E   |     |  

සභාවේ කටයුතු


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාව

1959 අංක 8 දරන පනතින් ද ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 6 දරන පනතින් සහ 1988 අංක 28 දරන පනතින් ද සංශෝධිත (40 වන අධිකාරය වූ) මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වැනි වගන්තිය යටතේ අතිගරු ජනාධිපතිතුමා විසින් ඉහත කී ආඥාපනතේ II වැනි කොටසේ විධිවිධාන 2011 මාර්තු මස 31 වැනි දින සිට ශ්‍රී ලංකාව මුළුල්ලේම ක්‍රියාත්මක කරමින් කරන ලද ප්‍රකාශය ගරු අග්‍රාමාත්‍ය, බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලදුව සම්මත විය.

ඒ අනුව, හදිසි නීතිය තවත් මසකට දීර්ඝ කරමින් හදිසි නීති යෝජනාව වැඩි ඡන්ද 81 කින් සම්මත විය. යෝජනාවට පක්ෂව ඡන්ද 98 ක් ප්‍රකාශ වූ අතර ඊට විරුද්ධව ඡන්ද 17 ක් ප්‍රකාශ විය.


ම‍හේෂ්වරි පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - සලකා බැලීම

සභාව විසින් සම්මත කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1905 ට 2011 අප්‍රේල් මස 8 වැනි සිකුරාදා පැය 1330 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks