logo

බලන්න

02

E   |     |  

2026 අගෝස්තු මස 4 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ

1 : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව 


කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
•    2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LVIII (58) කොටස සහ නවවැනි කාණ්ඩයේ XXXII (32) කොටස; 
•    2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LXII (62) හා LXIII (63) කොටස්, තෙවැනි කාණ්ඩයේ XXVIII (28) කොටස සහ නවවැනි කාණ්ඩයේ XLVI (46) කොටස; සහ 
•    2025 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ II (2) කොටස සහ තෙවැනි කාණ්ඩයේ I (1) කොටස


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2024 වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව.
(ii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ආයතන හතක් සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. 
(iii)    2025 අංක 23 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය ප්‍රකාරව 2026.06.01 සිට 2026.06.30 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුව වැය ශීර්ෂ අංක 240 යටතේ සංවර්ධන කටයුතු වැඩසටහනෙන් වෙන්කර ඇති ප්‍රතිපාදන මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන.
(iv)    2023 වර්ෂය සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව.
(v)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. 
(vi)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ආයුර්වේද දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. 
(vii)    2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වාර්ෂික වාර්තාව.
(viii)    2020, 2021 සහ 2022 වර්ෂ සඳහා පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ වාර්ෂික වාර්තා.
(ix)    2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව.
(x)    2024 වර්ෂය සඳහා ජල සම්පත් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව.
(xi)    2025 වර්ෂය සඳහා නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.


කාරක සභා වාර්තා පිළිගැන්වීම

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.


පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා                    
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ යූ. පී. අබේවික්‍රම මහතා                    
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා      
(iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී. ඩී. සූරියබණ්ඩාර මහතා          
          
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)



පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිමය පදනම සහ ඉදිරි ක්‍රියාමාර්ග  

ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. 

(ii)    ගරු රවී කරුණානායක මහතා

ජාතික වශයෙන් ඇති එල් නිනෝ සූදානම සහ ප්‍රතිචාර සැලැස්ම පිළිබඳව



අමාත්‍යාංශ නිවේදන

(i)    මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ජනවර්ග පදනම මත ඉඩම් වෙන් කිරීම සහ උතුරු හා නැගෙනහිර පළාත්වල ජනගහනයට එහි  බලපෑම සම්බන්ධයෙන් 2026.02.19 දින ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය, ගරු කේ. ඩී. ලාල් කාන්ත මහතා පිළිතුරු ලබා දුන්නේ ය.

(ii)    උතුර සහ නැගෙනහිර පළාත්වල සිවිල් ජනතාවට අයත් ඉඩම්වල නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් 2026.07.08 දින ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට ආරක්ෂක අමාත්‍යතුමා වෙනුවෙන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, ගරු මේජර් ‍ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා පිළිතුරු ලබා දුන්නේ ය.


පනත් කෙටුම්පත් පිළිගැන්වීම

2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම සඳහා ද ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ

“ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ)”

නමැති පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකවරයා විසින් පිළිගන්වන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාවට ඉදිරිපත් කරන ලදී:-

(i)    පරිපූරක මුදල,— ශීර්ෂය 240 —  වැඩසටහන 02
- අනුමත කරන ලදී

(ii)    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තීරණය - හෙට දිනට කල් තබන ලදී



සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“සහනදායී ගෙවීම් පදනම මත කුලී නිවැසියන් සඳහා නිවාස යෝජනා ක්‍රමයක්” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා විසින් යෝජනා කරන ලදී. 


අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1803  ට 2026 අගෝස්තු මස 5 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.



මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks