E   |     |  

සභාවේ කටයුතු


පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා (සංශෝධන)

ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් 1987 අංක 36 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත සංශෝධනය කිරීම පිණිස වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පරිපූරක මුදල - ශීර්ෂය 149, වැඩසටහන 2: (රු. 200,000,000) - කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය

සභාව විසින් සම්මත කරන ලදී.


මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාව

1959 අංක 8 දරන පනතින් ද ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 6 දරන පනතින් සහ 1988 අංක 28 දරන පනතින් ද සංශෝධිත (40 වන අධිකාරය වූ) මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වැනි වගන්තිය යටතේ අතිගරු ජනාධිපතිතුමා විසින් ඉහත කී ආඥාපනතේ II වැනි කොටසේ විධිවිධාන ශ්‍රී ලංකාව මුළුල්ලේම 2009 ජූලි මස 02 වැනි දින සිට ක්‍රියාත්මක කරමින් කරන ලද ප්‍රකාශය ගරු අග්‍රාමාත්‍ය, අභ්‍යන්තර පරිපාලන අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලදුව සම්මත විය.

ඒ අනුව, හදිසි නීතිය තවත් මසකට දීර්ඝ කරමින් හදිසි නීති විවාදය වැඩි ඡන්ද 92 කින් සම්මත විය. යෝජනාවට පක්ෂව ඡන්ද 103 ක් ප්‍රකාශ වූ අතර ඊට විරුද්ධව ඡන්ද 11 ක් ප්‍රකාශ විය.


අනතුරුව, සභාව පැය 1627 ට 2009 ජූලි මස 8 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks