පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා විසින් නිෂ්පාදන බදු සම්බන්ධයෙන් සාදන ලදුව 2014 ඔක්තෝබර් 24 දිනැති අංක 1885/42 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය.
(ii) 2011 අංක 17 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතින් අවසන් වරට සංශෝධිත 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 ඇ වගන්තිය යටතේ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා විසින් නිෂ්පාදන බදු සම්බන්ධයෙන් සාදන ලදුව 2014 ඔක්තෝබර් 24 දිනැති අංක 1885/43 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(iii) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි අනුව්‍යවස්ථාව සහ 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය සහ 14 වැනි වගන්තිය සමග කියවිය යුතු එම පනතේ 20 වැනි වගන්තිය යටතේ, ජනාධිපතිවරයා විසින් සාදන ලදුව 2014 ඔක්තෝබර් 24 දිනැති අංක 1885/50 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (2) වැනි ව්‍යවස්ථාව සමග කියවිය යුතු, 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් සාදන ලදුව,
(iv) 2014 අගෝස්තු 11 දිනැති අංක 1875/17 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(v) 2014 අගෝස්තු 14 දිනැති අංක 1875/30 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(vi) 2014 අගෝස්තු 22 දිනැති අංක 1876/42 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(vii) 2014 සැප්තැම්බර් 04 දිනැති අංක 1878/42 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(viii) 2014 ඔක්තෝබර් 24 දිනැති අංක 1885/47 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
පළ කරන ලද නියම.
(ix) (235 වැනි අධිකාරය වන) රේගු ආඥා පනතේ 10 වැනි වගන්තිය යටතේ ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් ඉදිරිපත් කරන යෝජනාව. (2014 ඔක්තෝබර් 24 දිනැති අංක 1885/48 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(x) කලින් කලට සංශෝධනය කරන ලද පරිදි (52 වැනි අධිකාරය වන) සුරාබදු ආඥාපනතේ 22 වැනි වගන්තියෙහි (1) වැනි උපවගන්තිය යටතේ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2014 ඔක්තෝබර් 24 දිනැති අංක 1885/44 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය. (අංක 968, 969, 970, 971 සහ 972 දරන සුරාබදු නිවේදන)
1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14(1) වැනි වගන්තිය යටතේ සෙස් බදු සම්බන්ධයෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා විසින් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව පනවන ලදුව,
(xi) 2014 ඔක්තෝබර් 24 දිනැති අංක 1885/45 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(xii) 2014 ඔක්තෝබර් 24 දිනැති අංක 1885/46 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
පළ කරන ලද නියෝග.
(xiii) 2010, 2011 සහ 2012 වර්ෂ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තා
කාරක සභා වාර්තා පිළිගැන්වීම
රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට පිළිගන්වන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2015) - කාරක සභා අවස්ථාව
2015 විසර්ජන පනත් කෙටුම්පතේ විසි එක්වැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 13 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
(i) තැපැල් කාර්යාල ආඥාපනත යටතේ ව්‍යවස්ථාව
(ii) ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව - 2011
(iii) ජාතික විද්‍යා පදනමේ වාර්ෂික වාර්තාව - 2011
(iv) ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව - 2011
(v) ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වාර්ෂික වාර්තාව - 2011
(vi) ජාතික පර්යේෂණ සභාවේ වාර්ෂික වාර්තාව - 2011
(vii) මූලික අධ්‍යයන ආයතනයේ වාර්ෂික වාර්තාව - 2011
(viii) අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව - 2011
(ix) පරමාණුක ශක්ති අධිකාරියේ වාර්ෂික වාර්තාව - 2011
(x) කාර්මික තාක්ෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව - 2011
(xi) ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ වාර්ෂික වාර්තාව - 2011
(xii) නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයේ වාර්ෂික වාර්තාව - 2011
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“නැණසල මධ්‍යස්ථාන තුළින් ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහ උපාධි මට්ටමේ පරිගණක අධ්‍යාපනය ලබාදීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු (අල්හාජ්) ඒ.එච්.එම්. අස්වර් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1845 ට 2014 නොවැම්බර් මස 20 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks