E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

2013 වර්ෂය සඳහා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව හා වාර්ෂික ගිණුම්

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට පිළිගන්වන ලදී.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“සත්මෙත්සිත්හවුල සමිතිය (සංස්ථාගත කිරී‍මේ)”

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ජානක වක්කුඹුර මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

කාලාවරෝධ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත

දෙවැනි වර කියවීම සඳහා ගෙන විවාදය මතු දිනකට කල් තබන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2014 අගෝස්තු මස 8 වැනි සිකුරාදා පැය 1330 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks