04

E   |     |  

2026 පෙබරවාරි මස 17 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : “පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ” සහ “ගෙවල් කුලී (ඉවත් කිරීමේ)” නමැති පනත් කෙටුම්පත් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ
2 : ගරු රියාස් ෆාරුක් මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව.
(ii)    2024 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන, අණුක ජෛවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව.
(iii)    2024 වර්ෂය සඳහා යාපනය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්.
(iv)    2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඉන්ෂූරන්ස් කෝපරේෂන් ලයිෆ් ලිමිටඩ් හි වාර්ෂික වාර්තාව.
(v)    2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඉන්ෂූරන්ස් කෝපරේෂන් ‍ජෙනරල් ලිමිටඩ් හි වාර්ෂික වාර්තාව.
(vi)    2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව.
(vii)    2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2025 දෙසැම්බර් 18 දිනැති අංක‍ 2467/67 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය. 
ස්ථාවර    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ශ්‍රී ජයවර්ධනපුර මහාරෝග්‍යශාලා මණ්ඩලය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. 
(ix)    2021 වර්ෂය සඳහා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව.
(x)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ඉඩම් අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. 
(xi)    2023/2024 වර්ෂය සඳහා ජාතික ලුණු සමාගමේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්.
(xii)    2024 වර්ෂය සඳහා ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ වාර්ෂික වාර්තාව.
(xiii)    2024 වර්ෂය සඳහා ශ්‍රම වාසනා අරමුදලේ වාර්ෂික වාර්තාව.
(xiv)    2024 වර්ෂය සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වාර්ෂික වාර්තාව.


කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තා තුනක්, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා විසින් පිළිගන්වන ලදී.
(iii)    රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතා විසින් පිළිගන්වන ලදී.


පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා                    
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා  -  පෙත්සම් දෙකයි 
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගම්මැද්දෙගේ මහතා                    
(iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අමිල ප්‍රසාද් මහතා                    
(v)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆස්මින් ෂරී‍ෆ් මහතා      
             
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා
අකුරේගොඩ වෙඩි තැබීමේ සිද්ධියෙන් නීතිඥවරයෙකු සහ බිරිඳ මිය යාම

ගරු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. 

(ii)    ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා
මද්‍රසා සහ අරාබි පාසල් පිළිබඳ ගැටළු

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. 



අමාත්‍යාංශ නිවේදන

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු, ප්‍රතිව්‍යුහගත කිරීම් ආදිය සම්බන්ධයෙන් 2026.02.05 දින ගරු රවි කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට බලශක්ති අමාත්‍ය ගරු කුමාර ජයකොඩි මහතා පිළිතුරු ලබා දුන්නේ ය.


පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“ඉන්දිරා පිළිකා පුණ්‍යාධාර භාරය (සංස්ථාගත කිරීමේ)”

නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු හර්ෂණ රාජකරුණා මහතාට අවසර දෙන ලදී.



අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:- 

(i)    පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීමේ දී ඡන්ද විමසීමක් පවත්වන ලදී (පක්ෂව 154; විරුද්ධව 02)
(ii)    මැතිවරණ සම්බන්ධයෙන් වන නීති සමාලෝචනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහාත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පිළිබඳ යෝජනා සම්මතය


සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර මහතා


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1834 ට 2026 පෙබරවාරි මස 18 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks