E   |     |  

සභාවේ කටයුතු


"ශ්‍රී ලංකා පරිපාලන සංවර්ධන හා පර්යේෂණ ආයතනය (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම සඳහා ගරු නාමල් රාජපක්ෂ මහතාට අවසර දෙන ලදී.

"ශ්‍රී ලංකා පරිගණක සංගමය (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම සඳහා ගරු තිලංග සුමතිපාල මහතාට අවසර දෙන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

රාජ්‍ය ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය (සංශෝධිත) පනත් කෙටුම්පත

සභාව විසින් සම්මත කරන ලදී.


කල් තැබීමේ යෝජනාව

"කාන්තාවන්ට එරෙහි සමාජ අසාධාරණය" පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු චන්ද්‍රානී බණ්ඩාර ජයසිංහ මහත්මිය විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1930 ට 2012 මාර්තු මස 23 වැනි සිකුරාදා පැය 1330 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks