E   |     |  

2022 දෙසැම්බර් මස 08 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා නම් කළ මන්ත්‍රීන්
B : ආර්ථික ස්ථා‍යීකරණය පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා නම් කළ මන්ත්‍රීන්      
C : ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා නම් කළ මන්ත්‍රීන්      
D : ඒකාබද්ධ වාර්ෂික මහා සභා රැස්වීම   

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2018 වර්ෂය සඳහා හෝමියෝපති වෛද්‍ය සභාවේ වාර්ෂික වාර්තාව
(ii)    2016 සහ 2017 වර්ෂ සඳහා තල් සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තා

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තා දෙකක්, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු විදුර වික්‍රමනායක මහතා         
(ii)    ගරු රංජිත් සියඹලාපිටිය මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
රටේ පවතින දරිද්‍රතාවය සහ මන්දපෝෂණය

 

අමාත්‍යාංශ නිවේදන

ශ්‍රී ලංකා ටෙලිකොම්, ලං.වි.ම. සහ අනෙකුත් ආයතන විකිණීම සම්බන්ධයෙන් 2022.12.02 දින ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමියන් විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වෙනුවෙන්, මුදල් රාජ්‍ය අමාත්‍ය, ගරු රංජිත් සියඹලාපිටිය මහතා විසින් පිළිතුරු සපයන ලදී.

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

 (262 වන අධිකාරය වූ) පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත; 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත; 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත සහ 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනත යටතේ පවත්වනු ලබන සෑම ඡන්ද විමසීමක ම හෝ මැතිවරණයක ම අපේක්ෂකයන් විසින් දරනු ලබන වියදම් නියාමනය කිරීම පිණිස සහ ඊට සම්බන්ධ සහ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා වූ

“මැතිවරණ වියදම් නියාමනය කිරීමේ”

නමැති පනත් කෙටුම්පත ගරු අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

(i)    විසර්ජන පනත් කෙටුම්පත (2023) - කාරක සභාව

විසර්ජන පනත් කෙටුම්පත - විසිවැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය

විසර්ජන පනත් කෙටුම්පත (2023) (අයවැය) සභාව විසින් සංශෝධන සහිතව වැඩි ඡන්ද 43 කින් (පක්ෂව 123; විරුද්ධව 80) සම්මත කරන ලදී.

 

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 26 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(ii)    අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය
(iii)    එකතු කළ අගය මත බදු පනත යටතේ නියමයන් දෙකක්
(iv)    මුදල් පනත යටතේ නියෝගය
(v)    ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි හයක්
(vi)    විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් පහක්
(vii)    රේගු ආඥාපනත යටතේ යෝජනා සම්මතයන් තුනක්
(viii)    වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියමයන් දෙකක්
(ix)    විදේශ විනිමය පනත යටතේ යෝජනා සම්මතය
(x)    කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත යටතේ නියමය
(xi)    කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත යටතේ නියෝග
(xii)    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග දෙකක්

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1914 ට 2022 දෙසැම්බර් මස 09 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2023]

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks