E   |     |  

සභාවේ කටයුතු


ගරු ජානක බණ්ඩාර මහතාට "දාම්පේ,මීගොඩ බෝධිවර්ධනාරාම ශ්‍රී මධුරසාම පිරිවෙන් විහාරස්ථ සංවර්ධන සභාව (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2011) - දෙවැනි වර කියවීම (කල් තැබූ විවාදය)

විසර්ජන පනත් කෙටුම්පත (2011) දෙවැනි වර කියවීමේ විවාදයේ දෙවැනි වෙන් කළ දිනය අදයි.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"කෘෂි උපදේශක සේවාව ස්ථාපිත කිරීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ශාන්ත බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2011) දෙවැනි වර කියවීමේ විවාදය පැය 1835 ට 2010 නොවැම්බර් මස 25 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.


[අයවැය 2011]

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks