logo

E   |     |  

2026 අගෝස්තු මස 19 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : “විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” සහ “අධිකරණ සංවිධාන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව 


කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 35(1) වගත්තිය ප්‍රකාරව, විගණකාධිපතිවරයා විසින් මා වෙත ඉදිරිපත් කරන ලද ජාතික විගණන කාර්යාලයේ 2026 වර්ෂය සඳහා වන වාර්ෂික කාර්ය වැඩසටහන, එකී පනතේ 35(5) වගන්තිය ප්‍රකාරව.

(ii)    2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 36(1) වගන්තිය ප්‍රකාරව, විගණකාධිපතිවරයා විසින් මා වෙත ඉදිරිපත් කරන ලද ජාතික විගණන කාර්යාලයේ 2025 වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන සහ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ ස්වාධීන විගණකගේ වාර්තාව, එකී පනතේ 36(3) වගන්තිය ප්‍රකාරව.


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2025 වර්ෂය සඳහා මහජන බැංකුවේ වාර්ෂික වාර්තාව.
(ii)    2025 වර්ෂය සඳහා ලංකා බැංකුවේ වාර්ෂික වාර්තාව.
(iii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. 
(iv)    2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ වාර්ෂික වාර්තාව.
(v)    2024 වර්ෂය සඳහා සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව.


කාරක සභා වාර්තා පිළිගැන්වීම

පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තා දෙකක්, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා විසින් පිළිගන්වන ලදී.


පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා - පෙත්සම් තුනයි 
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා - පෙත්සම් දෙකයි    
              
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා
ජාතික සීමා නිර්ණ කොමිසමේ මුස්ලිම් නියෝජනය 

ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නා ය.

(ii)    ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා
ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් සම්බන්ධයෙන්  


පනත් කෙටුම්පත් පිළිගැන්වීම

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සඳහා වූ

“දූෂණ විරෝධී (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය විසින් පිළිගන්වන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

මුදල් පනත යටතේ යෝජනා සම්මතය (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

සභාව විසින් අනුමත කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් මහතා


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1718  ට 2026 අගෝස්තු මස 20 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks