බලන්න

E   |     |  

2014 දෙසැම්බර් මස 12 වැනි දින සභාවේ කටයුතු


ගරු (අල්හාජ්) ඒ.එච්.එම්. අස්වර් මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා ගරු අමිර් අලි සිහාබ්දින් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු නියෝජ්‍ය කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) වැනි ව්‍යවස්ථාව සමග කියවිය යුතු 2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ මුද්දර ගාස්තු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2014 සැප්තැම්බර් 30 දිනැති අංක 1882/17 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය


(ii)    2012 සහ 2013 වර්ෂ සඳහා ශ්‍රී ලංකා රේගුවේ
(iii)   2013 වර්ෂය සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ
(iv)   2013 වර්ෂය සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ

කාර්යසාධන වාර්තා


(v)     2010 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ
(vi)    2010 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ
(vii)   2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ
(viii)  2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ

වාර්ෂික වාර්තා


(ix)    2011 වර්ෂය සඳහා සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    ශීග්‍රයෙන් ඉහළ යන රථවාහන අනතුරු පිළිබඳව කරුණු විමර්ශනය කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අතුරු වාර්තාව
(ii)    කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාවේ වාර්තාව

පාර්ලිමේන්තුවට පිළිගන්වන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් තුනක් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 161 සිට 163 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“වාර්ෂික ස්ථාන මාරු මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජනය” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු අජිත් කුමාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1733 ට 2015 ජනවාරි මස 20 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks