E   |     |  

සභාවේ කටයුතු


පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

(i) "ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ)"

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු වික්ටර් ඇන්ටනි මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සමාජ සේවා අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.


(ii) "ශ්‍රී බාලාභිවෘධි වර්ධන සමිතිය (සංස්ථාගත කිරීමේ)"

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු බුද්ධික පතිරණ මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සමාජ සේවා අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ක්‍රීඩා පනත යටතේ නියෝග

සභාව විසින් සම්මත කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"උතුරු පළාතේ සංවර්ධන වැඩවලට එරෙහිව ඇතැම් දේශපාලන පක්ෂවල ප්‍රචාර" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1902 ට 2013 මාර්තු මස 7 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks