පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු (වෛද්ය) ජගත් වික්රමරත්න මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
1 : “ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ලැබී ඇති බව
2 : ගරු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහන
3 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සහ තේරීම් කාරක සභාවේ රැස්වීම්
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2025 වර්ෂය සඳහා ප්රාදේශීය සංවර්ධන බැංකුවේ වාර්ෂික වාර්තාව
(ii) 2025 වර්ෂය සඳහා ජය කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ් හි වාර්ෂික වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන්, එහි සාමාජික මන්ත්රී ගරු නිමල් පලිහේන මහතා විසින් පිළිගන්වන ලදී.
මහජන පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්රිනී නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්රී ආර්. එම්. සමන්ත රණසිංහ මහතා - පෙත්සම් දෙකයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න
(i) ගරු කේ. කාදර් මස්තාන් මහතා
ජපානයේ පැවැත්වෙන 20 වැනි ආසියානු ක්රීඩා උළෙලෙන් ෆාතිමා ශෆියා මිය ඉවත් කිරීම
(ii) ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා
ගුරුවරුන් බඳවා ගැනීම සහ සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්රහණය නොකිරීම
ගරු අග්රාමාත්ය සහ අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යවරිය ඉහත ප්රශ්නයට පිළිතුරු දුන්නා ය.
අමාත්යාංශ නිවේදන
(i) මඩවනයි හි සාම්ප්රදායික තණබිම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් 2026.09.23 දින ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්රශ්නයට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය, ගරු කේ. ඩී. ලාල් කාන්ත මහතා පිළිතුරු ලබා දුන්නේ ය.
(ii) උතුරු සහ නැගෙනහිර පළාත්වල පළාත් පාලන ආයතනවල පවතින මූල්ය හා වෙනත් ගැටලු සම්බන්ධයෙන් 2026.09.25 දින ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්රශ්නයට රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්ය, ගරු (මහාචාර්ය) ඒ. එච්. එම්. එච්. අබයරත්න මහතා පිළිතුරු ලබා දුන්නේ ය.
අද දින සභාවේ ප්රධාන කටයුතු
ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම (අද දින න්යාය පත්රයේ අයිතම අංක 1 වශයෙන් සඳහන් වන)
විවාදයට ගෙන මතු දිනකට කල් තබන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“බෙන්තර, කරන්දෙණිය සහ ඇල්පිටිය නව සංචාරක කලාප ලෙස සංවර්ධනය කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්රී නිශාන්ත පෙරේරා මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1759 ට 2026 නොවැම්බර් මස 03 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks