බලන්න

E   |     |  

2014 නොවැම්බර් මස 15 වැනි දින සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ වාර්ෂික වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    උසස් අධ්‍යාපන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාවේ වාර්තාව
(ii)   මුදල් හා ක්‍රමසම්පාදන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාවේ වාර්තාව
(iii)  ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාවේ වාර්තාව

පාර්ලිමේන්තුවට පිළිගන්වන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2015) - කාරක සභා අවස්ථාව

2015 විසර්ජන පනත් කෙටුම්පතේ දහඅටවැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".

 

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 4 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

(i)    විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ වාර්ෂික වාර්තාව හා  ගිණුම් - 2011
(ii)   ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ වාර්ෂික වාර්තාව හා ගිණුම් - 2011
(iii)  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම් -  2011

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“පළාත් පාලන මැතිවරණ සඳහා කොට්ඨාස ක්‍රමය” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2014 නොවැම්බර් මස 17 වැනි සඳුදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2015]


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks