E   |     |  

2014 ඔක්තෝබර් මස 30 වැනි දින සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    (190 වැනි අධිකාරය වන) තැපැල් කාර්යාල ආඥාපනතේ අංක 6, 10, 12, 19, 21, 25, 27, 43, 44, 59 සහ 68 වගන්ති යටතේ තැපැල් සේවා අමාත්‍යවරයා විසින් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයාගේ එකඟතාවය ඇතිව සම්පාදනය කරන ලදුව 2014 ජූලි 25 දිනැති අංක 1872/32 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද ව්‍යවස්ථාව

(ii)    2013 වර්ෂය සඳහා මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2015) - දෙවැනි වර කියවීම (කල් තැබූ විවාදය)

විසර්ජන පනත් කෙටුම්පත (2015) දෙවැනි වර කියවීමේ විවාදයේ පස්වැනි වෙන් කළ දිනය අදයි.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ගැටලු” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු අජිත් පී. පෙරේරා මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2015) දෙවැනි වර කියවීමේ විවාදය පැය 1830 ට 2014 ඔක්තෝබර් මස 31 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2015]

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks