පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු (වෛද්ය) ජගත් වික්රමරත්න මහතා මූලසනාරූඪ විය.
ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ
1 : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
1 : “ශ්රී ලංකා වරලත් මාධ්ය වෘත්තිකයන්ගේ ආයතනය” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්රේෂ්ඨාධිකරණයේ තීරණය
2 : ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 79 වැනි ව්යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
3 : “විසි දෙවන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව
4 : “දූෂණ විරෝධී (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව
5 : “අධිකරණ සංවිධාන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 154(6) ව්යවස්ථාව ප්රකාරව ─
• 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XLVII (47) කොටස; සහ
• 2025 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ II (2) කොටස
(ii) 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 31(1)(ආ) වගන්තිය ප්රකාරව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සකස් කරන ලදුව, මුදල් විෂයභාර අමාත්යවරයාගේ නිරීක්ෂණ ද සමඟ ඉදිරිපත් කරන ලද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ 2027 වර්ෂය සඳහා අයවැය ඇස්තමේන්තුව.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2024 වර්ෂය සඳහා විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව.
(ii) 2024 වර්ෂය සඳහා ශ්රී ලංකා සබරගමුව විශ්වවිද්යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්.
(iii) 2024 වර්ෂය සඳහා මොරටුව විශ්වවිද්යාලය-ශ්රී ලංකාව හි වාර්ෂික වාර්තාව සහ ගිණුම්.
(iv) 2024 වර්ෂය සඳහා ගම්පහ වික්රමාරච්චි දේශීය වෛද්ය විශ්වවිද්යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්.
(v) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්රියාමාර්ග පිළිබඳ වාර්තාව.
(vi) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ජාතික අධ්යාපන කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්රියාමාර්ග පිළිබඳ වාර්තාව.
(vii) 2024 අංක 44 දරන රාජ්ය මූල්ය කළමනාකරණ පනතේ 24(4) වගන්තිය සහ 2025 අංක 23 දරන විසර්ජන පනතේ 5 වගන්තිය ප්රකාරව, 2026 මාර්තු 13 දින සිට 2026 ජුනි 30 දින දක්වා “වීරමොං ක්රියාපටිපාටිය යටතේ සිදුකරන ලද ප්රතිපාදන මාරු කිරීම්” සම්බන්ධයෙන් වන තොරතුරු පිළිබඳ වාර්තාව.
(viii) 2025 වර්ෂය සඳහා ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(ix) 2025 වර්ෂය සඳහා එවකට නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්යාංශයේ නාගරික සංවර්ධන අංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(x) 2021/2022, 2022/2023 සහ 2023/2024 වර්ෂ සඳහා සී/ස ගල්ඔය වැවිලි (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තා.
(xi) 2024 වර්ෂය සඳහා පොල් සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව
(xii) 2024 වර්ෂය සඳහා ශ්රී ලංකා රාජ්ය වැවිලි සංස්ථාවේ වාර්ෂික වාර්තාව.
(xiii) 2024/2025 වර්ෂය සඳහා සී/ස ශ්රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව.
(xiv) 2025 වර්ෂය සඳහා සමුපකාර සේවක කොමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xv) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ වයඹ පළාත් සභාව සහ ඒ යටතේ වූ ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්රියාමාර්ග පිළිබඳ වාර්තාව.
(xvi) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ උතුරු පළාත් සභාව යටතේ වූ පළාත් පාලන ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්රියාමාර්ග පිළිබඳ වාර්තාව.
(xvii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ නැගෙනහිර පළාත් සභාව යටතේ වූ පළාත් පාලන ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්රියාමාර්ග පිළිබඳ වාර්තාව.
(xviii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ඌව පළාත් සභාව යටතේ වූ පළාත් පාලන ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්රියාමාර්ග පිළිබඳ වාර්තාව.
(xix) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ වයඹ පළාත් සභාව යටතේ වූ පළාත් පාලන ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්රියාමාර්ග පිළිබඳ වාර්තාව.
(xx) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ දකුණු පළාත් සභාව යටතේ වූ පළාත් පාලන ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්රියාමාර්ග පිළිබඳ වාර්තා.
(xxi) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ සබරගමුව පළාත් සභාව යටතේ වූ පළාත් පාලන ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්රියාමාර්ග පිළිබඳ වාර්තාව.
(xxii) 2021 අංක 21 දරන ඛනිජතෙල් සම්පත් පනතේ 17 වගන්තිය සමඟ කියවිය යුතු 48 වගන්තිය යටතේ බලශක්ති අමාත්යවරයා විසින් සාදන ලදුව සහ අමාත්ය මණ්ඩලය විසින් අනුමත කරන ලදුව, 2026 ජූලි 16 දිනැති අංක 2497/37 දරන අති විශේෂ ගැසට් පත්රයේ පළ කරන ලද නියෝග.
(xxiii) 2024 වර්ෂය සඳහා ජාතික සමගිය හා ප්රතිසංධානය සඳහා වන කාර්යාලයේ වාර්ෂික වාර්තාව.
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ තාවකාලික සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) රාජ්ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්රී (වෛද්ය) නජිත් ඉන්දික මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ සරත් කුමාර මහතා
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්රී (වෛද්ය) ජගත් ගුණවර්ධන මහතා
(iii) ගරු පාර්ලිමේන්තු මන්ත්රී තනුර දිසානායක මහතා
(iv) ගරු පාර්ලිමේන්තු මන්ත්රී චන්දිම හෙට්ටිආරච්චි මහතා
(v) ගරු පාර්ලිමේන්තු මන්ත්රිනී නීතිඥ ගීතා හේරත් මහත්මිය
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න
ගරු රවී කරුණානායක මහතා
ශ්රී ලංකාවේ අපනයන සහ ආයෝජන ආදායම
අමාත්යාංශ නිවේදන
ඔලුවිල් වරාය සංවර්ධන ව්යාපෘතියේ විස්තර සම්බන්ධයෙන් 2026.06.24 දින ගරු කේ. කාදර් මස්තාන් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්රශ්නයට වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්ය සහ බලශක්ති අමාත්ය, ගරු අනුර කරුණාතිලක මහතා පිළිතුරු ලබා දුන්නේ ය.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්යවරයා විසින් පහත සඳහන් පනත් කෙටුම්පත් පිළිගන්වන ලදී -
(i) විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) - (218 වන අධිකාරය වූ) විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග ආඥාපනත සංශෝධනය කිරීම සඳහා.
(ii) විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) - (218 වන අධිකාරය වූ) විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග ආඥාපනත සංශෝධනය කිරීම සඳහා.
අද දින සභාවේ ප්රධාන කටයුතු
මෝටර් වාහන පනත යටතේ නියෝග (අද දින න්යාය පත්රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන)
සභාව විසින් අනුමත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“සමාජ මාධ්ය වේදිකාවලින් වයස අවුරුදු 16 ට අඩු දරුවන් ආරක්ෂා කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්රී ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1738 ට 2026 සැප්තැම්බර් මස 9 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks