පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
1 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2023 වර්ෂය සඳහා ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ වාර්ෂික වාර්තාව.
(ii) 2024 වර්ෂය සඳහා අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව.
(iii) 2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(iv) 2024 වර්ෂය සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
කාරක සභා වාර්තා පිළිගැන්වීම
දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තා හයක්, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා
(iii) - පෙත්සම් තුනයි
(iv) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී බී. ආරියවංශ මහතා
(v) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී එම්. ඒ. සී. එස්. චතුරි ගංගානි මහත්මිය
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු සජිත් ප්‍රේමදාස මහතා
රජයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලියේ ගැටළු
අමාත්‍යාංශ නිවේදන
(i) නාගරික සංවර්ධන ප්‍රදේශ ලෙස ගැසට් කිරීම හේතුවෙන් යාපනයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ අනෙකුත් අය මුහුණ දෙන දුෂ්කරතා සම්බන්ධයෙන් 2025.08.06 දින ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය, ගරු බිමල් රත්නායක මහතා පිළිතුරු ලබා දුන්නේ ය.
(ii) 2009 වසරේ සිට සිදුවූ පුද්ගල ඝාතන සම්බන්ධයෙන් 2026.03.05 දින ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය, ගරු ආනන්ද විජේපාල මහතා පිළිතුරු ලබා දුන්නේ ය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 81 සහ 82 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනා සම්මතය - ඡන්ද විමසීමක් පවත්වන ලදී (පක්ෂව 108; විරුද්ධව 08)
(ii) අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1734 ට 2026 මාර්තු මස 17 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks