බලන්න

E   |     |  

2015 ජනවාරි මස 20 වැනි දින සභාවේ කටයුතු


පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ධීවර සහ ජලජ සම්පත් (සංශෝධන)

1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් අග්‍රාමාත්‍යතුමා සහ ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“සන්ධ්‍යා සිරිවර්ධන පදනම (සංස්ථාගත කිරී‍මේ)”

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සමාජ සේවා අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ගරු අග්‍රාමාත්‍යතුමා හා ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා විසින් කරන ලද ප්‍රකාශය

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1705 ට 2015 ජනවාරි මස 29 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks