E   |     |  

සභාවේ කටයුතු


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2011) - කාරක සභා අවස්ථාව

2011 විසර්ජන පනත් කෙටුම්පතේ දොළොස්වැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".


පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 4 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(i) ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම් 2007
(ii) විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ වාර්ෂික වාර්තාව හා ගිණුම් 2007
(iii) ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ වාර්ෂික වාර්තාව හා ගිණුම් 2006



සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"නීති විද්‍යාල ප්‍රවේශයේ වයස් සීමාව" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු අජිත් පී. පෙරේරා මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1921 ට 2010 දෙසැම්බර් මස 07 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


[අයවැය 2011]

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks