පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වැනි වගන්තිය යටතේ නැගෙනහිර විශ්වවිද්‍යාලය පිහිටුවීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය මත උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2014 අගෝස්තු 19 දිනැති අංක 1876/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(ii) 2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ
(iii) 2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ
(iv) 2011 මාර්තු 31 දිනෙන් අවසන්වන වර්ෂය සඳහා ලංකා ලේලන්ඩ් ලිමිටඩ්හි
(v) 2012 මාර්තු 31 දිනෙන් අවසන්වන වර්ෂය සඳහා ලංකා ලේලන්ඩ් ලිමිටඩ්හි
(vi) 2012 වර්ෂය සඳහා කාර්මික තාක්ෂණ ආයතනයේ
වාර්ෂික වාර්තා
කාරක සභා වාර්තා පිළිගැන්වීම
“මෙඩිසිනා ඕල්ටනේටීවා ආයතනය (සංස්ථාගත කිරීමේ)”
නමැති පනත් කෙටුම්පත පිළිබඳව “ඒ” ස්ථාවර කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට පිළිගන්වන ලදී.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
ඩීඑෆ්සීසී බැංකුව (ඉවත් කිරීමේ හා ආනුෂංගික විධිවිධාන)
ඩීඑෆ්සීසී බැංකුව “ඩීඑෆ්සීසී බැංකුව පීඑල්සී” නාමයෙන් සීමාසහිත පොදු සමාගමක් ලෙස ලියාපදිංචි කිරීම පිණිස විධිවිධාන සැලැස්වීම සඳහා ද, එකී ලියාපදිංචි කිරීමට ආනුෂංගික වන විධිවිධාන සැලැස්වීම සඳහා ද, (165 වන අධිකාරය වූ) ඩීඑෆ්සීසී බැංකුව පනත පරිච්ඡින්න කිරීම සඳහා ද; සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා ද විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පතක් ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති
ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය පිහිටුවීම සඳහා ද; ජාතික සංවර්ධන අවශ්‍යතා උදෙසා න්‍යෂ්ටික විද්‍යාව සහ තාක්ෂණය උපයෝගි කර ගැනීම ප්‍රවර්ධනය කිරීම සහ දිරිගැන්වීම සඳහා ද; ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව පිහිටුවීම සඳහා ද; අයනීකාර විකිරණ සහ ප්‍රභවයන්ගේ ප්‍රවේසම සහ ආරක්ෂාව සම්බන්ධිත ක්‍රියාපිළිවෙත් නියාමනය කිරීම සඳහා ද; න්‍යෂ්ටික ආයුධ තහනම් කිරීම සහ ප්‍රවේසම සහ සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ද; 1969 අංක 19 දරන පරමාණුක බලශක්ති අධිකාරිය පනත ඉවත් කිරීම සඳහා ද; ඒ හා සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා ද විධිවිධාන සැලැස්වීම සඳහා ද වූ පනත් කෙටුම්පතක් ගරු තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
"2006 අංක 27 දරන දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත"
ඡන්ද විමසීමක් පවත්වන ලද අතර (පක්ෂව 13; විරුද්ධව 27) ගරු (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතාට ඉහත පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර නොදෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත පනත් කෙටුම්පත් හි දෙවැනි වර කියවීම (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 168, 170 සහ 174 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කර "ඒ" ස්ථාවර කාරක සභාවට (ව්‍යවස්ථාදායක) යොමු කරන ලදී:-
(i) ශ්‍රී ලංකා කෘෂිකර්ම ආයතනය (සංස්ථාගත කිරීමේ)
(ii) ජම් ඉය්යතුස් සහ්වා අල් - හයිරිය්යා (ජස්කා) (සංස්ථාගත කිරීමේ)
(iii) දහම් පාසල් ගුරු අරමුදල (සංස්ථාගත කිරීමේ)
පහත පනත් කෙටුම්පත් හි දෙවැනි වර කියවීම (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 166, 167, 169, 171, 172 සහ 173 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කර "බී" ස්ථාවර කාරක සභාවට (ව්‍යවස්ථාදායක) යොමු කරන ලදී:-
(i) ජයන්තිපුර සුභසාධක සංගමය (සංස්ථාගත කිරීමේ)
(ii) මෙත් සේවා පදනම (සංස්ථාගත කිරීමේ)
(iii) ජයරත්න පදනම (සංස්ථාගත කිරීමේ)
(iv) එම්. කේ. ඒ. ඩී. එස්. ගුණවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ)
(v) අනුර විදානගමගේ ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ)
(vi) අල්හසන් පදනම (සංස්ථාගත කිරීමේ)
කල් තැබීමේ යෝජනාව
“දිවිනැගුම” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු අනුර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2014 ඔක්තෝබර් මස 20 වැනි සඳුදා පැය 1300 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks