පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාවේ
(ii) මහාමාර්ග, වරාය හා නාවික කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාවේ
වාර්තා පාර්ලිමේන්තුවට පිළිගන්වන ලදී.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“චන්ද්‍රකුමාර් සමාජ සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු සිල්වේස්ත්‍රි අලාන්ටින් මහතාට අවසර දෙන ලදී.
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සමාජ සේවා අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2015) - දෙවැනි වර කියවීම (කල් තැබූ විවාදය)
විසර්ජන පනත් කෙටුම්පත (2015) දෙවැනි වර කියවීමේ විවාදයේ හත්වැනි වෙන් කළ දිනය අදයි.
විසර්ජන පනත් කෙටුම්පත (2015) දෙවැනි වර කියවීම සභාව විසින් සම්මත කරන ලදී. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් අනුව ඡන්ද විමසීමක් පවත්වන ලදී. එයට පක්ෂව ඡන්ද 157 ක් ප්‍රකාශ වූ අතර විරුද්ධව ඡන්ද 57 ක් ප්‍රකාශ විය.
විසර්ජන පනත් කෙටුම්පත (2015) පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවට යොමු කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2014 නොවැම්බර් මස 3 වැනි සඳුදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks