01

E   |   த   |  

2026 ඔක්තෝබර් මස 20 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
2 : “ශ්‍රී ලංකා ක්‍රිකට්” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව
3 : “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව
4 : දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2025-2029) යටතේ පාර්ලිමේන්තුව වෙත පැවරී ඇති කරුණු ක්‍රියාවේ යෙදවීමට මූලිකත්වය ගැනීමට සහ අධීක්ෂණය කිරීම සඳහා සාමාජිකයින් 13 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීම
5 : ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු පිරවීමේ ප්‍රමාදයන් සම්බන්ධයෙන් විපක්ෂය විසින් ඉල්ලා සිටි පාර්ලිමේන්තු විවාදය
6 : පාර්ලිමේන්තු ප්‍රකාශන ඩිජිටල් ආකාරයෙන් ලබා ගැනීම


කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
•    2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XLIX (49) කොටස;
•    2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ L (50) හා  LI (51) කොටස්; සහ
•    2025 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ VIII (8), IX (9), X (10), XI (11) හා XII (12) කොටස්, තෙවැනි කාණ්ඩයේ VIII (8) IX (9), X (10) හා XI (11) කොටස් සහ නවවැනි කාණ්ඩයේ IV (4), V (5) හා VI (6) කොටස්

(ii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2025 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ VI (6) කොටස, සිව්වැනි කාණ්ඩයේ IV (4) හා V (5) කොටස් සහ පස්වැනි කාණ්ඩයේ V (5) කොටස.


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2024 වර්ෂය සඳහා රණවිරු සේවා අධිකාරියේ වාර්ෂික වාර්තාව.
(ii)    2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් හි වාර්ෂික වාර්තාව.
(iii)    2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලයිෆ් ලිමිටඩ් හි වාර්ෂික වාර්තාව.
(iv)    2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් හි වාර්ෂික වාර්තාව.
(v)    2026 අංක 06 දරන පරිපූරක ඇස්තමේන්තුව.
(vi)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. 
(vii)    1974 අංක 35 දරන සහ 1988 අංක 83 දරන රේගු (සංශෝධන) පනත්වලින් සංශෝධිත (235 වැනි අධිකාරය වූ) රේගු ආඥා පනතේ 19(අ) වගන්තිය යටතේ රේගු ආනයන තීරු බදු සම්බන්ධයෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2026 අගෝස්තු 18 දිනැති අංක 2502/21 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය. 
(viii)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ සහ 70ඇ වගන්ති සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය  යටතේ එස්. එල්. ටී. කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය, ශ්‍රී ලංකා ටෙක්නොලොජි කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය ලෙස නාමය වෙනස් කිරීම සම්බන්ධයෙන් එවකට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2024 මැයි 16 දිනැති අංක 2384/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය. 
(ix)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය විසින් ප්‍රදානය කරන රෙදිපිළි හා ඇඟලුම් අධ්‍යයනය පිළිබඳ විද්‍යාවේදී උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය විසින් සාදන ලදුව, 2025 ජූලි 22 දිනැති අංක 2446/36 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය. 
(x)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය යටතේ   ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ෆොමේෂන් ටෙක්නොලොජි (ගැරන්ටි) ලිමිටඩ් විසින් ප්‍රදානය කරන ගෞරව උපාධි සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය විසින් සාදන ලදුව, 2025 අගෝස්තු 21 දිනැති අංක 2450/40 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය. 
(xi)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය යටතේ කේ.අයි.යූ. කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන කටුචිකිත්සක විද්‍යාව පිළිබඳවෛද්‍ය විද්‍යා ගෞරව උපාධි පාඨමාලාව සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය විසින් සාදන ලදුව, 2025 සැප්තැම්බර් 17 දිනැති අංක 2454/39 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය. 
(xii)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ ද ඇමරිකන් කොලේජ් ඔෆ් හයර් එඩියුකේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන මනෝවිද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය විසින් සාදන ලදුව, 2025 සැප්තැම්බර් 22 දිනැති අංක 2455/06 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය. 
(xiii)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ සහ 70ඇ වගන්ති සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය යටතේ සීමාසහිත ඊසොෆ්ට් මෙට්රො කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගම, ඊසොෆ්ට් යුනි (ප්‍රයිවට්) ලිමිටඩ් ලෙස නාමය වෙනස් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය විසින් පනවන ලදුව, 2025 ඔක්තෝබර් 13 දිනැති අංක 2458/13 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය. 
(xiv)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය යටතේ ශ්‍රී ලංකා ටෙක්නොලොජි කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන ව්‍යාපාර විශ්ලේෂණය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය විසින් සාදන ලදුව, 2025 දෙසැම්බර් 23 දිනැති අංක 2468/08 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය. 
(xv)    2024 වර්ෂය සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව.
(xvi)    2024 වර්ෂය සඳහා සීමාසහිත ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ වාර්ෂික වාර්තාව.
(xvii)    2024 වර්ෂය සඳහා ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව.
(xviii)    2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා කජු සංස්ථාවේ වාර්ෂික වාර්තාව.
(xix)    2025 වර්ෂය සඳහා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(xx)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මධ්‍යම පළාත් සභාව යටතේ පවතින පළාත් පාලන ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. 
(xxi)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ බස්නාහිර පළාත් සභාව යටතේ පවතින පළාත් පාලන ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. 
(xxii)    2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ වාර්ෂික වාර්තාව.
(xxiii)    2025 වර්ෂය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(xxiv)    2025 වර්ෂය සඳහා මහා භාරකාර දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.


කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා විසින් පිළිගන්වන ලදී.
(iii)    රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු ධර්මප්‍රිය විජේසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.


පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ගුණසේන මහතා   
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා           

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා
කාවන්තිස්ස ඇතාගේ මරණය

ගරු පරිසර අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. 

(ii)    ගරු රවී කරුණානායක මහතා
2026 ඔක්තෝබර් 17 වන දින දිවයින පුරා විදුලිය විසන්ධි වීම

ගරු බලශක්ති අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.


අමාත්‍යාංශ නිවේදන

(i)    2026 ඔක්තෝබර් 17 වන දින දිවයින පුරා විදුලිය විසන්ධි වීම සම්බන්ධයෙන් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ බලශක්ති අමාත්‍ය, ගරු අනුර කරුණාතිලක මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

(ii)    කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් පරිසර අමාත්‍ය, ගරු (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.


පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් පහත සඳහන් පනත් කෙටුම්පත් පිළිගන්වන ලදී - 

(i)    විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ - විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් විසින් එල්ල කරන තර්ජන වැළැක්වීමට සහ මැඩපැවැත්වීමට අදාළව වර්ෂ 2014 සැප්තැම්බර් මස 24 වන දින සම්මත කරගන්නා ලද 2178 දරන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක සභා යෝජනා සම්මතය බලාත්මක කිරීම සඳහා සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වූ

(ii)    සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ - ජාතික සීමා ඉක්ම වූ සංවිධානාත්මක අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය බලාත්මක කිරීම සඳහා ද; ඵලදායී ජාතික සහ අන්තර්ජාතික සහයෝගීතාව මගින් බරපතළ අපරාධ වැළැක්වීම, විමර්ශනය කිරීම සහ නඩු පැවරීම සඳහා ද; සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වලින් ඉදිරිපත් වන තර්ජනවලින් සමාජය ආරක්ෂා කිරීම සඳහා ද සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ


ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවට සභාව එකඟ විය - 

කොළඹ වරායේ සිට බහාලුම් 323ක් අනිවාර්‌ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

කොළඹ වරායේ සිට බහාලුම් 323 ක් අනිවාර්‌ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නිරීක්ෂණය කරනු ලැබූ කරුණු, 2025 නොවැම්බර් 19 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මඟින් නියම කර ඇති පරිදි පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය වන බැවින්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102 ප්‍රකාරව එකී කාරක සභාවට ලබා දී ඇති කාලසීමාව,  2026 දෙසැම්බර් 21 දින දක්වා දීර්ඝ කළ යුතු ය.


කල් තැබීමේ යෝජනාව

“රටේ වර්තමාන තත්ත්වය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා විසින් යෝජනා කරන ලදී. 


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1740 ට 2026 ඔක්තෝබර් මස 21 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.



මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks