බලන්න

E   |   த   |  

2026 නොවැම්බර් මස 19 වැනි දින සභාවේ කටයුතු


නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු (වෛද්‍ය) රිස්වි සාලි මහතා මූලසනාරූඪ විය.


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2023 වර්ෂය සඳහා තුරුසවිය අරමුදලේ වාර්ෂික වාර්තාව
(ii)   2025 වර්ෂය සඳහා පුනරුත්ථාපන කාර්යාංශයේ වාර්ෂික වාර්තාව
(iii)  2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ වාර්ෂික වාර්තාව


කාරක සභා වාර්තා පිළිගැන්වීම

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය විසින් පිළිගන්වන ලදී.


මහජන පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ගුණසේන මහතා - පෙත්සම් තුනයි
(ii)   ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ මහතා - පෙත්සම් පහයි 

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ ගැටලු


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත - 2027 - දෙවැනිවර කියවීම (හයවැනි වෙන් කළ දිනය)
(අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 වශයෙන් සඳහන් වන)

අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2027) දෙවැනිවර කියවීමේ විවාදය පැය 1833 ට 2026 නොවැම්බර් මස 20 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.





මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks