E   |     |  

2022 නොවැම්බර් මස 29 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු නීතීඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තා, එම කාරක සභාවේ සභාපති,    ගරු ප්‍රසන්න රණතුංග මහතා විසින් පිළිගන්වන ලදී.
(iii)    සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් පිළිගන්වන ලදී.
(iv)    මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන්, ගරු රංජිත් සියඹලාපිටිය මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු විදුර වික්‍රමනායක මහතා                    
(ii)    ගරු නීතිඥ මධුර විතානගේ මහතා    
                
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
ඉදිකිරීම් ක්ෂේත්‍රය මුහුණපා ඇති ගැටලු

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු ප්‍රසන්න රණතුංග මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

අමාත්‍යාංශ නිවේදන

(i)    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් 2022.11.17 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට සෞඛ්‍ය අමාත්‍ය සහ ජල සම්පාදන අමාත්‍ය, ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් පිළිතුරු සපයන ලදී.

(ii)    ආනයනය කරන ලද කිරි පිටි තොගයක් රේගුවේ රඳවා තබාගැනීම සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වෙනුවෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ගරු රංජිත් සියඹලාපිටිය මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

(i)    විසර්ජන පනත් කෙටුම්පත (2023) - කාරක සභාව

විසර්ජන පනත් කෙටුම්පත - දහතුන්වැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ  විෂය අංක 2 සිට 27 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(ii)    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව (2017)
(iii)    රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වාර්ෂික වාර්තාව (2017)
(iv)    විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ වාර්ෂික වාර්තාව (2017)
(v)    ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ වාර්ෂික වාර්තාව (2017)
(vi)    විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ වාර්ෂික වාර්තාව (2018)
(vii)    ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ වාර්ෂික වාර්තාව (2017)
(viii)    ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ වාර්ෂික වාර්තාව (2018)
(ix)    ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ වාර්ෂික වාර්තාව (2018)
(x)    ආයුර්වේද වෛද්‍ය සභාවේ වාර්ෂික වාර්තාව (2018)
(xi)    ආයුර්වේද වෛද්‍ය සභාවේ වාර්ෂික වාර්තාව (2019)
(xii)     දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ  වාර්ෂික වාර්තාව (2018)
(xiii)    හෝමියෝපති වෛද්‍ය සභාවේ වාර්ෂික වාර්තාව (2015)
(xiv)    හෝමියෝපති වෛද්‍ය සභාවේ වාර්ෂික වාර්තාව (2016)
(xv)    රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වාර්ෂික වාර්තාව (2019)
(xvi)    ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ වාර්ෂික වාර්තාව (2016)
(xvii)    දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ  වාර්ෂික වාර්තාව (2016)
(xviii)    දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ  වාර්ෂික වාර්තාව (2017)
(xix)    රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වාර්ෂික වාර්තාව (2016)
(xx)    ආයුර්වේද වෛද්‍ය සභාවේ වාර්ෂික වාර්තාව (2017)
(xxi)    ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ වාර්ෂික වාර්තාව (2015)
(xxii)    විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ වාර්ෂික වාර්තාව (2016)
(xxiii)    වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාවේ වාර්ෂික වාර්තාව (2017)
(xxiv)    ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල හා පශ්චාත් වෛද්‍ය උපාධි පුහුණු මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව (2019)
(xxv)    වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාවේ වාර්ෂික වාර්තාව (2018)
(xxvi)    වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාවේ වාර්ෂික වාර්තාව (2019)
(xxvii)    ආයුර්වේද වෛද්‍ය සභාවේ වාර්ෂික වාර්තාව (2020)

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1946 ට 2022 නොවැම්බර් මස 30 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2023]

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks