E   |     |  

2026 අප්‍රේල් මස 8 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. 
(ii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. 
(iii)    2023 වර්ෂය සඳහා සී/ස හලාවත වැවිලි සමාගමේ වාර්ෂික වාර්තාව.
(iv)    2024 වර්ෂය සඳහා ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේ වාර්ෂික වාර්තාව.


පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය -  පෙත්සම් හතරයි 
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා - පෙත්සම් දෙකයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)



පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සුළු ජනවාර්ගික හා ආගමික ප්‍රජාවන්ට වෙනස් කොට සැලකීම

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. 

(ii)    ගරු රවී කරුණානායක මහතා
ගනුදෙනු සහ පියවීම් සඳහා ශ්‍රී ලංකාව තුළ දෘඩ මුදල් වර්ග නිල වශයෙන් පිළිගැනීම පිළිබඳ ගැටළු



වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා
ගරු අධිකරණ අමාත්‍යතුමා විසින් සිදුකළ අභිනය


කල් තැබීමේ යෝජනාව

“වර්තමාන තත්ත්වය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ මහතා විසින් යෝජනා කරන ලදී. 


අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1751 ට 2026 අප්‍රේල් මස 9 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.



මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks