බලන්න

E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (2) වැනි ව්‍යවස්ථාව සහ 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය සහ 14 වැනි වගන්තිය සමග කියවිය යුතු එම පනතේ 20 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලද නියෝග;

(i)    2014 ජනවාරි 02 දිනැති අංක 1843/40 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(ii)    2014 ජනවාරි 08 දිනැති අංක 1844/49 දරන අති විශේෂ ගැසට් පත්‍රය

(iii)    2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව

(iv)    (203 වැනි අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 3 සහ 191 වැනි වගන්ති සමග කියවිය යුතු, එකී පනතේ 237 වැනි වගන්තිය යටතේ සහ එම පනතේ 213 ඈ සහ 213 ඉ වගන්ති සමග කියවිය යුතු, එකී පනතේ 237 වැනි වගන්තිය යටතේ සහ එම පනතේ 19 වැනි වගන්තිය සමග කියවිය යුතු, එකී පනතේ 237 වැනි වගන්තිය යටතේ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2013 අප්‍රේල් 11 දිනැති අංක 1805/34 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග


(v)    2010 සහ 2011 වර්ෂ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ
(vi)    2012 වර්ෂය සඳහා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ

කාර්යසාධන වාර්තා

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත

සභාව විසින් සම්මත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“වයස්ගත පුද්ගලයින් සඳහා වැඩි අවස්ථා ලබාදීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු (අල්හාජ්) ඒ.එච්.එම්. අස්වර් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1838 ට 2014 ජනවාරි මස 22 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks