බලන්න

E   |     |  

2021 නොවැම්බර් මස 30 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු රොෂාන් රණසිංහ මහතා                    
(ii)    ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
ගෘහස්ථ ගෑස් සිලින්ඩර පිපිරීම්

සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය, ගරු ලසන්ත අලගියවන්න මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන (2022) පනත් කෙටුම්පත - කාරක සභාව

විසර්ජන (2022) පනත් කෙටුම්පත - දහහතරවැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“කෝරළේ පත්තුව මධ්‍යම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සීමා නිර්ණය කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු නසීර් අහමඩ් මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1744 ට 2021 දෙසැම්බර් මස 1 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2022]

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks