E   |     |  

සභාවේ කටයුතු


ගරු (පූජ්‍ය) අක්මීමණ දයාරතන හිමියන්ට "හෙළ උදාව ජාතික ව්‍යාපාරය (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.

ගරු අන්ජාන් උම්මා මහත්මියට "පුරාවස්තු සුරැකීමේ සංවිධානය (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 150 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි ජේදය යටතේ යෝජනාව (අතුරු සම්මත ගිණුම - 2010) පිළිබඳ කල්තබන ලද විවාදය


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්වදේශාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් සරත් ෆොන්සේකා මහතා කැඳවීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු මුසම්මිල් මොහොමඩ් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, සභාව පැය 1815 ට 2009 නොවැම්බර් මස 5 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks