෙම පනත ක්‍රියාත්මක වන දිනයේදී අගවිනිසුරු ධුරය දරන කිසිදු තැනැත්තෙකුට අදාළ නොවිය යුතුය." ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත.ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් තීරණය කර ඇත්තේ;• "අධිකරණ සංවිධාන (සංශෝධන)" පනත් කෙටුම්පතේ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවත්, එය පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත් ය.ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින පාර්ලිමේන්තුවේ කටයුතු දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු යැයි මම නියෝග කරමි.
2026-09-21
සැප්තැම්බර් 22 සිට 25 දක්වා පැවැත්වීමට නියමිත මීළඟ පාර්ලිමේන්තු සතියේ, සැප්තැම්බර් 22 සහ 23 යන දිනවලට අදාළව පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක් සිදු වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි. ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (සැප්. 21) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම කටයුතු තීරණය වී ඇත.මේ අනුව, සැප්තැම්බර් 22 අඟහරුවාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා විවාදයට ගැනීමට තීරණය වී තිබූ අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනි වර කියවීම), සැප්තැම්බර් 23 බදාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා විවාදයට ගැනීමට තීරණය වී ඇත.සැප්තැම්බර් 23 බදාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට තීරණය කර තිබූ ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පනත් කෙටුම්පත ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇති බව ද පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය පවසයි.ඒ අනුව සැප්තැම්බර් 22 අඟහරුවාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා ඛනිජ තෙල් සම්පත් පනත යටතේ අංක 2497/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග විවාදයට ගැනීමටත් අනතුරුව ප.ව 5.00 ට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් වන ට්‍රෙඩ්සෝ සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව වෙත යොමු කිරීමට නියමිතව ඇත.එසේම සැප්තැම්බර් 23 බදාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනි වර කියවීම) සහ බලශක්ති අමාත්‍යාංශයට අදාළ 2026 අංක 05 දරන පරිපූරක ඇස්තමේන්තුව විවාදයට ගැනීමට තීරණය වී ඇත. විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනයා වෙත සහන ලබාදීම සඳහා රුපියල් මිලියන 17,213 ක මූල්‍යමය සහනාධාරයක් ලබා දීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව අනුමත කිරීමට නියමිතය. 2026 වර්ෂය සඳහා රේඛීය අමාත්‍යාංශ (Line Ministries) වෙත වෙන් කර ඇති නමුත්, වසර අවසානය දක්වා උපයෝජනය නොවන බවට හඳුනාගෙන ඇති ප්‍රතිපාදන මගින් මෙම පරිපූරක ඇස්තමේන්තුව සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇත. ඒ අනුව, මෙම ප්‍රතිපාදන මාරු කිරීම 2025 අංක 23 දරන විසර්ජන පනත මගින් අනුමත කරන ලද සමස්ත වියදම් සීමාවට හෝ රජයේ උපරිම ණය ගැනීමේ සීමාවට කිසිදු බලපෑමක් ඇති නොවන පරිදි සිදු කෙරේ.සැප්තැම්බර් 24 සහ 25 යන දිනවලට අදාළව තීරණය කර තිබූ පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක් සිදු නොවන බව ද පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය පවසයි.
2026-09-21
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිසක් 2026 සැප්තැම්බර් 13 සිට 19 දක්වා දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හිදී පැවති 69 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සමුළුවට (CPC) සහභාගී වූ අතර, ප්‍රජාතන්ත්‍රවාදය, ජාත්‍යන්තර නීතිය සහ පාර්ලිමේන්තු මුහුණ දෙන වර්තමාන අභියෝග පිළිබඳ සාකච්ඡාවලට ඔවුහු දායක වූහ.දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තුව සහ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ (CPA) දකුණු අප්‍රිකානු ශාඛාව විසින් සත්කාරකත්වය දක්වන ලද මෙම සමුළුව, “වෙනස් වෙමින් පවතින ලෝක තත්ත්වයක් තුළ ජාත්‍යන්තර නීතිය සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකත්වය” යන තේමාව යටතේ පැවැත්විණි.ශ්‍රී ලංකා නියෝජිත පිරිසෙහි ප්‍රධානියා ලෙස ජනමාධ්‍ය ගරු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙනෙවිය කටයුතු කළ අතර, සමුපකාර සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගරිකා අතාවුද, කේ. ඉලංකුමාරන්, සුගත් වසන්ත ද සිල්වා සහ සුරංග රත්නායක යන මහත්ම මහත්මීන් ද, පාර්ලිමේන්තුවේ මහ ලේකම් සහ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු පරිවර්තක එදිරිසිංහ ආරච්චිගේ අමරසේන මහතා ද නියෝජිත පිරිසට එක් වූහ.මෙහිදී, පොදු රාජ්‍ය මණ්ඩලීය කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංගමයේ (CWP) ආසියානු කලාපීය නියෝජිතවරිය වන ගරු ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙනෙවිය විසින් එම සංගමයේ 10 වැනි සමුළුවේදී “සියලු දෙනා සඳහා නීති සම්පාදනය කිරීම: ක්‍රියාපටිපාටි, භාවිතයන් සහ ප්‍රතිපත්ති තුළ ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව ප්‍රධාන ධාරාවට එක් කිරීම” යන මැයෙන් පැවති වැඩමුළුව මෙහෙයවන ලදී. එහිදී ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව නීති සම්පාදනය, පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටි, කාරක සභා විමර්ශන, අයවැයකරණය සහ නීති සම්පාදනයෙන් පසු සිදු කරන අධීක්ෂණය සඳහා ඇතුළත් කිරීමේ ප්‍රායෝගික ප්‍රවේශයන් පිළිබඳව සාකච්ඡා කෙරිණි..කේප් ටවුන්හිදී 2026 සැප්තැම්බර් 17 වැනි දින පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මාන උළෙලේදී, ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම්, සියලු දෙනාට අවස්ථාව හිමිවන පාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදී සහභාගීත්වය වෙනුවෙන් කළ කැපවීම ඇගයීමට ලක් කරමින්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා පොදු රාජ්‍ය මණ්ඩලීය 2026 නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානයෙන් (CPA New Parliamentarian Award 2026) පිදුම් ලැබීය. ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමට දැක් වූ දායකත්වය ද මෙම සම්මානය මඟින් ඇගයීමට ලක් කෙරිණි.පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා, පොදු රාජ්‍ය මණ්ඩලීය ආබාධ සහිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැඩසටහන නියෝජනය කරමින්, ආබාධ සහිත පුද්ගලයන් ඇතුළත් කර ගන්නා නීති සම්පාදනය සහ නියෝජනය ප්‍රවර්ධනය කිරීමේදී පාර්ලිමේන්තු සහ සිවිල් සමාජයේ කාර්යභාරය පිළිබඳව පැවති සාකච්ඡාවලට සහභාගී විය.මේ අතර, පාර්ලිමේන්තුවේ මහ ලේකම් සහ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු නියෝජනය කරන පාර්ලිමේන්තු නිලධාරීන් එක් වූ 60 වැනි Society of Clerks-at-the-Table (SoCATT) රැස්වීමට සහභාගී වූවාය. එහිදී ආයතනික භාවිතයන් හුවමාරු කර ගැනීම සහ පාර්ලිමේන්තු පරිපාලනය හා ක්‍රියාපටිපාටි සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කෙරිණි.69 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සමුළුව සඳහා ශ්‍රී ලංකාව සහභාගී වීම මගින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ නිලධාරීන්ට පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු නියෝජිතයන් සමඟ සම්බන්ධ වීමටත්, පාර්ලිමේන්තු අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, පොදු වැදගත්කමක් ඇති කරුණු පිළිබඳ සාකච්ඡා සඳහා දායක වීමටත් අවස්ථාව උදා විය. එමෙන්ම, පොදු රාජ්‍ය මණ්ඩලීය අනෙකුත් මහා සභා රැස්වීම් සඳහා සහභාගී වීම මගින්, පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු ජාලයන් තුළ ශ්‍රී ලංකාවේ අඛණ්ඩ ක්‍රියාකාරී සහභාගීත්වය තවදුරටත් පිළිබිඹු කෙරිණි.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks
බාගත කරන්න