E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (2) වැනි ව්‍යවස්ථාව සහ 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය සහ 14 වැනි වගන්තිය සමග කියවිය යුතු එම පනතේ 20 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලදුව 2014 ජනවාරි 21 දිනැති අංක 1846/16 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

(ii)    2012 වර්ෂය සඳහා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ කාර්යසාධන වාර්තාව

(iii)    2011 වර්ෂය සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ
(iv)    2012/2013 වර්ෂය සඳහා සීමාසහිත ලංකා පොහොර සමාගමේ

වාර්ෂික වාර්තා

(v)    (203 වැනි අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 21, 22, 23, 24 සහ 24 අ වගන්ති සමග කියවිය යුතු එම පනතේ 237 වැනි වගන්තිය යටතේ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2013 ඔක්තෝබර් 24 දිනැති අංක 1833/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනත යටතේ නියෝග තුනක්

සභාව විසින් සම්මත කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2014 පෙබරවාරි මස 20 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks