බලන්න

E   |   த   |  

2026 නොවැම්බර් මස 18 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සඳහා පාර්ලිමේන්තුවේ දී දින දෙකක ජාත්‍යන්තර වැඩමුළුව
2 : යෝජිත කම්කරු නීති (පනත් කෙටුම්පත්) සම්බන්ධයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමේ සැසිය


මහජන පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතා - පෙත්සම් තුනයි
(ii)   ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පලිහේන මහතා - පෙත්සම් තුනයි
(iii)  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතා - පෙත්සම් දෙකයි 

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා
ජාතික සමාජ සංවර්ධන ආයතනය ජාතික විශ්වවිද්‍යාලයක් සමඟ අනුබද්ධ කිරීම

ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නා ය.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත - 2027- දෙවැනිවර කියවීම (පස්වැනි වෙන් කළ දිනය)
(අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 වශයෙන් සඳහන් වන)


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“පාසල් හා පෙරපාසල් පෝෂණ වැඩසටහන සඳහා අරමුදල් ඉහළ නැංවීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය විසින් යෝජනා කරන ලදී.

අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2027) දෙවැනිවර කියවීමේ විවාදය පැය 1855 ට 2026 නොවැම්බර් මස 19 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.





මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks