E   |     |  

2014 ඔක්තෝබර් මස 25 වැනි දින සභාවේ කටයුතු


පනත් කෙටුම්පත් පිළිගැන්වීම

විසර්ජන (සංශෝධන)

2013 අංක 36 දරන විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2015) - දෙවැනි වර කියවීම (කල් තැබූ විවාදය) (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

විසර්ජන පනත් කෙටුම්පත (2015) දෙවැනි වර කියවීමේ විවාදයේ පළමුවැනි වෙන් කළ දිනය අදයි.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය තහනම් කිරීම සහ ශිෂ්‍යයින්ට පහර දීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු අජිත් කුමාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2015) දෙවැනි වර කියවීමේ විවාදය පැය 1830 ට 2014 ඔක්තෝබර් මස 27 වැනි සඳුදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2015]

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks