පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම
B : ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ලැබී ඇති බව
C : පාර්ලිමේන්තුවේ නව කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් පත් කිරීම
D : “සමාධි ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්
E : “ශ්‍රී බාලාභිවෘධි වර්ධන සමිතිය (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්
F : “පාස්කු ඉරුදින සිදුවූ ප්‍රහාර” සම්බන්ධව ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදු කරන ලද විමර්ශන කටයුතු පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක්
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව
(ii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දසවැනි කාණ්ඩයේ 2022 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ T-20 ලෝක කුසලානය (පිරිමි) ක්‍රිකට් තරඟාවලිය සම්බන්ධ විශේෂ විගණන වාර්තාවේ - II කොටස
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(ii) 2022 වර්ෂය සඳහා පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iii) 2022 වර්ෂය සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iv) 2022 වර්ෂය සඳහා ශ්‍රම වාසනා අරමුදලේ වාර්ෂික වාර්තාව
(v) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 සහ 5 වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2023 මැයි 17 දිනැති අංක 2332/14 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(vi) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 සහ 5 වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2023 මැයි 20 දිනැති අංක 2332/53 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(vii) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 සහ 5 වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් වැඩ බලන මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2023 ජුනි 22 දිනැති අංක 2337/16 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(viii) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2023 ජූලි 13 දිනැති අංක 2340/45 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(ix) රේගු ආඥා පනතේ (235 අධිකාරය) 10 වගන්තිය යටතේ ආනයන තීරු බදු සම්බන්ධ යෝජනා සම්මතය
(2023 ජුනි 16 දිනැති අංක 2336/72 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(x) රේගු ආඥා පනතේ (235 අධිකාරය) 10 වගන්තිය යටතේ ආනයන තීරු බදු සම්බන්ධ යෝජනා සම්මතය
(2023 ජුනි 30 දිනැති අංක 2338/54 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(xi) රේගු ආඥා පනතේ (235 අධිකාරය) 10 වගන්තිය යටතේ ආනයන තීරු බදු සම්බන්ධ යෝජනා සම්මතය
(2023 ජූලි 21 දිනැති අංක 2341/64 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(xii) සංශෝධිත (235 අධිකාරය වූ) රේගු ආඥා පනතේ 107අ(1) වගන්තිය යටතේ තීරු බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2023 අප්‍රේල් 28 දිනැති අංක 2329/46 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xiii) 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 27, 36, 37, 39, 40 සහ 64 වගන්ති සමඟ කියවිය යුතු 71 වගන්තිය යටතේ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව සහ අදාළ නියාමන අධිකාරීන් විමසා, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 ජූලි 07 දිනැති අංක 2339/31 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xiv) 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව, 2023 සැප්තැම්බර් 12 දිනැති අංක 2349/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයෙහි පළ කරමින් කරන ලද ප්‍රකාශනය
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු ටිරාන් අලස් මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු නීතිඥ ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා විසින් පිළිගන්වන ලදී.
(iii) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.
(iv) පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු අජිත් මාන්නප්පෙරුම මහතා විසින් පිළිගන්වන ලදී.
(v) විදේශ රැකියා සහ ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු හෙක්ටර් අප්පුහාමි මහතා විසින් පිළිගන්වන ලදී.
(vi) ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු ඩී. වීරසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.
(vii) ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු ඩී. වීරසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු කුමාරසිරි රත්නායක මහතා
(ii) ගරු ඩී. වීරසිංහ මහතා
(iii) ගරු ජගත් සමරවික්‍රම මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු සජිත් ප්‍රේමදාස මහතා
සමාජ මාධ්‍ය නියාමනය කිරීම සඳහා ගෙන එන පනත් කෙටුම්පත
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) ලියාපදිංචි කිරීමේ පනත යටතේ නියෝග
(ii) කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-
(i) ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා
(ii) ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2023 සැප්තැම්බර් මස 20 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks