පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි අනුව්‍යවස්ථාව සහ 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය සහ එම පනතේ 6 වැනි වගන්තිය සහ 14 වැනි වගන්තිය සමග කියවිය යුතු එම පනතේ 20 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලදුව 2014 සැප්තැම්බර් 30 දිනැති අංක 1882/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි අනුව්‍යවස්ථාව සහ 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය සහ 14 වැනි වගන්තිය සමග කියවිය යුතු එම පනතේ 20 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලදුව;
(ii) 2014 ඔක්තෝබර් 02 දිනැති අංක 1882/40 දරන
(iii) 2014 ඔක්තෝබර් 10 දිනැති අංක 1883/16 දරන
අති විශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද නියෝග.
(iv) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වැනි වගන්තිය යටතේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිහිටුවීම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය මත උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2014 ඔක්තෝබර් 20 දිනැති අංක 1885/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(v) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වැනි වගන්තිය යටතේ කොළඹ විශ්වවිද්‍යාලය පිහිටුවීම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය ඇතිව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2014 ඔක්තෝබර් 01 දිනැති අංක 1882/23 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2015) - කාරක සභා අවස්ථාව
2015 විසර්ජන පනත් කෙටුම්පතේ දහවැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට සිය ඡන්දය භාවිතා කිරීමට නොහැකි වීම ආදි ගැටලු” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු සුජීව සේනසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1900 ට 2014 නොවැම්බර් මස 7 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks