පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : “දස්සනා බෞද්ධ සංවිධානය (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්
B : අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂයෙහි කාරක සභා අවස්ථාවේ විවාදය
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XXVI, XXVII, XXVIII, XXIX, XXX, XXXI, XXXII, XXXIII, XXXIV, හා XXXV කොටස්, සිව්වැනි කාණ්ඩයේ IX, X, XI, XII, XIII, XIV හා XV කොටස්, පස්වැනි කාණ්ඩයේ VIII හා IX කොටස් සහ හයවැනි කාණ්ඩයේ IX, X, XI, XII, XIII, XIV, XV, XVI, XVII, XVIII, XIX, XX, XXI, XXII, XXIII, XXIV හා XXV කොටස්
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2019 වර්ෂය සඳහා ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(ii) 2022 වර්ෂය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(iii) 2017, 2018 සහ 2019 වර්ෂ සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ වාර්ෂික වාර්තා
පෙත්සම් පිළිගැන්වීම
ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මිය
(පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු සජිත් ප්‍රේමදාස මහතා
ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ලබාගත් ණය නොගෙවීම
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
(i) විසර්ජන පනත් කෙටුම්පත (2024) - කාරක සභාව
විසර්ජන පනත් කෙටුම්පත - දසවැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය
පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 8 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී. අයිතම අංක 4 සිට 8 දක්වා අයිතමයන් ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කරන ලදී:-
(ii) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව (2021)
(iii) ලංකා විදුලිබල මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2021)
(iv) සහන ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(v) සමාධි භාවනා හා යෝගා මධ්‍යස්ථාන (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(vi) රුහුණු උදානය සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(vii) “මාතර සමය” සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(viii) ශ්‍රී ලංකා ඖෂධ විද්‍යා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ හරහා උපයන වත්කම් රාජසන්තක කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ලලිත් වර්ණ කුමාර මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1828 ට 2023 නොවැම්බර් මස 25 වැනි සෙනසුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks