පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
1 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
2 : “ගෙවල් කුලී (ඉවත් කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ලැබී ඇති බව
3 : “පාර්ලිමේන්තුවේ අයිස් සහ සිගරැට් භාවිත කරන සේවකයන්ට දැඩි ක්‍රියාමාර්ග” යන මැයෙන් ලංකාදීප පුවත්පතේ පළ වූ ලිපිය පිළිබඳව
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ වාර්ෂික වාර්තාව.
(ii) 2024 වර්ෂය සඳහා සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව.
(iii) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2(3) වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2025 නොවැම්බර් 25 දිනැති අංක 2464/14 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(iv) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 5 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2025 දෙසැම්බර් 04 දිනැති අංක 2465/16 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(v) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 සහ 5 වගන්ති යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2025 දෙසැම්බර් 31 දිනැති අංක 2469/12 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(vi) (235 අධිකාරය වූ) රේගු ආඥා පනතේ 10 වගන්තිය යටතේ ආනයන තීරු ගාස්තු සම්බන්ධ යෝජනා සම්මතය
(vii) (2025 නොවැම්බර් 25 දිනැති අංක 2464/15 දරන අති විශේෂ ගැසට් පත්‍රය).
(viii) 2024 වර්ෂය සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(ix) 2016 වර්ෂය සඳහා තේ ශක්ති අරමුදලේ වාර්ෂික වාර්තාව
(x) 2019 වර්ෂය සඳහා ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව.
(xi) 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ වාර්ෂික වාර්තාව.
(xii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවල රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ නැගෙනහිර පළාත් සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා.
(xiii) 2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වාර්ෂික වාර්තාව.
(xiv) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ බලශක්ති අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.
(xv) 2022, 2023 සහ 2024 වර්ෂ සඳහා අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ වාර්ෂික වාර්තා.
(xvi) 2024 වර්ෂය සඳහා “හානිපූරණය සඳහා වන කාර්යාලය - ශ්‍රී ලංකාව” හි වාර්ෂික වාර්තාව.
(xvii) 2024 වර්ෂය සඳහා පුනරුත්ථාපන කාර්යාංශයේ වාර්ෂික වාර්තාව.
(xviii) 2023 වර්ෂය සඳහා ටවර් හෝල් රඟහල පදනමේ වාර්ෂික වාර්තාව.
(xix) 2024 වර්ෂය සඳහා හින්දු සංස්කෘතික අරමුදලේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තා දෙකක්, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතා
(iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතා
(iv) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ මහතා - පෙත්සම් දෙකයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු රවී කරුණානායක මහතා
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු, ප්‍රතිව්‍යුහගත කිරීම් ආදිය
(ii) ගරු කේ. කාදර් මස්තාන් මහතා
පුත්තලම - මන්නාරම මාර්ගය සංවර්ධනය
ගරු ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන්නේ ය.
අමාත්‍යාංශ නිවේදන
(i) රාජ්‍ය විශ්වවිද්‍යාල සහ රජයේ පාසල්වල අධ්‍යයන කාර්ය මණ්ඩලය පිළිබඳ ගැටළු සහ අධ්‍යාපනය ලබාදීමේදී සහ විභාග කාලසටහන් සැකසීමේදී සමානත්මතාවය සහ සාධාරණත්වය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පිළිවෙළින් 2025.10.10 සහ 2025.11.24 යන දිනවල ගරු සජිත් ප්‍රේමදාස මහතා සහ ගරු කේ. කාදර් මස්තාන් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නවලට අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, ගරු ආචාර්ය හරිනි අමරසූරිය පිළිතුරු ලබා දුන්නා ය.
(ii) ඉන්දු - ලංකා නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ ගැටළු සම්බන්ධයෙන් 2025.11.08 දින ගරු රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය, ගරු වසන්ත සමරසිංහ මහතා පිළිතුරු ලබා දුන්නේ ය.
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රියාස් ෆාරුක් මහතා
පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් මත අකුරණ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා විසින් ඔහුට ශාරීරිකව පහර දෙන බවට තර්ජනය කිරීම.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් පනත් කෙටුම්පත් (අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 සිට 3 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
(i) ශ්‍රී ලංකා තථ්‍ය දේපළ වෘත්තිකයන්ගේ ආයතනය – සංශෝධන සහිතව
(ii) කන්ටේනර් ඩිපෝ මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබා දීමේ – සංශෝධන සහිතව
(iii) නැව් නියෝජිතයන්ට, නැව් බඩු ගෙනයන්නන්ට, යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබාදීමේ (සංශෝධන)
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1801 ට 2026 පෙබරවාරි මස 6 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks